කොවිඩ් තවමත් සමාජයේ ව්‍යාප්ත වී නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් කියයි

Erzo

Well-known member
  • Aug 4, 2018
    3,761
    1,522
    113
    Heaven :p
    බොරුවටනෙ බයවෙලා දගලන්නෙ මේ මිනිස්සු 😒😪



    කොවිඩ් වෛරසයේ සමාජ ව්‍යාප්තියක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

    සිදු කරන PCR පරීක්ෂණවලින් 3.5% ත් 4% ත් අතර ප්‍රතිශතයක් පමණක් ආසාදිතයින් ලෙස හඳුනා ගන්නා බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේ.

    එම ප්‍රතිශතය 5% ඉක්මවුවහොත් පමණක් සමාජ පැතිරීමක් යැයි හැඳින්විය හැකි බව ඔහු පෙන්වා දෙනවා.

    තවදුරටත් කොරෝනා ව්‍යාප්තිය පාලනය කරගනිමින් පවත්වාගෙන යාමට සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට හැකිව ඇති බවයි අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ.

    එම තත්ත්වයන් ආරක්ෂා කරගැනීමට ජනතාව මෙතෙක් ලබා දුන් සහයෝගය තවදුරටත් අපේක්ෂා කරන බව ද ඔහු පැවසුවා.
     
    • Like
    Reactions: hodakolla

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    7,224
    1,814
    113
    Westනාහිර
    ඕකුන්ට ඕන කොරෝනා වැඩි කරගන්න..ලංකාවේ කොරෝනා තනිකරම බිස්නස් ඵකක්නේ දැන්.රට ඉන්න අපේ උන්ව ගන්න ලක්ෂ ගණන් ගන්නෙ..ඒකම අැති උදාහරණයකට.
     
    • Like
    Reactions: xVOLDYx

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    142
    290
    63
    ඩොටේ
    ඔව් ඉතින් වැරදිලාවත් කිව්වොත් එහෙම සමාජ ව්‍යාප්තියක් තියෙනවා කියලා ඊළඟ දවසේ රස්සාව කරන්න වෙන්නෙ පරිසර අමාත්‍යංශය වගේ එකකනේ :LOL:
     
    • Haha
    Reactions: bestdivx and HSW