කොරෝනා ප්‍රභේදයේ අසාදිත රෝගීන් හමු වූ ප්‍රදේශයන්හි සංචරණය සීමා කිරීමට පියවර. #CORONA

yapa100

Well-known member
  • Oct 21, 2009
    4,779
    5,963
    113
    අපේ ගෙදර
    🔴BREAKING NEWS
    කොරෝනා ප්‍රභේදයේ අසාදිත රෝගීන් හමු වූ ප්‍රදේශයන්හි සංචරණය සීමා කිරීමට පියවර ගන්නා බව කොවිඩ් රෝග මර්දන හා ප්‍රාථමික සෞඛ්‍ය සේවා රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි.

    එම ප්‍රදේශවලින් පිටතට වෛරසය පැතිරී යාම අවම කිරීම සඳහා සංචරණ සීමා පැනවයි යුතුව ඇති බවයි.

    මෙම නව ප්‍රභේදය ඉතා වේගයෙන් පැතිරෙන බවට හඳුනාගෙන ඇති බව ද ඇය සඳහන් කළා ය.

    රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ප්‍රකාශ කළේ, පවතින තත්වය යටතේ ජනතාව වඩා ආරක්ෂාකාරී විය යුතු බවයි.

    මේ පිළිබඳ ඉදිරි පියවර ගැනීම සඳහා කොරෝනා වෛරස් ප්‍රභේදයේ වෙනස්වීම් පිළිබඳ විශ්ලේෂණය කරන විශේෂඥයින් හා සෞඛ්‍ය බලධාරීන් අතර හමුවක් අද දිනයේ පැවැත්වෙනු ඇති.

    බ්‍රිතාන්‍යයේ වේගයෙන් පැතිර යන COVID-19 නව වෛරස් ප්‍රභේදය කොළඹ, අවිස්සාවේල්ල, වව්නියාව, බියගම යන ප්‍රදේශවලින් වාර්තා වී ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතයේ අධ්‍යක්ෂවරයා පසුගිය සතියේ ප්‍රකාශ කළේ ය.

    එම නව වෛරස් ප්‍රභේදය මෙරට ද ඇති බව තහවුරු වී තිබුණේ, ඉහත ප්‍රදේශවලින් ලබා ගත් අහඹු නියැදි පරීක්ෂා කිරීමෙන් අනතුරුවයි.
     
    Last edited:

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    18,204
    24,373
    113
    තාම ලන්කාවේ
    ඉතින් බන් ලංකාව පුරාම දැන් ලෙඩ්ඩු ඉන්නවනේ.
    කොහෙද අර පැලියගොඩ මාළු කඩේ ගාව දැන් සිමා දායිද? :lol:
    මාලු කඩේ වහයි නේ.. තාම රචනාවක් නම් ආවේ නෑ ඹB 1.1.7 සහා පෑළියගොඩ පොකුර කියලා
     
    • Haha
    Reactions: bestdivx

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    3,086
    1
    2,613
    113
    127.0.0.1
    තාම සමාජේ බෝ වෙලා නෑ ආයුබෝවන්ඩ... ඒ උනාට අහඹු පරීකශාවෙන් නව වෛරස් එක ..

    කාවද බන් මේ රවට්ටන්නේ @erozan @2osama

    vaccine eka okatath weda kiyala Dr. Neelikath kiyala thibbane.
    ලන්කාවෙදි වැඩ කරනවා ඇති, ඒ උනාට බ්‍රිතාන්‍යෙන් නම් තාම තහවුරු කලේ නැ
    ------ Post added on Feb 15, 2021 at 2:30 PM
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    4,331
    2,629
    113
    පෘථිවිය
    ලංකාවේ මිනිස්සු කිසිම වැඩක් නැහැ
    පුළුවන් තරම් බලන්නේ මාස්ක් එක හොරෙන් දාගෙන යන්න

    ඉතින් මේවට ආණ්ඩුවටයි, පි එච් අයි එවුන්ටයි බැනල වැඩක් නැහැ

    ඔෆිස් එකකට ගියොත් ඕන තරම් පේනවා මාස්ක් නොදා ඉන්න එවුන්

    අනික මාකට් වල, බස් වල තේරුමක් නැහැ
    මිනිස්සු ඔක්කොම වාසියට අරගෙන ආණ්ඩුවට ඇඟිල්ල දික්කරනවා
     
    • Like
    Reactions: erozan