ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයට රුපියල් කෝටි 310ක් වැය කර වැඩ නොකරන විදුලි ජනන යන්ත්‍ර 50ක් මිලදී ගෙන ඇති බව කෝප් කමිටුවේදී අනාවරණය වී තිබෙනවා.
මෙම ජනක යන්ත්‍ර මිලදී ගන්නා විට ඒවා ක්‍රියාකාරී තත්වයේ නොපැවතුණ බව කමිටුව නියෝජනය කළ සාමාජික මන්ත්‍රීවරු පවසා සිටියා.
මෙම මිලදී ගැනීම්වල දී තත්ව පරීක්ෂාවක් සිදු වූවාද යන්න සහ ඒ සඳහා වියදම් වූ මිල ගණන් සම්බන්ධයෙන් ඔවුහු විදුලි බලමණ්ඩලයේ නිලධාරින්ගෙන් කරුණු විමසා සිටිය අතර ඔවුන් පවසා සිටියේ දැනට මෙම යන්ත්‍ර ක්‍රියාකාරීව පවතින බවයි.
කෙසේ නමුත් කෝප් කමිටුවේ සාමාජික මන්ත්‍රීවරුන් පෙන්වා දුන්නේ මෙම යන්ත්‍ර දැන් ක්‍රියාත්මක වන්නේ විශාල වියදමක් දරා කළ අලුත්වැඩියාවකින් පසුව බවයි.
ක්‍රියාකාරී නොවන යන්ත්‍ර මිලදී ගත්තේ ඇයි දැයි විධිමත් විමර්ශනයක් කළ යුතු බවද සාමාජික මන්ත්‍රීවරු පෙන්වා දී තිබුණා.