කර්ම විපාකයන් අපි පසු පස පන්නන විදිහ අපූරුවට විස්තර වෙනව. කොපමණ ලස්සන උනත්, මුදල් තිබුනත් කර්මය වලක්වන්න බැහැ කියල කියන එක ඇත්තයි.

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,430
    10,800
    113
    Colombo
    ~ ඉසිදාසි මහරහත් තෙරණිය ~
    මේ ජීවිත කථාව කාන්තා අයට වගේම පිරිමි අයටත් බොහොම ආදර්ශවත් කතා පුවතක්. මේ කතාව හරිම ලස්සනයි. කර්ම විපාකයන් අපි පසු පස පන්නන විදිහ අපූරුවට විස්තර වෙනව. කොපමණ ලස්සන උනත්, මුදල් තිබුනත් කර්මය වලක්වන්න බැහැ කියල කියන එක ඇත්තයි. අපි අපේ ජීවිත හදාගන්න ඕනෙ කියන්නෙ ඒකයි. අපේ දරුවන් අපි හදාගන්න ඕනෙ කියන්නෙත් ඒ නිසාමයි.
    අදටත් මේ වගේ දුක් විඳිනා කාන්තාවන් අපිට හමුවෙනව. ඒ සසර කර්ම විපාකයන්ට අනුව ඔවූන් තාම සසර ගමන යනවා. ඉසිදාසිය වගේ සසර ගමන නවතාගන්න උත්සාහයක් දරන්නෙ නෑ.
    කුසුම් පුරය කියල කියන ලස්සන පාටලී නගරය මේ මහ පොළොවට ආභරණයක්. ශාක්‍ය කුලයේ උපන් ගුණවත් සිල්වත් භික්ෂුණීන් දෙනමක් ඒ නගරෙ වාසය කරනව. ඒ එක භික්ෂුණියකගේ නම ඉසිදාසි. අනෙක් භික්ෂුණිය ගේ නම බෝධි. ඒ දෙන්නම වාසය කරන්නෙ ධ්‍යාන සැපයෙන්. බුදු සමිඳුන් ගේ නිකෙලෙස් ධර්මය ගොඩක් අහල එතෙර වෙලයි ඉන්නෙ.
    දවසක් මේ දෙන්නම පිණ්ඩපාතෙ වැඩල දන් වළදලා දෙපා සෝදාගෙන විවේක සුවයෙන් ඉන්නැත්දි තමයි මේ කතාබහ ඇති වුණේ.
    බොධි භික්ෂුණිය: "ආර්ය වූ ඉසිදාසි, ඔයා හරීම ලස්සන කෙනෙක්. තවම ඉන්නෙ තරුණ වයසෙ. ඔය ලස්සන වයසෙදීම ඔයා මහණ වෙන්න කල්පනා කලේ ගිහි ගෙදර කොයි ආකාරයේ දෝෂයක් දැකලා ද?"
    විවේක තැනකදී මේ විදිහට අසත්දී දහම් දෙසීමේ දක්ෂ වූ ඉසිදාසි භික්ෂුණිය මේ විදිහට පිළිතුරු දුන්නා.
    "එහෙම නම් පින්වත් බොධි, මං මහණ වෙච්ච විදිහ අහගන්න"
    " මගේ තාත්තා සිල්වත් කෙනෙක්. එයා උදේනි නගරයේ ඉන්න සිටුවරයෙක්. මං ඒ ගොල්ලන්ගෙ එකම දුව. ඒ හැම සැප සම්පතක් මත් හැම ආදරයක් මත් ලැබුනෙ මට.
    සාකේත නගරයේ උසස් කුලයකින් මට මංගල යෝජනාවක් ආව. ඒ සිටුවරයාටත් ගොඩාක් වස්තුව තිබුණ. ඒ සිටුතුමාගෙ ලේලිය හැටියට මාව, මගෙ තාත්තා ඒ ගෙදරට පාවා දුන්න.
    ඉතින් මං නැන්දයි මාමයි ලඟට උදේ හවා ගිහින් ඒ ගොල්ලන්ගෙ දෙපා වැන්ද. ඔවුන්ට බොහොම කීකරුව ඔවුන් කියන දේ විතරක්ම කෙරුව.
    මං මගේ ස්වාමියා හරි, සහෝදර සහෝදරියන් හරි, ඒ කවුරු හරි දැක්කොත් මං පුටුවෙන් නැගිටිනවා. මං ඒ ගොල්ලන්ට වාඩි වෙන්න දෙනවා.
