කොරෝනා කාලේ ආලේ ගෙදරට මාට්ටු රාලේ

Kolama

Well-known member
  • Sep 11, 2008
    12,184
    5,608
    113
    ලිම්පෝපෝ කන්දෙ
    image_7c17a0d274.jpg


    ගාලු මුවදොර පිටියේ සිටි පෙම්වතුන් යුවළකට නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව කොළඹ මහ නගර සභාවේ සෞඛ්‍ය නිලධාරීන් විසින් කරන ලද ඇන්ටිජන් පරීක්ෂාවකදී තහවුරැ වී ඇත.

    සෞඛ්‍ය නිලධාරීන් එම යුවල ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂාවකට යොමු කර තිබෙන අතර එහිදි ඔවුන් දෙදෙනාට වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරැ වී ඇත.

    ඒ බව අනාවරණය වීමත් සමඟ තමන්ට වයිරසය ආසාදනය වී ඇති බව මාපියන්ට දැනුම් නොදෙන්නැයි එම යුවළ සෞඛ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලා ඇති අතර කෙසේ නමුත් වෙනත් විකල්පයක් නොවුණු අතර සෞඛ්‍ය නිලධාරීන් ඒ බව ඔවුන්ගේ මාපියන්ට දැනුම් දී තිබේ.

    ඉන් අනතුරුව ඔවුන් නිරෝධානයය වෙත යොමු කර ඇත.

    කොළඹ මහ නගර සභාවේ සෞඛ්‍ය නිලධාරීන් පසුගිය සතියේදී ගාලු මුවදොර පිටියේ සිටි පිරිස් අහඹු ලෙස තෝරාගෙන ඔවුන් ඇන්ටිජන් පරීක්ෂාවලට යොමු කිරීමට පියවර ගෙන තිබිණි.

    Source: http://www.lankadeepa.lk/latest_news/කොරෝනා-කාලේ-ආලේ-ගෙදරට-මාට්ටු-රාලේ/1-585429
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    11,804
    10,533
    113
    පිස්සුවෙන් වගේ තොල දානකොට කොරෝන බෝවෙන්නෙ නැතුව තියෙයිද..😅
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    10,815
    10,396
    113
    දැන් ඕක ගෙදරට දැනුම් දෙන්න මොකටද උන් දෙන්නගෙ විස්තර වෙන වෙනම මුට කොරෝන ඔයාල පරිස්සන් වෙන්න කියන්න විතරනෙ තියෙන්නෙ. උට බෝ වුනේ කොහෙන්ද කියන එක පබ්ලික් කරන්න ඕනිම නෑනෙ.
     
    • Like
    Reactions: windows_ubuntu