ඒ බ්‍රෑන්ඩ් නේම් එකටම ගහන ෆේක් ඒව ගැන බං කියන්නෙ. බෝට්ටු වලින් එහෙමත් ඕව තොගපිටින් ලංකාවට එනව
ලිංගික උත්තේජක තොගයක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට
නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන්වන ලද ලිංගික උත්තේජක තොගයක් සමග සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
කොළඹ අපරාධ කොට්ඨාසයට අනුයුක්ත බස්නාහිර පළාත් දූෂණ මර්දන ඒකකයට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ 12, කෙසෙල්වත්ත, සිල්වර් ස්මිත් පටුමග ප්‍රදේශයේ පදිංචි 61 හැවිරිදි වියේ පසුවන අයෙකි.
එහිදී සැකකරුගේ නිවසේ ගබඩා කර තිබූ ලිංගික උත්තේජක පෙති 31,750 ක් සහ ලිංගික උත්තේජක ජෙල් පැකට් 259 ක් පොලිස් භාරයට ගෙන ඇත.
වෙනත් පුද්ගලයකුට ලබාදෙන තෙක් එම තොගය මෙලෙස ගබඩාකර තිබූ බව සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී හෙළිවී තිබේ.
වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ඒවා ඉන්දියාවේ සිට ධීවර යාත්‍රා තුළ සඟවා මෙලෙස මෙරටට රැගෙනවිත් ඇති බවය.
සැකකරු මාලිගාකන්ද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.