කොරොනා පෑතීරීම වෑඩි මගුල් ගෙවල් හින්දද?

malakadss

Well-known member
  • Mar 8, 2009
    16,185
    19,306
    113
    තාම ලන්කාවේ
    අඹන්පොල මගුල් ගෙදරකින් ලොකු කොවිඩ් පොකුරක් හෑදිලා.. දෑනට 136 ක් ඉන්නවා ලු.

    මේ අතර, මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසා සිටියේ මෙවන් අදහසකි.


    “මහජනතාව හිතනවා දැන් කොවිඩ් නෑ. කිසි ප්‍රශ්නයක් නෑ. අපිට ඕනේ දෙයක් කරන්න පුළුවන් කියලා. මේක තමයි ඇත්තටම වෙලා තියෙන්නේ. හැමදාම පැමිණිලි කරනවා. එතකොට අපි වැඩිකරලා දුන්නා 150 කට. අපි මෑතකදී දැකපු දෙයක් තමයි හුඟාක් තැන්වල වෙඩින් නිසා තමයි එක පාරට පොකුරු ඇති වෙනවා. මොකද සියලුදෙනාම වෙඩින් එකේ මුල ටිකේ ඉන්නවා මාස්ක් එක දාගෙන. ඊට පස්සේ කන්න බොන්න ගියාට පස්සේ මාස්ක් කොහේවත් නෑ. මෙතනින් තමයි පටන් ගන්නේ. ඉතින් ඊට පස්සේ අපිට බනිනවා මේක පාලනය කරන්නේ නෑ කියලා. මිලියන 21 වෙච්ච ජනතාව පස්සේ අපිට ඇවිල්ලා ඉන්න පුළුවන් කමක් නෑ. අපිට මහජනතාව වශයෙන් වගකීමක් තියෙනවා අපේ හැසිරීම ගැන.“

    කුරුණෑගල අඹන්පොල පැවැති විවාහ මංගල උත්සවයකට සහභාගි වූ 250කට අධික පිරිස අතරින් මනාල යුවළ ඇතුළු 136 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ අනාවරණ කරයි.

    සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ, එම කොවිඩ් පොකුරේ වෛරසය ශීඝ්‍රයෙන් පැතිරෙන හා රෝග ලක්ෂණ වැඩි ස්වභාවයක් පෙන්නුම් කරන බැවින් නව වෛරස ප්‍රභේදයක්ද යන්න සැක සහිත බවය.

    අඹන්පොල ප්‍රදේශයේ ඉකුත් ජනවාරි 21 වැනිදා පැවැති විවාහ මංගල උත්සවයකට සහභාගි වූ මනාල යුවළ ඇතුළු 136 දෙනෙකුට මෙලෙස කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වූ බව සෞඛ්‍ය අංශ පවසති.

    එම මංගල උත්සවයේ දෙවන දිනය ජනවාරි 24 වනදා අත්තනගල්ලේදී පවත්වා තිබෙන අතර ඒ අනුව දින දෙකටම සහභාගි වූ මුළු පිරිස 260 කට අධික බව අනාවරණ වී තිබේ.

    ආසාදිතයින් ලෙස හඳුනාගත් 136 දෙනා අතරින් 96 දෙනෙකුම මිනුවන්ගොඩ උඩුගම්පොළ ප්‍රදේශයේ අය වන අතර සෙසු ආසාදිතයින් 40 දෙනා අඹන්පොළ ප්‍රදේශයේ අයයි.

    එම කොවිඩ් පොකුර වාර්තා වීම ආරම්භ වී තිබෙන්නේ දින දෙකටම සහභාගි වූ මනාලයාගේ ඥාතියෙකු රෝග ලක්ෂණ හේතුවෙන් සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකදීය.

    අනතුරුව පළමු දිනයේ උත්සවයට සහභාගි වූ 15 දෙනෙකුද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකට යොමු කර තිබෙන අතර එහිදී එම 15 දෙනාම ආසාදිතයින් ලෙස වාර්තා විය.

    එම 15 දෙනාම විවාහ උත්සව දිනයේ වායුසමීකරණය කරන ලද කාමරයක මත්පැන් පානය කර තිබෙන අතර 15 දෙනාම ආසාදිතයින් වීම හේතුවෙන් ඉන් පළමු ආසාදිතයා කවුද යන්න හඳුනාගැනීමත් අසීරු වී ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කළේය.

    තවත් 100 කට වැඩි පිරිසකගේ පී.සී.ආර් පරීක්ෂණ වාර්තා ඉදිරියේදී ලැබීමට නියමිත අතර දැනට හඳුනාගත් ආසාදිතයින් 136 දෙනාගේ ආශ්‍රිතයින් 450 දෙනෙකු පමණ නිරෝධායනයට යොමු කිරීමට පියවර ගෙන තිබේ.

    සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම කොවිඩ් පොකුරේ වෛරසය සීඝ්‍රයෙන් පැතිරෙන හා රෝග ලක්ෂණ වැඩි ස්වභාවයක් පෙන්නුම් කරන බැවින් නව වෛරස ප්‍රභේදයක්ද යන්න සැක සහිත බවය.

    එම උත්සවයට සම්බන්ධ වූ අඹන්පොළ ප්‍රදේශයේ ආසාදිතයින් 40 දෙනා හඳුනාගෙන තිබුණේ පී.සී.ආර් පරීක්ෂණ 59 කින් වන අතර එය සියයට 67ක වැනි ඉහළ ආසාදිත ප්‍රතිශතයකි.

