කාන්තා අපයෝජන චෝදනා ලද දුලිප් සමරවීර ඕස්ට්‍රෙලියා ක්‍රිකට් විමර්ශනයක

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    60,035
    55,748
    113
    dulip-samaraweera-australia


    ඕස්ට්‍රෙලියාවේ වාසය කරන හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක දුලිප් සමරවීර කාන්තා ක්‍රීඩිකාවකට එරෙහිව බරපතල අපයෝජන චෝදනාවකට ලක්ව ක්‍රිකට් ඕස්ට්‍රේලියා විමර්ශනයකට මුහුණ දී ඇතැයි එරට පළවන හෙරල්ඩ් සන් පුවත් වාර්තාවක සඳහන් වේ.
    ඕස්ට්‍රෙලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ හිටපු කාන්තා ක්‍රිකට් පුහුණුකරු වූ සමරවීර ඔහු සමග වෘත්තීය මට්ටමේ ක්‍රීඩා කළ කාන්තාවකට අදාළ අපයෝජන හැසිරීමක් පිළිබඳව චෝදනා ලබා ඇතැයි හෙරල්ඩ් සන් පුවත්පතේ වාර්තාවක දැක්වේ.
    ක්‍රිකට් ඕස්ට්‍රේලියා විනය දෙපාර්තමේන්තුව මෙම කරුණ සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටින අතර, ඉදිරියේදී චර්යා ධර්ම විභාගයක් පැවැත්වෙනු ඇති බව වාර්තා කරයි.


    වයස අවුරුදු 52ක් වන හිටපු ක්‍රිකට් ක්‍රීඩකයා ඉන්දියා A කණ්ඩායම සමඟ පැවැත්වෙන තරගාවලිය සඳහා ඕස්ට්‍රේලියා A කාන්තා කණ්ඩායමේ පුහුණුකරු තනතුර භාර ගැනීමට නියමිතව සිටියද, මෙම චෝදනා මතුවූ වහාම ඔහු එම තනතුරෙන් ඉවත් කරන ලදී.
    'දැනට පවතින පරීක්ෂණ කටයුතු සම්බන්ධයෙන් අදහස් දැක්වීමට ක්‍රිකට් වික්ටෝරියා හට නොහැකි බවත් සුදුසු අවස්ථාවේදී නඩු කටයුතු පිළිබඳව අදහස් දක්වනු ඇතැයි' ක්‍රිකට් වික්ටෝරියා ප්‍රධානී නික් කමින්ස් Herald Sun වෙත පැවසීය.
    ක්‍රීඩකයෙකු ලෙස විශ්‍රාම ගැනීමෙන් පසු සමරවීර ඕස්ට්‍රේලියාවට ගොස් දශකයකට වැඩි කාලයක් පුහුණුකරුවෙකු ලෙස කටයුතු කර ඇත.
    ඔහු තම රට වෙනුවෙන් ටෙස්ට් තරග පහක් සහ එක්දින තරග හතක් ක්‍රීඩා කර ඇති අයෙකු වන අතර පසුව වික්ටෝරියා කාන්තා කණ්ඩායමේ සහ WBBL හි මෙල්බර්න් ස්ටාර්ස් කණ්ඩායමේ සහකාර පුහුණුකරු ලෙස කටයුතු කර ඇත.


    වයස අවුරුදු 52ක් වන ඔහු පසුගිය වසරේදී වික්ටෝරියා කාන්තා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස උසස් කරනු ලැබුවද, සති දෙකකට පසු එම තනතුරෙන් ඉවත් විය.
    වික්ටෝරියා ප්‍රාන්ත නීති උල්ලංඝනය කරමින් තම සහෝදරයා වන තිලාන් සමරවීර කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස බඳවා ගැනීමට ඔහු දැක්වූ කැමැත්ත හේතුවෙන් ඔහුට ඉවත්වන්නට සිදුවූ බව Herald Sun වාර්තා කරයි.
    ඇන්ඩෘ ක්‍රිස්ටි දැන් වික්ටෝරියා කාන්තා කණ්ඩායමේ පුහුණුකරු වේ.
    මෙම චෝදනා සම්බන්ධයෙන් සමරවීර තවම ප්‍රසිද්ධියේ අදහස් දක්වා නැත.