කුරුණෑගල තෝරයාය බස් රථ දෙකක් ගැටී 04 ක් මරුට - 28 ක් රෝහලේ photo

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    59,991
    55,708
    113

    කුරුණෑගල තෝරයාය බස් රථ දෙකක් ගැටී 04 ක් මරුට - 28 ක් රෝහලේ​

    2/10/2025 08:37:00 AM
    two-buses-collide-in-kurunegala-killing-4-and-injuring-28

    කුරුණෑගල, තෝරයාය ප්‍රදේශයේ අද (පෙබරවාරි 10) අලුයම 4.45ට පමණ සිදුවූ බිහිසුණු බස් රථ අනතුරකින් පුද්ගලයින් සිව් දෙනෙකු මරණයට පත්ව තවත් විස්සකට අධික පිරිසක් තුවාල ලබා ඇත. මියගිය පුද්ගලයින් අතර පිරිමි පුද්ගලයින් තිදෙනෙකු සහ කාන්තාවක් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.බී. මනතුංග මහතා සඳහන් කළේය.


    දඹුල්ල - කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ තෝරයාය ප්‍රදේශයේදී සිදුවූ මෙම අනතුර වූයේ මගීන් නංවා ගැනීම සඳහා නවතා තිබූ බස් රථයකට පසුපසින් පැමිණි තවත් බස් රථයක් ගැටීමෙනි. කඳුරුවෙල සිට කොළඹ දක්වා ධාවනය වූ මගී ප්‍රවාහන පුද්ගලික බස් රථයක් මගීන් නංවා ගැනීම සඳහා නවතා තිබියදී, මාදුරුඔය සිට කොළඹ බලා ධාවනය වූ තවත් පුද්ගලික බස් රථයක් නවතා තිබූ බස් රථයේ පිටුපස ගැටී ඇති බව පොලීසිය විසින් තහවුරු කර ඇත.


    කුරුණෑගල රෝහලේ ප්‍රකාශකයෙකු අනාවරණය කළ පරිදි, අනතුරින් තුවාල ලැබූ 28 දෙනෙකු කුරුණෑගල ශික්ෂණ රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුළත් කර ඇති අතර, ඔවුන් අතරින් සිව් දෙනෙකුගේ තත්ත්වය බරපතල බව වාර්තා වේ.

    මියගිය පුද්ගලයින්ගේ අනන්‍යතාවය මේ වන තෙක් තහවුරු කර නොමැති අතර, ඔවුන්ගේ මෘත දේහ කුරුණෑගල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බව රෝහල් ප්‍රකාශක වැඩිදුරටත් පැවසීය.

    දැනට සිදුකර ඇති මූලික විමර්ශන වලින් හෙළි වී ඇති පරිදි, පසුපසින් පැමිණි බස් රථයේ අධික වේගය මෙම අනතුරට ප්‍රධාන හේතුව වී ඇති බව පොලීසිය සඳහන් කරයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් දොරටියාව පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතී.



    4.jpg
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    51,594
    19,975
    113
    Gotland
    නවත්තල තින බස් එකක් පේන්නේ නෑ කියන්නේ එක්කෝ ඉස්සරහ පෙනීමට බාධාවන ලෙස පන්සල් දේවාල ඇතුළු දෙකරේෂන් ගහල නැතිනම් අනිත් පැත්තෙන් එන වාහනයක් නිසා වමට ගත්තම වැදිලා
     
    • Like
    Reactions: NRTG

    deepwater

    Well-known member
  • Aug 14, 2015
    811
    451
    63
    බස් ගැමුනු වේසිගෙ පුතා මේවට ස්ට්‍ර්‍යික් කරන්නෙ නැද්ද දන්නෙ නෑ. පොලිසියෙ උට්ටලත් බස් කාරයෝ අල්ලන්නෙ නෑ. ඇල්ලුවත් දාහක් දීල යන්ව උන්. ඒක උන්ට නෝමල්. ඇත්ත කතාව ඕකයි.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    38,747
    192,933
    113
    Colombo, Sri Lanka
    මේ වින්නැහිය කවදාවත් ඉවර වෙන එකක් නෙවෙයි. දුර දුවන් බස් කාරයෝ පාරේ යන්නේ කොයි වෙලාවකවත් හදිස්සියේ වාහනේ නවත්තන්න පුළුවන් විදිහට නෙවෙයි :confused2:
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    3,922
    1
    3,594
    113
    no one was bothered about the speed of these vehicles for last two decades.
    This govt was was interested about stickers etc.
    Real issue not addressed and there will be more such incidents . How many lives will be lost?
     
    • Sad
    Reactions: NRTG

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    21,270
    31,784
    113
    කෑගල්ල
    මේකේ CCTV නැද්ද දන්නේ නෑ. ඔය ඉස්සරහ බස් එකේ එකා හිත මතාම බ්‍රේක් කරදා දන්නෙත් නෑ. ඔය බස් කාරයො දෙන්නගෙම අවුලක් ඇති.. ඔතනින් එහාට නම් ඔය පාරේ ඉතින් කොහොමත් 100-120 පැනලා යන්නේ කොයි බස් කාරය උනත්.. මේ වගේ මොලේ අමාරු කාරයො තාම කරුමෙ...
     
    • Like
    Reactions: NRTG