කාලය ගැන තියෙන අවබෝධය තීව්ර කරන්න සාපේක්ෂ සංසන්දන තමයි හොඳම ටූල් එක. ඒ නිසා ට්‍රැක පනින ෆැක්ට්ස් ටිකක්.

reuse

Well-known member
  • May 10, 2009
    551
    1,250
    93
    KELANIYA
    www.youtube.com
    කාලය ගැන තියෙන අවබෝධය තීව්ර කරන්න සාපේක්ෂ සංසන්දන තමයි හොඳම ටූල් එක. ඒ නිසා ට්‍රැක පනින ෆැක්ට්ස් ටිකක්.

    Don Supz මහතාගේ ෆේස්බුක් පිටුවෙන් කොපි කරගන්නා ලදි.

    සෙනසුරු ග්‍රහයා වටේ වළලු තියෙනවා කියලා දන්නවනේ. හැබැයි සෙනසුරුගේ වළලු වලට වඩා පෘථෘවියේ මෝරු පරණයි. සෙනසුරු ග්‍රහයගේ වයස වසර බිලියන 4.5 වුනාට සෙනසුරුගේ වළලු බිහිවෙන්නේ අදින් වසර මිලියන 400 කට විතර කලින්. හැබැයි මෝරුන් පෘථෘවියේ සාගරවල පිහිනීම ඇරඹෙන්නේ අදින් වසර මිලියන 450 කට කලින්. ටෙක්නිකලි මෝරු වසර මිලියන පනහක් පරණයි සෙනසුරුගේ වළලුවලට වඩා.

    මෝරු පෘථෘවියේ තියෙන ගස්වලට වඩා පරණයි. ගහක් විදිහට ප්‍රථම වර්ගීකරණයට ලක් කෙරෙන විශේෂ බිහිවන්නේ වසර මිලියන 350 කට කලින්. ඒ කියන්නේ මොරුන්ට වඩා වසර මිලියන 100 කට පස්සේ.

    ඩයිනසෝරයන්ගේ නම් කියවෙද්දි ස්ටේගෝසෝරස් සහ ටීරෙක්ස් වගේ නම් එකට කියවුනාට කාලයෙන් ටීරෙක්ස්ට ස්ටේගෝසෝරස්ට වඩා හෝමෝ සේපිය්න්ස්ලා ලඟයි. ස්ටේගොසෝරස් ජීවත් වෙන්නෙ වසර මිලියන 150 පමණ කලින්. ටී රෙක්ස් ජීවත් වෙන්නේ වසර මිලියන 67 කට කලින්. සේපිය්න්ස්ලා උපරිම ලක්ෂ 4 කට කලින්. ඒ නිසා සේපිය්න්ස්ලා සහ ටීරෙක්ස් අතර ගැප් එක වසර මිලියන 66 ක් පමණ. ටීරෙක්ස් සහ ⁣ස්ටේග් අතර ගැප් එක වසර මිලියන 94ක්.

    2023 සැප්තැම්බර් මාසේ තමයි ඇපල් අයිෆෝන් එකේ ලේටස්ට්ම මොඩලය රිලීස් වෙන්නෙ. ඒ කියන්නෙ මහා පරාක්‍රමබාහු රජතුමා හිටපු කාලෙන් වසර 837 කට පස්සෙ. නිකන් සරල රේඛාවක කාලය සටහන් කරලා දුටුගැමුණු, පරාක්‍රමබාහු සහ අයිෆෝන් එක තිබ්බොත් පරාක්‍රමබාහුට වඩාත්ම කාලයෙන් ලඟ අයිෆෝන් එක. ඒක දුටුගැමුණු රජතුමාට වඩා වසර 454 කින් පරාක්‍රමබාහු රජතුමාට සමීපයි.

    අදින් වසර ට්‍රිලියන 120 කට විතර පස්සේ විශ්වයේ පවතින අවසන් තාරකාවත් නිවී යනවා. එතනින් පස්සේ දහයේ එකසිය හය වෙනි බලයට සමාන කාලයක් පවතින්නේ කාල කුහර. මහා පිපිරුම්වාදය අනුව එන මේ කාලය තවත් සරල කරොත් තාරකාවල ආලෝකය පවතින්නේ එක් තත්පරයක් පමණයි. එතනින් පසුව බිලියන බිලියන බිලියන බිලියන බිලියන බිලියන බිලියන වසරක් පවතින්නේ අන්ධකාරය සහිත කාල කුහර. ඒ අනුව ගත්තම මහා පිපිරුමේ අතුරුඵලයක් ලෙස එක් ක්ෂණයක ඇතිවන ආලෝකය පවතින කාලය අතරතුර තමයි ඔබ මම සහ අප ජීවත්වන ශිෂ්ඨාචාර ආදී සියල්ල පවතින්නේ.

    Now digest it 😁

    Copied Don Supz
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,092
    2,092
    113
    35
    @ katubedda
    " ඒ අනුව ගත්තම මහා පිපිරුමේ අතුරුඵලයක් ලෙස එක් ක්ෂණයක ඇතිවන ආලෝකය පවතින කාලය අතරතුර තමයි ඔබ මම සහ අප ජීවත්වන ශිෂ්ඨාචාර ආදී සියල්ල පවතින්නේ."

    ම‌ෙක තව ටිකක් පැහැදිලි කරන්න පුළුවන්ද ?
     

    reuse

    Well-known member
  • May 10, 2009
    551
    1,250
    93
    KELANIYA
    www.youtube.com
    ම‌ෙක තව ටිකක් පැහැදිලි කරන්න පුළුවන්ද ?
    මෙහෙම කමෙන්ට් තිබ්බා...
    1 අපි ඉන්නේ බිග් bang එක තුල, ඒක blast එකක් වගේ පිපුරුණ දෙයක් විදියට හිතුවොත් අපි තවම ඉන්නේ පිපුරුමක් තුල .
    2 big bang එක රතිඤ්ඤයක් පිපිරෙන විදිහට උදාහරණයට ගත්තොත් තරු කියන්නේ පොඩියට විසිවෙන වෙඩි බෙහෙත් පුපුරු වගේ.කවදහරි ගිනි පුපුරු ඔක්කොම නිවෙනවා.අපිට ලොකු කාලයක් උනාට big bang එකට සාපේක්ෂව මිලි තප්පර දශම ගානක් යන්නේ තරු නිවෙන්න
     
    • Like
    Reactions: thedigit2s

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,092
    2,092
    113
    35
    @ katubedda
    මෙහෙම කමෙන්ට් තිබ්බා...
    1 අපි ඉන්නේ බිග් bang එක තුල, ඒක blast එකක් වගේ පිපුරුණ දෙයක් විදියට හිතුවොත් අපි තවම ඉන්නේ පිපුරුමක් තුල .
    2 big bang එක රතිඤ්ඤයක් පිපිරෙන විදිහට උදාහරණයට ගත්තොත් තරු කියන්නේ පොඩියට විසිවෙන වෙඩි බෙහෙත් පුපුරු වගේ.කවදහරි ගිනි පුපුරු ඔක්කොම නිවෙනවා.අපිට ලොකු කාලයක් උනාට big bang එකට සාපේක්ෂව මිලි තප්පර දශම ගානක් යන්නේ තරු නිවෙන්න
    තැන්ක්ස් මචං.
     
    • Like
    Reactions: reuse