කෙදිරි මදිවෙයි ඉස්සරහට ලතොනි දෙන්න වෙයි, FCID ආපහු පිහිටවයි

handley

Well-known member
  • Jun 24, 2018
    5,932
    8,175
    113
    හාමුලවගෙ වහල්ලු ගැම්මෙන් නෙද මෙ දවස් වල ඉන්නෙ වදුරෙක් ආන්ඩු පෙරලයි කියල, එ උනාට උබලගෙ හාමුල ඔක්කොම වෙවල වෙව්ල ඉන්නෙ, උන් බුරුතු පිටින් ඇතුලෙ ගියාම කාල ඇදල ඉන්න ක්‍රමයක් හොයාගනිල්ල දැන්මම

    "ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය යටතේ ප්‍රධාන පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුගේ ස්ථාන මාරුවීම් සිදු කර ඇති අතර, ඒ අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කේ.වී.ඩී.ඒ.ජේ. කරවිට මහතා ප්‍රජා පොලිස්, සංචාරක හා ආයෝජන අංශයේ සිට අපරාධ පරීක්ෂණ හා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ (FCID) ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධුරයට පත් කර තිබේ. මෙම පත්වීම පෙබරවාරි 12 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි සිදු කර ඇත.

    එමෙන්ම, රත්නපුර දිස්ත්‍රික්කයේ රාජකාරි කළ නියෝජ්‍ය පොලිස්පති එම්.ඩී.පී. දයාරත්න මහතා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ (FCID) ප්‍රධානියා ලෙස පත් කර ඇත. මෙම ස්ථාන මාරු කිරීම්වලට ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය හිමි වී ඇති බව පොලිස් මූලස්ථානය නිවේදනය කර සිටී.



    පසුගිය සතියේදී මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කර සිටියේ මූල්‍ය අපරාධ සම්බන්ධ නඩු කටයුතු හැසිරවීම සඳහා ලබන සතියේ සිට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) ස්ථාපිත කරන බවයි. ඒ අනුව මෙම නව පත්වීම් සිදු කර ඇත්තේ එම නව ඒකකයේ කටයුතු ආරම්භ කිරීමට පෙර සූදානමක් ලෙස බව පැහැදිලි වේ.

    මේ අතර, බස්නාහිර පළාත් රථවාහන අංශයේ නියෝජ්‍ය පොලිස්පති ධුරය දැරූ නියෝජ්‍ය පොලිස්පති පී. ලියනගේ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර (උතුර) පළාතේ අධීක්ෂණ කටයුතු සඳහා මාරු කර යවා ඇත.

    තවද, නියෝජ්‍ය පොලිස්පති එස්.එම්.වයි. සෙනෙවිරත්න මහතා පෙබරවාරි 12 වන දින සිට රත්නපුර සහ කෑගල්ල යන දිස්ත්‍රික්ක දෙකම අධීක්ෂණය කිරීම සඳහා විශේෂ රාජකාරි පැවරීමක් ලබා දී තිබේ.



    මෙම සියලු පත්වීම් හා ස්ථාන මාරු කිරීම් සිදු කර ඇත්තේ පොලිස් දෙපාර්තමේන්තුවේ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීමේ අරමුණින් බව පොලිස් මූලස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි. විශේෂයෙන්ම මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) නැවත ස්ථාපිත කිරීම තුළින් මූල්‍ය වංචා හා දූෂණ සම්බන්ධ පරීක්ෂණ කටයුතු වඩාත් විධිමත්ව හා කාර්යක්ෂමව සිදු කිරීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කරවිට මහතා සහ නියෝජ්‍ය පොලිස්පති දයාරත්න මහතා යන දෙදෙනාම පොලිස් සේවයේ දීර්ඝ පළපුරුද්දක් ඇති නිලධාරීන් වන අතර, විශේෂයෙන්ම සංකීර්ණ අපරාධ විමර්ශන කටයුතු සම්බන්ධයෙන් සැලකිය යුතු අත්දැකීම් සහිත නිලධාරීන් ලෙස හඳුනාගෙන තිබේ.

    මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) යනු මීට පෙර ද ක්‍රියාත්මක වූ විශේෂ පොලිස් ඒකකයක් වන අතර, එය නැවත ස්ථාපිත කිරීම තුළින් රටේ මූල්‍ය අපරාධ මැඩලීමේ ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් කිරීමට බලාපොරොත්තු වන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි."
     
    • Like
    Reactions: Chimpanzee Putha

    ruka!

    Well-known member
  • Jun 17, 2011
    748
    834
    93
    අනේ පලයං බං යන්න. ඔය ගල් මූසලයො ඔක්කොම ටිකෙ හිරේ දැම්මත් අපිට වැඩක් තියෙනවද? වහල්ලු ටික චූන් කරන්න නම් හොඳයි ඔය ශෝ. අපිට අරින ගමන් ඒක ඩිස්ට්‍රැක්ට් කරන්න දාන බොරු ශෝ. ප*කයල එන්න කලින් නම් නොදන්න දෙයක් නෑ, අන්තිමේ බලපුවම මුන්ගෙ කයියයි පචයි විතරයි.
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    5,501
    8,397
    113
    Nugegoda, Sri Lanka
    අනේ පලයං බං යන්න. ඔය ගල් මූසලයො ඔක්කොම ටිකෙ හිරේ දැම්මත් අපිට වැඩක් තියෙනවද? වහල්ලු ටික චූන් කරන්න නම් හොඳයි ඔය ශෝ. අපිට අරින ගමන් ඒක ඩිස්ට්‍රැක්ට් කරන්න දාන බොරු ශෝ. ප*කයල එන්න කලින් නම් නොදන්න දෙයක් නෑ, අන්තිමේ බලපුවම මුන්ගෙ කයියයි පචයි විතරයි.
    Siraa kathawa.. oka nikan Distraction ekak witharai.. dan ada Namolayawa gennuwa wage thamai.. Jeppo choon wela band gahala rathincha daala.. wechcha santhasiya amathaka wenawa.. eka asse Lapaya puke arinawa tax ehema wadi karala.. :lol:
     
    • Haha
    Reactions: supun_sg