    කෑමෙන් බීමෙන් වුණත් , කැවිලි පෙවිලි වලින් වුණත් ඒ ගොල්ලන් කැමති දේ හදල දීල මං එයාලව සතුටු කරවනවා. මං ඒ අයට හොඳටම සැලකුව.
    අවශ්‍ය දේවල් වෙලාවට හොයල බලල උපස්ථාන කරනව. මං මගේම අතින් ස්වාමියාගෙ පා සෝදලයි ගෙට ගත්තෙ. ස්වාමියා ළඟට මං යන්නෙත් වැඳගෙනයි.
    මං පනාවත් සුවඳ විලවුන් වර්ගත්, වෙනත් දේවලුත්, කණ්ණාඩියත් අරගෙන සැමියා ලඟට යනව. මගේ අතින්ම මං එයාව සරසවනව.
    මගෙ අතින්ම මං බත් ඉව්ව. හැලි වලං සේදුව. අම්මා කෙනෙක් තමන්ගෙ එකම දරුවාට සලකනවා වාගේ මං මගේ ස්වාමියාගෙ සියලු කටයුතු නොපිරිහෙලා ඉටු කලා.
    එයාට මං කොයි තරම් ආදරෙන් වැඩකාර කම් කරගෙන හිටියත්, නිහතමානීව සොයා බලා කටයුතු කරගෙන සිටියත්, කම්මැලි නැති සිල්වත් ජීවිතයක් ගෙවන මට ම යි එයා බණින්නෙ. අකටයුතුකම් කරන්නෙ."
    අන්තිමේ දී එයා එයාගෙ දෙමාපියන්ට මෙහෙම කිව්ව. " මම යනව මේ ගෙදර අත් හැර දාල, මේ ඉසි දාසියත් එක්ක පවුල් කන්න මට ඕනෙ කමක් නෑ"
    "පුතේ එහෙම කියන්න එපා, ඔය ඉසිදාසි ඤාණවන්ත කෙනෙක්, වාසනාවන්ත කෙනෙක්, වීරියවන්ත කෙනෙක්, කම්මැලි නැති කෙනෙක්,ඉතින් පුතේ ඔයා මොකටද ඔය ඉසිදාසියට මේ තරම් අකමැති?"
    "ඔව්! ඇය මට වරදක් කරල නෑ. නමුත් මට ඉසිදාසිත් එක්ක පවුල් කන්න ඕනෙ කමක් නෑ, මට ඈව අප්පිරියයි, මට ඇගෙන් වැඩක් නෑ. මං එහෙම නම් ඕගොල්ලන්ටත් නොකියාම මේ ගෙදරින් යන්න යනව"
    ඉතින් නැන්දයි මාමයි එයාගෙ වචනෙ පිළිගත්ත.
    ඒ ගොල්ලො මගෙන් ඇහුව, " දරුවො, ඔයා මොකක්ද අපේ පුතාට කරපු වරද? සැක නැතිව අපිට කියන්න දුව"
    "මං එයාට කිසිම වරදක් කළේ නෑ. හිංසාවක් කලේ නෑ, වැරදි වචනයක් කියලත් නෑ, ආර්යාවෙනි එයා මේ තරම් මාත් එක්ක තරහ වුණාට මං මොකද කරන්නෙ? "
    '' අපේ පුතාව රැක බලාගෙන හිටිය ලස්සන ලක්ෂ්මීව අපේ පවුලට නැති වුණා" කියල ඒ දෙමාපියන් මාව ආයෙමත් අපේ තාත්තා ලඟට ඇරලුවා."
    " ඒ වතාවෙ මගෙ තාත්තා ,අපිට වඩා අඩු බදු ආදායම් භාගයක් ලැබන ධනවත් පවුලකට මාව බන්දලා දුන්න.
    මාසයයි මං ඒ ගෙදර හිටියෙ. මං කීකරු දාසියක් වගේ උපස්ථාන කරත්දි, ද්‍රෝහිකම් නොකරත්දි, සිල්වත්ව සිටිත්දි, ඒ ගෙදරිනුත් මාව අයින් කලා."
    "අන්තිමේ දි මගේ තාත්තා , සිඟමනේ ඇවිද ගිය ඉඳුල් කකා ඉන්න මිනිහෙක් එක්ක ගෙන ආවා. " ළමයෝ ඔය රෙදි කඩමාල්ලයි, ඔය තැටියයි විසිකරාපන්. මගේ දියණිය ගේ සැමියා බවට පත්වෙයන්" කියල ඔහුට කිව්ව.
