අවුරුදු තිහක විවාහකයකු පැහැර ගෙන ගොස් අතුරුදන් කළේ යැයි කියන සිද්ධියේ ප්‍රධාන සැකකරු ලෙස සැලකෙන සිඟිති නමැත්තකු ඔහුගේ බිරිඳ සහ බිරිදගේ සහෝදරයකු හොර රහසේ රටින් පලා යෑමට පැමිණියහොත් අත්අඩංගුවට ගන්නා ලෙසට කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් ලබා ගත් බව කුලියාපිටිය මූලස්ථාන පොලිසිය සඳහන් කරයි.කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තාවක් ඉදිරිපත් කර ආගමන විගමන පාලකවරයාට මෙම නියෝගය නිකුත් කළ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.ඔවුන් තිදෙනා රටින් පලා යෑමට උත්සාහ කරන බවට ලැබුණු තොරතුරු මත මෙවැනි නියෝගයක් ලබාගෙන ඇතැයි ද පොලිස් ආරංචි මාර්ගවලින් දැන ගැනීමට ඇත.මෙම තිදෙනා සහ ප්‍රධාන සැකකරුගේ දියණිය ඇතුළු දරු තිදෙනා
මෙතෙක් සොයා ගැනීමට නොහැකි වී ඇති බව පොලිසිය පවසයි.
කුලියාපිටිය,ඇඹව දික් ඇල්ලේ සුසිත් ජයවංශ නමැති තිස් හැවිරිදි අයෙක් මෙසේ අබිරහස් ලෙස අතුරුදන්ව සිටී. මොහු විවාහක බිරිඳගෙන් දික්කසාද වී සිඟිති යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන පුද්ගලයාගේ දියණිය සමග ද ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන යමින් සිටි අතරවාරයේ ඇය ගැබ් ගෙන ඇතැයි ද ඒ බව දැනගත් සිඟිති නමැත්තා දෙදෙනා විවාහ කර විදෙස් ගත කිරීමට සැලසුම් කර තිබී ඇති බවද පරීක්ෂණ වලින් තොරතුරු අනාවරණය වී යැයි පොලිසිය කියයි.
සිඟිති නමැත්තාගේ දියණිය සමග ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන යන අතර වාරයේ ජයවංශ නමැත්තා ප්‍රදේශයේ තවත් තරුණියක සමග ද සම්බන්ධයක් පවත්වාගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි. තම දියණිය සමග ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගිය බව කියන ජයවංශ නමැත්තා පසුව ඇය මගහැර වෙනත් තරුණියක් සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන යන බවට දැනගැනීමට ලැබීමෙන් පසු ජයවංශ නැමැත්තා අතුරුදන් කර ඇතැයි පොලිසිය පවසයි.
ජයවංශ නැමැත්තා පැහැරගෙන යෑමට යොදාගත් බවට සැලකෙන මෝටර් රථයක් ද පොලිස් භාරයට ගෙන එය කුලියාපිටිය අපරාධ ස්ථාන පරීක්ෂා කිරීමේ නිලධාරීන් විසින් පූර්ණ සෝදිසියට ලක් කරනු ලැබීය. එම මෝටර් රථයේ ඩිකියේ තිබී ලේ පැල්ලමක් බවට සැක කෙරෙන රතු පැහැති පැල්ලමක් සොයාගන ඇත. මෙම තිස් හැවිරිදි පුද්ගලයා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමට යොදාගත් බවට සැලකෙන තවත් මෝටර් රථයක් සොයා ගැනීමට ද පොලිසිය පරීක්ෂණ පවත්වාගෙන යයි.
මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු ගේ නිවෙසේ සඟවා තිබූ ලේ පැල්ලමක් සහිත කැත්තක් ද අපරාධ ස්ථාන පරීක්ෂා කිරීමේ නිලධාරීන්ගේ භාරයට ගෙන තිබේ. මීට අමතරව මොහුගේ නිවෙසේ කෑම කාමරයේ තිබී ලේ පැල්ලමක් බවට සැලකෙන රතු පැහැති පැල්ලමක් ද කුලියාපිටිය කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂා කිරීමේ ඒකකයේ නිලධාරීන් විසින් සොයාගෙන ඇත. මෙම ලේ සාම්පල් වැඩිදුර විමර්ශන සඳහා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට වෙත යැවීමට නියමිතය.
මෙම තිස් හැවිරිදි පුද්ගලයා අතුරුදන් කිරීමට ආධාර අනුබල දුන්නේ යැයි කියමින් සැකපිට අත්අඩංගුවට ගත් මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු ලෙස සැලකෙන පුද්ගලයාගේ වයෝවෘද්ධ මව සහ පියා පෙරේදා කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම 13 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයට පත් කළ බව පොලිසිය පැවැසීය.මෙසේ රිමාන්ඩ් භාරයට පත් කරනු ලැබුවේ කුලියාපිටිය පඩිවෙල ප්‍රදේශයේ අවුරුදු හැත්තෑ දෙකක් වයස ජයසිංහ දොන් චන්ද්‍රසේකර සහ ඔහුගේ බිරිඳ වන අවුරුදු 70ක් වයස ඩබ්ලිව්. හිල්ඩා ප්‍රනාන්දු නමැත්තියයි.
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය