කල්ප කෝටි ගණන් වූ අබුද්ධෝත්පාද කාල පසුකරමින් බුදුවරයකුගේ පහළ වීම අති දුර්ලභ බැවිනුත්..

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,667
    11,083
    113
    Colombo
    සසර කියන්නෙ මහා භයානක තැනක් .කොයි මොහොතේ වෙනස් වෙයිද කියන්න බැහැ.අද බඹලොව දෙව්ලොව සැප විදින කෙනෙක් හෙට අපායෙහි දුක් විදින්න පුළුවන් .රාජ රාජ මහාමාත්‍යාදීන් පවා අද සතුටින් සිටියත් හෙට දුකට පත් වෙන්න පුළුවන් .
    මේ තමයි සසරේ හැටි.
    එසේ නම් මේ අනියත වූ බහුල වූ ගොරබිරම් වූ සසරින් මිදෙනවා හැර වෙනත් කලයුතු දෙයක් නෑ නේද ?
    එයින් මිදෙන්නට කුමක් කල යුතුය ද? පලමුව සසර දුකක් බව තේරුම් ගත යුතුයි .එහි කලකිරීම ඇති කර ගත යුතුයි .ඉන්පසු දුක නැති කරන ප්‍රතිපදාව අනුගත වී කටයුතු කල යුතුය .දුක නැති කිරීම නිවන ලැබෙන ප්‍රතිපදාව හෙවත් ආර්යය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කල යුතුයි.
    සත්‍යවබෝධය කියන්නේ ලෝකයෙහි යථා ස්වභාවය අවබෝධ කර ගැනීමයි.ලෝකය තුලින් ලෝකය දැකීමයි. සමාන්‍යයෙන් අපි ලෝකය කියන්නේ මේ පෘථුවියටයි.නමුත් වඩාත් විමසුම් නුවනින් බැලුවොත් අපි ලෝකය කියන්නේ ඇසට පෙනෙන, කනට ඇහෙන, නහයට දැනෙන ,දිවට දැනෙන ,කයට හැපෙන දේටයි .ඒ දේවල් පිලිබදව සහ තමා සමීපයෙහි ඇති ලෝකය පිලිබදව නිවරදිව තේරුම් ගැනීමයි ලෝකාවබෝධය කියන්නේ .නියම සත්‍යවබෝධය එයයි.
    අපේ බුදුපියාණන් වහන්සේ බොහෝ තැන්වලදී බඹයක් පමණ වූ මේ ශරීරය තුළම ලෝකයද ලෝකයේ හට ගැනීමද ,ලෝකයේ නැතිවීම ද ඒ ලෝකය නැති කරන ප්‍රතිපදාව ද පණවන බව දේශනා කර තිබෙනවා ....
    ------ Post added on Jul 5, 2023 at 8:54 PM

    ...........................................................
    ...........................................................
    මේ ජීවිතයෙන් සියල්ල අවසන් නොවන බැවිනුත්...

    නැවත නැවත ඉපදෙමින් මැරෙමින් කෙළවරක් නැති සසරක් අපට උරුම බැවිනුත්...

    ඒ දීර්ඝ සසරේ ආරම්භයක් හෝ අවසානයක් දැකීමට නොහැකි තරම්ම දීර්ඝ බැවිනුත්...

    මවක්, පියෙක් නොවූ කිසිවකුත් මේ විශ්වයේ නොමැති තරම් වාර ගණනක් අප ඉපිද ඇති බැවිනුත්..

    පස් ස්වල්පයක් ගෙන කඩල ඇටයක් තරම් ගුලියක් සාදා "මේ මගේ ගිය ජීවිතයේ අම්මා" ලෙසින් ආපස්සට එක් මවකට එක් පස් ගුලිය බැගින් වෙන් කරමින් සාදා ගියහොත් මහ පොළොවේ පස් නිම වූවද මව් වූ අය ගණන නිමා නොවන බැවිනුත්...

    එකම කෙනෙක් තම මව වූ වාර ගණන අසීම්ත බැවින් හා, ඒ මව මැරෙද්දී හැඩූ කඳුළු මහා සාගරයට වඩා වැඩි බැවිනුත්..

    අප හරකෙකු වී ඉපිද බෙල්ල කපා මිය යද්දී පමණක් ගලා ගිය ලේ ප්‍රමාණය මහා සාගර ජලයට වඩා වැඩි බැවිනුත්...

    සත්වයන් ප්‍රමාණය මහ පොළොවේ පස් හා සම කළ විට ඉන් යළි සුගතියක් කරා යන්නේ නියපොත්ත උඩට ගත් පස් ප්‍රමාණට තරම් සුළු ප්‍රමාණයක් බැවිනුත්..

    අප ගෙවා පැමිණි සංසාරයේ වැඩිපුරම ගත කර ඇත්තේ මහ ගෙදර ලෙසින් හඳුන්වන සතර අපායේ බැවිනුත්..

    ඒ නිරය ආදී අපායන්හි දුක, සියල්ල දන්නා බුදුරජාණන් වහන්සේට ඇස් දෙකෙන් බලන්නාක් මෙන් පෙනී, කණට ඇසී, ඒ දුක් වේදනා දැනී, නමුත් ඒ දරුණු දුක උපමාවකින්වත් කියන්නට බැරි බව උන් වහන්සේම දේශනා කළ බැවිනුත්..

    මේ ලැබූ මිනිස් ජීවීතය කණ කැස්බෑවකු විය සිදුරෙන් සඳ බලනවාක් මෙන් දුර්ලභ බැවිනුත්...

    කල්ප කෝටි ගණන් වූ අබුද්ධෝත්පාද කාල පසුකරමින් බුදුවරයකුගේ පහළ වීම අති දුර්ලභ බැවිනුත්..

    තවමත් බුද්ධ ශාසනයේ මාර්ගඵල ලබා නිවන් අවබෝධ කොට සසර දුක නිමා කරලීමට හැකියාව පවතින බැවිනුත්...

    කාලය අති සීග්‍රයෙන් ගෙවී යන බැවිනුත්...

    ඉදිරියට එන කාලය , අදට වඩා කෙසේවත් හොඳ නොවන බැවිනුත්...

    අප්‍රමාදීව නිවන පිණිස කටයුතු සම්පාදනය කළ යුතු වන්නේමය..