    ඒ මනුස්සයා මාත් එක්ක ටික කලක් හිටිය. ඉඳලා ඒ මනුස්සයාත් මාව අත් හැරදා යන්න ගියා. ඒ යන දවසේ තාත්තාට මෙහෙම කිව්ව. " මගෙ රෙදි කඩමාල්ලයි, මගෙ තැටියයි මට ආපසු ඕනෙ. මං ආයිමත් සිඟාකන්න පටන් ගන්නවා"
    එතකොට අම්මයි තාත්තයි මෙහෙම කිව්ව " දරුවෝ, මේ ගෙදරින් ඔයාට මොනවද ලැබෙන්නෙ නැත්තෙ? ඕනෙ දෙයක් කියන්න හරිගස්සවල දෙන්නම්."
    එහෙම කියද්දිත් එයා මෙහෙම කියනව " නෑ, මට ජීවත් වෙන්න තාම හයිය තියෙනවා. මට මේ ඉසිදාසිය ගෙන් වැඩක් නෑ. මට ඈත් එක්ක පවුල් කන්න ඕනෙ කමක් නෑ"
    ඉතින් , ඒ ඉඳුල් කන මනුස්සයාත් මාව දාල ගියා. "
    මං තනියම හිතන්න ගත්තා. ඇයි ? මට මෙහෙම උනේ? එක්කෝ මං කාටවත් නොකියාම දිවි නසා ගන්නවා, එහෙම නැති නම් මං මහණ වෙනව.
    විනයධර , බහුශ්‍රැත , සිල්වත් භික්ෂුණියක් හිටියා. ආර්යය වූ ජිනදත්තා භික්ෂුණිය පිණ්ඩපාතේ වඬිනා ගමන් අපේ ගෙදරටත් වැඩියා. එතුමිය දැකල අපි අපේ ආසනේ වාඩිවෙන්න පිළියෙල කලා. එතන හිඳ ගත්ත ඒ භික්ෂුණිය ගේ දෙපා වැඳලා දානෙ පූජා කරගත්තා.
    දන්පැන්වලිනුත්, කැවිලි පෙවිලි වලිනුත් ඇයට සැලකුව. " ආර්යාවෙනි, මාත් කැමතියි මහණ වෙන්ට"
    එතකොට තාත්තා , මට මෙහෙම කිව්ව. " දුවේ ඔයා මේ ගෙදර ඉඳගෙනම ධර්මයේ හැසිරෙන්න, ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට දාන මාන වලින් සලකන්න".
    මං තාත්තා ලඟ වැඳ ගෙන හඬා වැටුණා. මං කරගත්තු පව් තමයි මං මේ විඳවන්නෙ, මේ පව් මං ම දිරවල අවසන් කරල දානව. අනේ! මට ඒකට අවසර දෙන්න " කියල මං හඬා වැටුන.
    ඊට පස්සෙ තාත්ත මට මෙහෙම කිව්ව. " නර ශ්‍රේෂ්ඨ වූ බුදු රජාණන් වහන්සේ යම් උතුම් ධර්මයක් අවබෝධ කළා නම් ඔයත් ඒ උතුම් ධර්මයට පැමිණිලා අවබෝධය ලබා ගන්න. ඒ අමා නිවනටම පත්වෙන්න. "
    මං දෙමාපිය නෑදෑ පිරිසටත් වන්දනා කළා. ඔන්න ඉතින් මාත් මහණ වුණා. මහණ වෙලා හත් දවසින් මාත් ත්‍රිවිද්‍යාව ලබා ගත්තා.
    "මට අතීත ආත්මභාව හතක් සිහි කරන්න පුළුවන්. මං මේ ජීවිතේ විපාක වින්ඳෙ පෙර ආත්මයක කරපු පවක්. මං ඔයාට ඒක කියන්නම්. හොඳට අහගෙන ඉන්න"
    "මීට ආත්මභාව හතකට කලින් ඒරකච්ඡ නගරයේ ගොඩාක් ධනය තියෙන රන් කරුවෙක් වෙලා මං හිටියෙ. ඒ කාලෙ මං තරුණ මදයෙන් මත්වෙලා හිටියෙ. නොයෙක් නොයෙක් කාන්තාවන් පස්සෙ මං ගියා. කම් සැපෙහි ඇලිලමයි හිටියෙ. ඒකෙ ආදීනව දැක්කෙ නෑ".
    මනුස්ස ලෝකෙන් චුත වෙලා මං කෙළින්ම ඉපදුනේ නිරයේ. මං ගොඩාක් කල් නිරයේ දුක් වින්ඳා. එතනින් චුත වෙලා මං උපන්නෙ වැඳිරියකගේ කුසේ.
    එතකොට මං ඉපදිලා දවස් හතයි. ඒ වඳුරු රැළේ නායක වඳුරා මගේ පුරුෂ ලිංගය හූරලා දැම්මා. පර ස්ත්‍රීන් සේවනය කරපු කර්ම විපාකය තමයි මං ඒ වින්දේ.
    මං ඒ ආත්මෙන් මිඳුනාම සින්ධව වනයේ හිටපු එක ඇහැක් අන්ධ වෙච්ච කුදු ගැහුනු බූරු දෙනෙක්ගෙ කුසේ උපන්න. මං කුඩා කාලෙ කර අඹවල මගේ රහසඟේ ඇට තැලුව. දොලොස් අවුරුද්දක් දරුවන් පිටේ තියාගෙන ඇවිද්දා. නමුත් අර ඇටතලාපු තුවාලෙ පිටින්මයි මං හිටියෙ. ඒ තුවාලෙට පණුවො ගහල මං ලෙඩ වුණා. මේ පර ස්ත්‍රීන් සේවනය කරපු විපාකෙ තමයි.
    මං එතනින් චුත වුණා. හරක් වෙළෙන්දෙක් ළඟ හිටපු ගව දෙනකගේ කුසේ මං ඉපදුනා. මං රතුපාට වහු පැටියෙක්. දොලොස්වෙනි මාසෙ දී අර විදිහටම මගේ ලිංගේ ඇට තැලුවා. මං නගුල් උස්සාගෙන ගියා. ගැල් බර කරේ තියාගෙන ගියා. අන්ධයෙක් වගේ මං පර දාර සේවනය කරපු නිසා මාත් අන්ධ වෙලා ලෙඩ වෙලා මැරිල ගියා.
    මං එතනින් චුත වෙලා නගරයේ වීදියේ දාසියකගේ කුලයේ ඊළඟට උපන්නෙ. මේ පරදාර සේවනයේ විපාකෙ බලන්න ආර්යාවෙණි, මං ඒ පාර උපන්නෙ ගැහැනියෙකුත් නොවී පිරිමියෙකුත් නොවී නපුංසකයෙක් ලෙසයි. මං අවුරුදු ගානක් ගොඩාක් දුක් වින්දා. මං අවුරුදු තිහේදී මැරුණා.
    ණය බරින් මිරිකිලා ගිය ගැල් බර ගෙනියන පවුලකයි මං ඊළඟට ඉපදුනේ. ඒ පාර මං ඉපදුනේ ස්ත්‍රියක් ලෙසයි.
    අපේ ගෙදරට ණය ගෙවාගන්න අපිට බැරි වුණා. ගැල් නායකයා මං හඬද්දීම බලෙන් මාව අරගෙන ගියා. එතකොට මට වයස දහසයයි. මං තරුණයි. ඒ ගැල් නායකයාගේ පුතෙක් හිටියා ගිරිදාස කියලා. එයා මාව තමන්ගේ ගෙදරට කැඳවා ගත්තා.
    එයාට හිටියෙ හොඳ සිල්වත් ස්වාමිභක්තිය තියෙන බිරිඳක්. මට ඈ ගැන ඉරිසියා හිතුනා. ඉතින් මං කලේ ඒ බිරිඳ ගැන ස්වාමියා කිපෙන විදිහට කටයුතු කිරීමයි.
    ඉතින් ආර්යාවණි, මං ස්වාමියාට දාසියක් වගේ උපස්ථාන කරද්දී ස්වාමියා මාව අත්හැරල යන්නෙ ඒ අකුසල කර්මයේ විපාක වශයෙන්. මං දැන් ඒ කර්ම සියල්ලම අවසන් කලා. මේ භවකතරෙන් මං සදහටම මිදුන. " කියල ඉසිදාසි මහ රහත් මෙහෙණින් වහන්සේ තම කතාව අවසන් කලා.


     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    5,547
    1
    2,138
    113
    the universe
    ලස්සන වීම,නිරෝගී වීම, ආබාධ නැති වීම හින්ද කර්ම නැති කරන්ඩ නන් නෙමේ යටපත් කරන්ඩ පුලුවන්...උපධි සම්පත්තිය කියන්නෙ ඒකට..
     
    • Love
    Reactions: NRTG