2024 මහ කන්නයේ වී අස්වනු නෙළීම හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇතැම් පුදේශවල සුළු වශයෙන් ආරම්භ වී ඇති අතර හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැඩීම වගාවක් සිදු කළ ඇති රතු නාඩු අමු වී කිලෝවක් මේ දිනවල රුපියල් 165 ත් 170 අතර මිලකට එම ප්‍රදේශ වලට පැමිණ විවිධ පුද්ගලයින් මගින් මිලදී ගැනීම සිදු කෙරේ.
එසේ මිලදී ගන්නා වී පෞද්ගලික හාල් මෝල්වල කොටා වෙළඳපොළට රතු නාඩු හාල් කිලෝවක් රුපියල් 290 ක් හා 300 ත් අතර මිලකට පාරිභෝගිකයන්ට අලෙවි කිරීම සිදු කෙරේ.
සහල් වෙළඳ සල්වල එළිපිට මෙම ගණන්වලට හාල් විකිණීමට තබා නැති අතර පෞද්ගලිකව මෙම වැඩි මිල ගණන් යටතේ පාරිභෝගිකයින් විසින් හාල් මිලදී ගැනීම සිදු කෙරේ.
මෙවන් තත්වයක් ඇති පසුබිමක තවමින් රජය වී සඳහා සහතික මිලත් නියම නොකිරීම හාල් සඳහා ක්‍රියාත්මක පාලන මිල අබිබවා ඉහළ යෑම පාලනය කිරීමට කිසිදු බලධාරියකු ඉදිරිපත් නොවන බව ගොවි සංවිධාන නියෝජිතයෝ සහ හාල් මෝල් හිමියෝ කියති.
රජයේ පාලන මිල අබිබවා හාල් අලෙවි කරන වෙළඳසල් පාරිභෝගික අධිකාරියේ වැටලීමට ලක් කළද පෞද්ගලිකවම හාල් විකිණීම බෙහෝ වෙළෙඳසල් හිමියන් සිදු කිරීම හේතුවෙන් පාරිභෝගික අධිකාරියේ නිලධාරින්ගේ පරික්ෂාවට ලක් නොවන අවස්ථා ඇත.
– සනත් ගමගේ
- https://lankacnews.com/කුඹුරේදීම-තෙත-වී-කිලෝව-170ට-ග/