ආපහු යනකොට මේ පාරවල් දෙකෙන් එකක් යන්න, හැබයි රෑවෙන්න කලින් බෙරගලට යන්න වෙනව
1. Monaragala- Wellawaya - Ella - Haputhale - Beragala - Rathnapura - colombo
මේකෙන් යනකොට වැල්ලවාය පහුකරල ඇල්ල පාරෙ යනකොට පට්ට..
ඉස්සල්ලම හම්බවෙන්නේ රාවණා ඇල්ල, එතන පොඩ්ඩක් නවත්තලා පොඩ්ඩක් නානවනම් නාල යන්න පුලුවන්.
ඊලඟට ඇල්ල සිටි, Time තියෙනවනම්, පුංචි සිරිපාදෙයි ආරුක්කු නවයේ පාලමයි බලන්න යන්න..
හවස් වෙන්න කලිං හපුත්ලේට යාගන්න පුළුවන් වුනොත්, Lipton Seat බලන්න යන්න
2. Monaragala- Wellawaya - Beragala - Rathnapura - colombo
වැල්ලවායට ඇවිත් බුදුරුවාගල පංසල බලන්න යන්න පුළුවන්, නැත්තන් ඇල්ලවල දිය ඇල්ල බලන්න යන්න.
වැල්ලවායෙන් බෙරගල පාරේ ගිහින් දියලුම ඇල්ල බල්න්න පුලුවන්, ඒක තියන්නේ යන පාරෙමයි, තිබ්බොත් උඩ දියලුමත් බලලම යන්න,