මම තාම බැදලා නෑ. ඒත් මම කුලේ බලන්නේ නම් නැති බව එකෙන්ම කියන්න ඕනි. හැබැයි ගතිගුණ හොඳ වෙන්න ඕනි කියන මතයේ මම ඉන්නවා. මම කියන්නේ ළමයෙක් හැදෙන්නෙ මොන සමජෙක ද කියන එක මත ඒ ඒ සමජේ මුල් බැහැල තිබ්බ සමහර දේවල් අනිවර්යයෙන්ම ළමයෙක් දැනුම් තේරුම් එන වයසෙ දි කියල දෙන්න ඕනි. හැබැයි හරි විදියට. ඒ වගේම හරි විදියට හිතන්න පුරුදු කරන්න ඕනි කියන එක මම කියන්නේ. එහෙම නොවුනොත් ළමය සමජෙන් ඒ දේවල් වැරදි විදියට ඔළුවට දාගත්තොත් එකෙනුත් වැඩක් නෑ. අපි දේවල් නොකිය හැංගුවා කියලා සමාජේ තියෙන දේවල් එකපාර වෙනස් වෙන්නේ නෑ.උඹ උගුරට හොරා බේත් බොන්න හදන්නෙ බ්රෝ
උඹ කසාද බඳිද්දි කුලේ බැලුව නේ බඳින කෙල්ලගෙ. අවංකව කියපං.![]()
මම සරල කතාවක් කියන්නම්. සරලව හිතපන් හැබැයි. ඉස්සර වලව්කාරයෙක්ව කෙල්ලෙක් බැන්දොත් ඒ කෙල්ලට වලව්වේ සැපට ඉන්න පුළුවන්. වලන් හදන මනුස්සයෙක් බැන්දොත් දුක් විදින්න පුළුවන්. එතන සමාජතල දෙකක් හැදුනේ කුලයට අනුව. ඉතින් අම්මෙක් තාත්තෙක් වඩත් කැමති වුනේ තමන්ගේ දුව වලව්කාරයෙක්ට බන්දල දෙන්න මිසක් වලන් හදන කෙනාට බන්දලා දෙන්න නෙවෙයි. ඒත් අද එහෙම නෙවෙයි.කුලය හැදිල තියෙන්නේ සල්ලි මත බලය මත. අද සමාජතලය තීරණය කරන්නේ දුප්පත් ද පොසත් ද කියන එක මත. මේකෙන් මං කියන්න ගිය දේ තේරුණා ද දන්නේ නෑ. ඒත් මම කියන්නේ හංඟන එකට වඩා ඇත්ත තේරුම් කරන එකයි වැදගත්.