කතරගම ගිය උන්ට දෙය්යෝ පිහිටයි ....

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    9,772
    2,847
    113
    පසුගිය දිනක කතරගම වන්දනාවේ පැමිණි පුද්ගලයෙකු කොරෝනා ආසාදිතයෙකු බව හඳුනා ගැනීම හේතුවෙන්, ඔහු කතරගම පැමිණ නවාතැන් ගෙන සිටි නිවාඩු නිකේතනය, එහි හිමිකරු, බිරිඳ සහ සේවකයින් ඇතුළු 09 දෙනෙකු ඊයේ (14) දින සිට ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගත් බව කතරගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් දිසානායක මහතා සඳහන් කළා.

    මෙලෙස කතරගම වන්දනාවේ පැමිණී ඇත්තේ රත්මලේ පාර, දිවුලන්කඩවල ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි යුද්ධ හමුදා කෝප්‍රල්වරයෙක්.

    ඔහු පසු ගිය 07 වන දා 20 දෙනෙකුගෙන් පමණ යුත් පිරිසක් සමග කතරගම වන්දනාවේ පැමිණ, අදාළ නිවාඩු නිකේතනයේ නවාතැන් ගෙන, කිරිවෙහෙර හා දේවාලයට ගොස් ආපසු 08 වන දින පිටත්ව ගොස් ඇති බවට සෞඛ්‍ය අමාත්‍යංශය මගින් ඌව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය වෙත දැනුම් දී තිබෙනවා.


    එසේ ම, ඔහු සෙල්ලකතරගම හා අවට ස්ථාන කිහිපයකට ම ගොස් ඇති අතර පුද්ගලයන් රැසක් ද ඇසුරු කර ඇති බවයි

    ඒ අනුව, මෙම කෝප්‍රල්වරයා කතරගම පැමිණි මොහොතේ සිට ඇසුරු කළ පුද්ගලයන් සොයා කතරගම මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් විශේෂ විමර්ශනයක් මේ වන විට ආරම්භ කර තිබෙනවා.

    සෑම පුද්ගලයෙකු ම අත්‍යවශ්‍ය කාරණාවකට හැර නිවසින් බැහැර නොයන ලෙසත්, පුද්ගලයන් ඇසුරු කිරීම ඉතා ප්‍රවේශමින් සිදුකරන ලෙසත්, මුඛ ආවරණ පැළඳීම ඇතුළු සෞඛ්‍ය නීති උපදෙස් පිළිපදින ලෙසත් කතරගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් දිසානායක මහතා ප්‍රදේශවාසී ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    40,158
    1,963
    113
    New caledonia
    කතරගම මහා දෙවොලටත් පොර ගිහිං නං කතරගම දෙයියන්ටත් බෝ වෙන්න ඉඩ තීනවා ඒ යකත් මාස්ක් එකක් වත් දාන්නේ නෑ
     
    • Like
    Reactions: hasithayad