කියුබ් එකක් රුපියල් 180,000කට ලංකාවෙන් මාලදිවයිනට වැලි පටවයි..

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    4,882
    6,574
    113
    මහරගම
    1631594226-sand_l.jpg


    මාලදිවයිනට ශ්‍රී ලංකාවෙන් පිරිපහදු වැලි ඉතා සුළු ප්‍රමාණයක්(😄) වරින්වර අපනයනය කිරීම සඳහා අවසර ලබාදී ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

    ආසන්න වශයෙන් කියුබ් 8ක් පමණ එලෙස අපනයනය කර ඇති බවත් එහිදී පිරිපහදු වැලි කියුබ් 1ක් රුපියල් 180,000ක පමණ මුදලකට අපනයනය කරන බව තහවුරු වී ඇති බවත් එම කාර්යාංශය පෙන්වා දෙයි.

    ඒ අනුව මාධ්‍යවල පළවූ ආකාරයට මාලදිවයිනේ දූපත් පිරවීම සඳහා හෝ වෙනත් කරුණක් සඳහා හෝ එම වැලි අපනයනය කිරීමට සිය කාර්යාංශය වෙත ඉල්ලීමක් ඉදිරිපත් වී නොමැති බවත් එවැනි ආකාරයේ වැලි අපනයන සඳහා බලපත්‍ර නිකුත් කිරීමක් සිදුවී නොමැති බවත් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ නිවේදනයේ දැක්වේ.

    එම නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මාලදිවයින තුළ ඉදිකිරීම් කටයුතුවල නිරත ශ්‍රී ලාංකීය සමාගම්වලට එම ඉදිකිරීම්වලදී ජල තටාක සහ නළ ළිං සඳහා ජල පිරිපහදු කිරීමේ කටයුතු වෙනුවෙන් යොදාගැනීම පිණිස මෙම පිරිපහදු වැලි එලෙස ආනයනය කර ඇති බවය.

    http://sinhala.adaderana.lk/news/157593/මාලදිවයිනට-යැවූ-වැලි-කියුබ්-එකක්-රුපියල්-180,000ක්
     

    shenat

    Well-known member
  • May 13, 2007
    25,487
    19,664
    113
    ආශ්චර්යමත් රටක
    දැන් ඉතින් පොලොවෙ පස් විකුණල හරි ඩොලර් හොයන්න ඕනෙ

    පොළොවෙ පස් නං ඕන තරං තියෙනවා කියන්න පුළුවන්. වැලි එහෙමද. මුහුදු වැලි නෙවෙයි වෙන්න ඇතිනෙ. ගඟවල් ටිකත් ඉවරයි. ලංකාවෙ වැඩ වලට වැලි ගොඩ දාලත් ගඟවල් ටික ඉවරයි. එහෙම එකේ පිටරටවල් වලටත් වැලි පැටෙව්වම කොහොමද? 😑
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    7,384
    6,184
    113
    日本
    පොළොවෙ පස් නං ඕන තරං තියෙනවා කියන්න පුළුවන්. වැලි එහෙමද. මුහුදු වැලි නෙවෙයි වෙන්න ඇතිනෙ. ගඟවල් ටිකත් ඉවරයි. ලංකාවෙ වැඩ වලට වැලි ගොඩ දාලත් ගඟවල් ටික ඉවරයි. එහෙම එකේ පිටරටවල් වලටත් වැලි පැටෙව්වම කොහොමද? 😑

    ගංගා වැලි නෙමෙයි යකෝ ඔය පිරිසිදු කරපු මුහුදු වැලි..
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    8,994
    10,160
    113
    මුහුදු වැලි නම් යවන තරමට හොඳයි. අනික් පැත්තෙන් එක්වදෝරය මතු වෙනකන් හරි. එතකොට අපිටත් එහෙට හරි පැනගන්න තිබ්බා බයියෝ ටිකට මෙහෙට වෙලා ඉන්න කියලා
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    14,624
    6,022
    113
    ඒක වැඩක් නෑනෙ
    මුහුදු වැලි නම් යවන තරමට හොඳයි. අනික් පැත්තෙන් එක්වදෝරය මතු වෙනකන් හරි. එතකොට අපිටත් එහෙට හරි පැනගන්න තිබ්බා බයියෝ ටිකට මෙහෙට වෙලා ඉන්න කියලා
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    ගංගා වැලි නෙමෙයි යකෝ ඔය පිරිසිදු කරපු මුහුදු වැලි..

    උබ කොහොමද එහෙම කියන්නෙ . මාලදිවයින් වලට මුහුදු වැලි ඕන නම් ඒව උන් ගන්නවනෙ . මොකටද මෙහෙන් ගිනියන්නෙ
    ------ Post added on Sep 15, 2021 at 10:15 AM