     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    9,219
    3
    53,306
    113
    Gampaha
    මමත් කියපු මඟුල් ගෙවල් දෙක තුනක්ම මගඇරල හිටිය.
    ඕවයෙ ඉන්න අය මාස්ක් දාන්නෙත් නෑ. බුෆේ වලින් පොර කකා කනකොට කොහොමත් රිස්ක් එක වැඩියි.
     

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    612
    1,535
    93
    oya magula thahanam karala dana tharamatama hodayi
    ekko suddo gannawa wage shpe eke ganna ona
    mehe un ratatama kiyala magul aran okkotama kelawala arinawa
     
    • Like
    Reactions: malakadss

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    17,799
    6,253
    113
    මටත් වෙඩිමක් තියෙනව මාර්තු මුල.. අපෙ අම්මගෙ පැත්තෙන් නෑයන්ගේ තියෙන අවසාන වෙඩිම. ඊට පස්සේ ඒ පරම්පරාවෙ වෙඩින් නැ. ආයෙ ඉතින් තියෙන්නේ ලොකුම අක්කගේ පුතා කවදහරි බදිද්දි තමයි.. මේ වෙලාවෙ හැටියට ගිහිනුත් බෑ නොගිහිනුත් බෑ. සමහර අය නම් එන්නේ නෑ කියල තියෙනව
     
    • Like
    Reactions: malakadss

    elektro

    Well-known member
  • Apr 18, 2011
    3,485
    554
    113
    මූණුපොතේ :P
    මටත් වෙඩිමක් තියෙනව මාර්තු මුල.. අපෙ අම්මගෙ පැත්තෙන් නෑයන්ගේ තියෙන අවසාන වෙඩිම. ඊට පස්සේ ඒ පරම්පරාවෙ වෙඩින් නැ. ආයෙ ඉතින් තියෙන්නේ ලොකුම අක්කගේ පුතා කවදහරි බදිද්දි තමයි.. මේ වෙලාවෙ හැටියට ගිහිනුත් බෑ නොගිහිනුත් බෑ. සමහර අය නම් එන්නේ නෑ කියල තියෙනව
    koheda thiyenne
     
    • Like
    Reactions: malakadss

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    7,823
    3,087
    113
    Westනාහිර
    මගුල් ගේවල් තහන්ම් කරනු
    වෙන රටවල්‍වල 4 දෙනෙක්ට වඩා ඵකතු වෙන්න බෑ..දඩයක් ගහනව ඒකට ලංකාවේ.විරුවෙක් කියල මරි මෝඩයෙක් රජ කරන් රටම විනාසයි..උන්ටත් ඕන ලෙඩ්ඩු වැඩි වෙන්න..ඒකනේ ඕවට කිසිම නීතියක් ගේන්නෙ නැත්තෙ..
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    12,644
    8,751
    113
    එම 15 දෙනාම විවාහ උත්සව දිනයේ වායුසමීකරණය කරන ලද කාමරයක මත්පැන් පානය කර තිබෙන අතර 15 දෙනාම


    බෙබේ ලා සෙට් එක 🤭
     
    • Haha
    Reactions: malakadss

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    4,380
    3,230
    113
    Kottawa
    වැඩක් නෑ කියලා.... අපේ අම්මා ගිහිල්ල තියෙනවා වෙඩිමකට. එකෙක්වත් මාස්ක් දාගෙන ඉදලා නෑ. අපේ අම්මයි තව දෙතුන් දෙනෙකුයි විතරයි දාගෙන ඉදලා තියෙන්නේ... දැන් එතන හිටපු කීප දෙනෙකුට පොසිටිව් ලු... දෙයියන්ගේ පිහිටෙන් අපේ අම්මා නෙගටිව්. එතන හිටපු එකෙක්වත් අපේ අම්ම කියපු දේවල් අහලා නෑ. කාලා බීලා පොදියේ නට නටා හිටියලු.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    21,229
    12,492
    113
    KY
    යුක්රේන කාරයෝ ප්ලේන් වලින් ගෙනල්ලා බෝ කරන එකේ.ඕවා මොනවද
     
    • Like
    Reactions: malakadss

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    13,848
    6,790
    113
    Matara
    අපේ පැත්තෙත් මගුලක් තිබිල කොවිඩ් පොකුරක් හැදිල. 36කට පොසිටිව් වෙලා තිබ්බ. කොහොමවෙයිද දන්නෙ නෑ. අපේ ගෙදරට ගෙවල් දෙකකට එහා ගෙදරක එකෙකුත් පොසිටිව්
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    16,185
    19,306
    113
    තාම ලන්කාවේ
    යුක්රේන කාරයෝ ප්ලේන් වලින් ගෙනල්ලා බෝ කරන එකේ.ඕවා මොනවද
    මෙහෙමනේ මචන් මේකෙන් කෙලවෙන්නේ අපිටමනේ..ඔය මගුල් සීන් එක ඈත්ත. අපේ පෑත්තේ හෝටල් හුගකම ගාන ලිමිට් කරලා තියෙන්නේ. ඒත් එක හෝටලයක් තියෙනවා ඒකේ උන් හුගක් දාන් වෙඩින් කරනවා.. අපේ එවුන් බලන්නේ එවලේ වාසිය. මගුල ගන්න එවුනුත් එහෙමයි, හෝටල් කාරයොත් එහෙමයි.
     
    • Like
    Reactions: lasankandy

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    16,185
    19,306
    113
    තාම ලන්කාවේ
    :-D පොහොට්ටු ආණ්ඩුවක් එනකල් ඉන්න කිව්ව නේද කසාද බඳින්න?
    Sri-Lankan-President-Mahinda-Rajapaksa1.jpg