බැඳලා අවුරුදු 02ක් වෙනවා....යාළුවෙලා අවුරුදු 10ක් වෙනවා .....( අවු8 වෙනකොට බැන්දේ )....අවුරුද්දට අඩු බබෙක් ඉන්නවා ... අපි දෙන්නම ජොබ් කරනවා.
ඇත්තම කියන්නම්..අවුරුදු 08ක් යාළුවෙලා හිටිය කාලේ එන feeling එක නෙවෙයි marry කරාට පස්සේ එන්නේ...එක වෙනම mature feeling එකක් ...හරියට ලොකු responsibility එකක් වගේ ...ආදරය තියෙනවා කලින් වගේම...එත් යාළුවෙලා හිටිය කාලේ වගේ නෙවෙයි චොකලට් දෙන වගේ ඒවා නෙවෙයි ....දැන් නිකන් මගේම පාර්ට් එකක් වගේ...හැම දෙයක්ම share කරගනන්නවා ....අතිශය පුද්ගලික දෙයක් උනත් කතා කරන්න පුළුවන්....
නොගැලපීම් නැත්තේ නෑ ..වෙලාවකට එයා යක්ශනී වෙනවා ...තව වෙලාවකට මම යක්ෂයා වෙනවා .....එත් ඊ ලග දවසේ ඒ ඔක්කොම ඉවරයි....
සාරාංශය ...
ආදරේ කරන කාලේ වගේ වගකීමක් නැතිව හැගීම් වලට ආසාවෙන් තියෙන සීනි බෝල ආදරයක් නෙවෙයි marry කරාට පස්සේ තියෙන්නේ....නොගැලපීම්, ගැටුම්, මත වෙනස් වීම් ඕනි තරම් වෙනවා ...එක තැනෙ හැටියට වැරැද්ද නිවැරදි බව පිළිගන්න දෙදෙනාටම පුළුවන් නම් ලොකුවට ප්‍රශ්න ඉදිරියට ඇදිලා යන්නේ නෑ ..
මගේ wife නම් මට මගේ යාළුවොත් එක්ක ඕනි තැනකට යන්න නිදහස දීලා තියෙන්නේ ...ඒ නිසා wife අපිව තේරුම් ගන්නවා වගේම අපිත් wife තේරුම් ගන්න ඕනි...එයාට කොහේ හරි යන්න ඕනි උනාම එක්කගෙන යන්න ...පොඩි ට්‍රිප් එකක් යන්න මාස දෙක තුනකට සැරයක් හරි...
ආදරය කියන එක සල්ලි නැතිවෙනකොට නෙවෙයි එත් අවශ්‍යතා සපුරාගන්න බැරි වෙනකොට අඩු වෙනවා..නැති වෙනවා නෙවෙයි, ප්‍රශ්නත් එක්ක ආදරය යටපත් වෙලා ප්‍රශ්න වල පීඩනය උඩට එනවා ... මම එකට මුහුණ දුන්නා කොරෝනා හොදටම වැඩි දවස් වල තමයි බබාගේ delivery එක තිබ්බේ ...ඉතින් වැක්සින් එක ගත්තේ නැති එයාව පරිස්සම් කරන්න මාර කට්ටක් කැවා .....stress වැඩි උනා ...එත් කොහොමහරි ගේමක් ගැහුවා....දැන් back to normal ...
සෙක්ස් ලයිෆ් ...
හැමෝම හිතන්නේ බැන්දට පස්සේ wife එක්ක හැමදාම සෙක්ස් කරන්න පුළුවන් කියලා ...එත් අපි වගේම එයටත් ජිවිතේ ප්‍රශ්න, දවසේ වැඩත් එක්ක මනස නිරවුල් වෙන දවස් තියෙනවා නැති දවස් තියෙනවා ...ඒවා අපි තේරුම් අරගෙන මේ දේවල් කරන්න ඕනි...කවදාවත් වැල වීඩියෝ වල තියෙන හැම දෙයක්ම කරන්න යන්න එපා..බලාපොරොත්තු වෙන්නත් එපා ...සල්ලි වලට බඩුවකින් කරන දේවල් ආදරණිය බිරිදගෙන් බලාපොරොත්තු වෙන්න එපා .... සමහර අය පට්ට active / සමහර අය active එත් average level එකෙන් ........
ආදරය කරලා බදිනවා කියන්නේ හරියට test drive එකක් කරලා වාහනයක් ගන්නවා වගේ ...Alto පැදලා BMW තත්වය බලපොරොත්තු වෙන්න එපා ...BMW පැදලා ALTO වගේ ඕනි කට්ටක් කන්න පුළුවන් එකක් බලාපොරොත්තු වෙන්න එපා...වාහනේ level එක දැනගෙන ගන්න.
උපදෙස් ..
01 ) තමන්ගේ සහකාරිය තේරුම් ගන්න
02 ) තමන්ගේ සහකාරිය කියන්නේ තවත් එක කෙල්ලෙක් නොව තමන්ගේම life එකේ half එක කියල හිතාගන්න .
03 ) සහකාරිය කියන්නේ අපි වගේම අව්‍යශ්‍යතා , හැඟීම් දැනිම් තියෙන මනුෂ්‍යයෙක් ....අපේ සෙල්ලම්බඩුවක් නොවෙයි කියලා තේරුම් ගන්න ...
---------------
මට අහන්න තියෙන්නේ මේ වෙද්දී උඹලා කසාද බඳින්න ගත්තු තීරණය ගැන පසු තැවෙනවද කියලා! නැත
නැති නම් ඇත්තටම උඹලා ඒ තීරණය ගත්තු එක ගැන සතුටු වෙනවද? ඔව්
කසාදෙන් පස්සේ උඹලගේ ජීවිතේ වෙනස් වුනා නම් ඒ කොයි විදිහටද? ජිවිතයට අරමුණක් ලැබුනා
තව දෙයක්...හොර ගෑනු , කෙල්ලෝ , බඩු පස්සේ marry කරාට පස්සෙත් යනවා නම් , කවදාවත් එක කසාදය සාර්ථක වෙන්නේ නෑ ...අත්දැකීමෙන් කියන්නේ ....