කඩා වැටුණු නිෂ්පාදන ආර්ථිකය ?

monson

Well-known member
  • May 7, 2007
    20,998
    19,130
    113
    සමහර අය කියන විදිහට හැත්තෑ හතට කලින් ලංකාවේ විශාල නිෂ්පාදන ආර්ථිකයක් තිබී හැත්තෑ හතෙන් පසුව එය නැති වී ගොස් තිබෙනවා. පැරකුම් යුගය වගේ සියවස් ගණනක් ඈත කාල වකවානු ගැන දැන ගන්න තියෙන්නේ සීමිත මූලාශ්‍ර පමණක් වුනත්, හැත්තෑ හතට කලින් කාලය ඒ වගේ දුරස්ථ කාල වකවානුවක් නෙමෙයි. එම කාලයේ ආර්ථිකය ගැන නිශ්චිත තොරතුරු තිබෙනවා.

    හැත්තෑ හතට පෙර කාලයේ ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය සහ ඒ තුළ නිෂ්පාදන ආර්ථිකයේ දායකත්වය පහත වගුවේ හරියටම තිබෙනවා. 1976 වර්ෂය ගත්තොත් නිෂ්පාදන ආර්ථිකය රුපියල් මිලියන 3,527.6ක් පමණයි. ඩොලරයක් රුපියල් 8.41 ලෙස ගත්තහම ඩොලර් මිලියන 419.5ක්. 1976 ඩොලරයක් 2022 ඩොලර් 5.14ක් පමණ වටිනවා. ඒ අනුව, මෙම නිෂ්පාදිතයේ 2022 වටිනාකම ඩොලර් මිලියන 2,156ක් වෙනවා.

    හැත්තෑ හතට කලින් ලංකාවේ තිබුණු ඩොලර් මිලියන 2,156ක නිෂ්පාදන ආර්ථිකය හැත්තෑ හතෙන් පස්සේ නැති වෙලා ගියාද?

    දැවැන්ත ආර්ථික අර්බුදයක් ඇවිත් ආර්ථිකය විශාල ලෙස සංකෝචනය වුනාට පස්සෙත්, 2022දී ලංකාවේ කාර්මික නිෂ්පාදිතය රුපියල් බිලියන 7,309ක්. ඩොලර් මිලියන 22,517ක්. ඒ කියන්නේ රටේ නිෂ්පාදන ආර්ථිකය හැත්තෑ හතට කලින් තිබුණු ප්‍රමාණය මෙන් දහ ගුණයකටත් වඩා වැඩියි. මේ මට්ටමේ තිබෙන්නේ වසර තුළ පමණක් 16%ක අඩු වීමක් සිදු වුනාට පස්සේ.

    හැත්තෑ හතෙන් පස්සේ සමහර අකාර්යක්ෂම රාජ්‍ය ආයතන වැහිලා ගියා. නමුත් පෞද්ගලික අංශයේ මූලිකත්වයෙන් සමස්තයක් ලෙස නිෂ්පාදන ආර්ථිකය විශාල ලෙස වර්ධනය වෙන එකයි වුනේ. ඒ කාලයේ නිෂ්පාදන ආර්ථිකය කියා කියන්නේ කිසිම තරඟකාරිත්වයක් නොතිබුණු, අපනයන වෙළඳපොළක් නොතිබුණු, ආනයන පාලනය නිසාම පමණක් රට ඇතුළේ විකුණා ගත හැකි වූ නිෂ්පාදන. හැත්තෑ හතෙන් පස්සේ හැදෙන්නේ ලෝකය එක්ක තරඟ කළ හැකි, දේශීය වෙළඳපොළට අමතරව ලෝකය පුරාම විකිණිය හැකි නිෂ්පාදන.

     
    • Like
    Reactions: NuwanCK and 2osama

    topkollek

    Well-known member
  • May 22, 2014
    37,983
    1
    50,993
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේ කතාව දැන් මෙහෙම කිව්වට බයි ආණ්ඩුවක් තියෙනකොට මොන්සන්ගෙ ලොක්ක කියන්නෙ නිෂ්පාදන ආර්ථිකය කඩන්වටෙනවා කියල.
     
    • Like
    Reactions: Kumbhakarna22

    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,982
    113
    මේ කතාව දැන් මෙහෙම කිව්වට බයි ආණ්ඩුවක් තියෙනකොට මොන්සන්ගෙ ලොක්ක කියන්නෙ නිෂ්පාදන ආර්ථිකය කඩන්වටෙනවා කියල.
    දැන් තියෙන්නේ බයි ආන්ඩුවක් නෙමෙයිද ? බයියන්ගේ ලොක්ක රනිල් නෙමෙයිද?
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    37,983
    1
    50,993
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දැන් තියෙන්නේ බයි ආන්ඩුවක් නෙමෙයිද ? බයියන්ගේ ලොක්ක රනිල් නෙමෙයිද?
    දැන් තියෙන්නෙ රනිල්ගේ ආණ්ඩුවක්. බයියො unsullied නපුන්සක වහල්ලු විදිහට රනිල්ට අයිතිවුනා