කම්හලෙන් මාලිගයට ගිය සුපර් බෝල් දිනුම

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    11,766
    2,967
    113
    හෙල බිමේ

    කම්මලෙන් මාළිගයට ගිය සුපර්බෝල් ගුඩ්විල්

    ජීවිතේ අපි කාටත් ඕන ගුඩ්විල් එකක්. ඒ ගුඩ්විල් එක වෙනුවෙන් අපි කොයි තරම්නම් දේවල් කරනවද. මේ කියන්න හදන්නේ ලොතරැයියකින් ජීවිතේ ගුඩ්විල් එකක් කර ගත්ත ඇල්පිටියේ ගුඩ්විල් ගැන. ඔහු නමින් ගුඩ්විල් රත්නකුමාර. 2015 වර්ෂයේ සුපර් බෝල් බිහිකළ කෝටි තුනකටත් වැඩි සුපිරි ජයමල්ල දිනපු වාසනාවන්තයා. සුපර්බෝල් ගුඩ්විල්ට කෝටි ගාණක වාසනාව ගේන්න කලින් ඔහු කම්මල්කරුවෙක්.තමන්ගේ තාත්තා කරගෙන ගිය කම්මලේම වැඩ කරපු ගුඩ්විල් ජීවිතේ ගුඩ්විල් එක වෙනුවෙන් කරපු ලොකුම දේලු දවස ගානෙම සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ටිකට් ගත්ත එක. කම්මලටම ගෙනත් දෙන ලොතරැයි දවස ගානෙම ගන්න පුරුදු වෙලා හිටිය ගුඩ්විල්ට සුපර් බෝල් හිතට ඇල්ලුවේ ඒකෙ එක ළග සුපිරි ජයමල්ල යන හින්දලු. එහෙම තමා ගුඩ්විල් අපට කිවේ.

    කොහොමහරි දවසක් ට්‍රයිසිකලයෙන් ලොතරැයි විකුණන ආබාධිත වුනත් මහපොළවට බරක් නැති කරන්දෙණියේ අපේ අජන්ත මහතා ගුඩ්විල්ට සුපර් බෝල් ටිකට් ටිකක් විකුණනවා. දවසකට සාමාන්‍යයෙන් ලොතරැයි පහලොවකට වැඩිය ගන්න ගුඩ්විල්ගේ මේ වාසනාව එදා දුන්න ටිකට් ගොන්නේ තියෙන්න ඇති කියලා ඒ අලෙවි සහායක මහත්තයා හිතන්න නැතුව ඇති. හැබැයි තමන්ට කවමදාක හරි සුපිරි ත්‍යාගය ලැබෙයි කියන බලාපොරොත්තුව ගුඩ්විල්ගේ හිතේ නම් හැමදාම හොල්මන් කළාලු. හිතුවා වගේම එදා රාත්‍රියේ සුපර් බෝල් බිහිකරපු සුපිරි කෝටිපතියා වෙන්න ගුඩ්විල්ට පුළුවන් වුණේ ලොතරැයි වෙනුවෙන් වියදම් කරපු හැම සතේටම පොලියත් එක්ක දිනලා. හැමදා නියං එකදා වැහි වලාවේ කියන්නේ ඔන්න ඕකටයි.

    ඒ වැහැපු වාසනාවේ වැස්සට ගුඩ්විල් කම්මලෙන් එතෙර වෙනවා. ආයෙ ගුඩ්විල්ට කම්මලේ යකඩ තලන්න ඕන වෙන්නේ නෑ. බලාගෙන ඉද්දී ගුඩ්විල්ගේ හැම හීනයක්ම සැබෑ වෙනවා. ලස්සන ගෙයක්,වාහනයක් තමන්ටම කියලා ව්‍යාපරයන් කිහිපයක් ගොඩනගා ගන්න ඔහුට හැකිවෙනවා. අනාගතය දිහා මොළෙන් බලපු ගුඩ්විල් බස් රථයක් මිළදී අරගෙන ඒක පාරට දාන්නේ ලොකු ආයෝජනයක් විදියට. ඒ වගේම කළගුණ අමතක නොකරපු ගුඩ්විල් ඒ විශාල බස් රථයට තියන නම තමා “සුපර් බෝල් - සුපර් ලයින්”. බස් එකේ ඒ නම මගියෙක් කියන කියන වාරයක් ගානේ ගුඩ්විල්ට සුපර් බෝල් තමන්ගේ ජීවිතේ වෙනස් කරපු හැටි මතක් වෙනවලු. එහෙම මතක් වෙද්දී ගුඩ්විල් කරන්නේ තව තවත් සංවර්ධන ලොතරැයි මණ්ඩලයේම ටිකට් වැඩි වැඩියෙන් මිලට ගන්න එකලු.

    ජීවිතේ ගොඩක් දුක් කම්කටොළු වලින් බැට කාපු ගුඩ්විල්ට සුපර් බෝල් ගෙනාව වාසනාව හීනයක් වගේ. හැබැයි ඒක හැබෑ වුණ හීනයක්. ඒ හීනේ එදාට වඩා අද ගුඩ්විල්ට කොයි තරම් හයියක්ද.බාහිර ලෝකයේ අභියෝග කොයි මුහුණුවරින් ආවත් අද ගුඩ් විල් ආර්ථිකමය විදියට ස්ථාවරයි. ඒ සිල්ලම සංවර්ධන ලොතරැයි මණ්ඩලයට පින් සිද්ධ වෙන්නයි ! මේ අදහස් දැක්වීම අවසානයේ ගුඩ්විල් සංවර්ධන ලොතරැයි මණ්ඩලයට ස්තුතිවන්ත වුණේ එහෙමයි.

    උත්සාහය , විශ්වාස එක්ක වාසනාවත් ගැළපුන වෙලේ ගුඩ්විල් නතර වුණේ කෝටිපතියෙක් වෙලා. හැබැයි අදටත් ගුඩ්විල් එදා වගේම සුපර් බෝල් මිළදී ගන්නවා. ඒ තමන්ට වාසනාව දුන්න තැන අමතක කරන්නවත්, එක් ජයග්‍රාහණයකින් නවතින්නටවත් ඔහුට අවශ්‍ය නැති නිසා. ජීවිතේ කියන්නේම නොසිතූ මොහොතක නොසිතූ දේවල් උරුම කරන තැනක්. ඒ නිසා අද ඔබ ගන්න ලොතරැයිය හෙට ඔබේ ජීවිතය වෙනස් කරන්න පුළුවන්. අද ඔබේ සියලු ප්‍රශ්න වලට විසදුම ඔබ මිළදී ගන්න ලොතරැයියක තියෙන්න පුළුවන්. අන්න ඒ නිසා ගුඩ්විල් වගේම ඔබේ දෛවය වෙනස් කරන්න පුළුවන් තැනකින් ලොතරැයි මිළදී ගන්න.ගුඩ්විල් නම් කීවේ ඒ තැන සංවර්ධන ලොතරැයි මණ්ඩලයම විතරයි කියලා.