ගම්පහ දිස්ත්‍රික්කය කොරෝනා පාලනයෙන් ගිලිහෙමින්.. රෝගීන්ගේ සුලමුල සොයා ගැනීමට නොහැකි තත්ත්වයක්…

Die-hard

Well-known member
  • Jul 10, 2017
    4,581
    867
    113
    මේ වන විට ගම්පහ දිස්ත්‍රික්කය තුළ කොරෝනා වෛරස පාලනය සෞඛ්‍ය අංශ වලින් ගිලිහෙමින් අති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

    දිස්ත‍්‍රික්කයෙන් ආසාදිතයන් වාර්තා වීම විශාල වශයෙන් ඉහළ ගොස් ඇතැයි සංගමයේ ලේකම් මහින්ද බාලසූරිය මහතා කියා සිටියි.

    මේ වන විට රෝගය පැතිරීමේ සුලමුල සොයා ගැනීමට නොහැකි තත්ත්වයක් ඇති වෙමින් තිබෙන බවද ඔහු පවසයි.

    වෛරසය පාලනය කිරීමට මහජනතාවගෙන් ලැබෙන සහාය පිළිබඳ කිසිසේත්ම සෑහීමකට පත්වෙන්න නොහැකි බවත් ලේකම්වරයා තව දුරටත් කියා සිටියේය.
     
    • Like
    Reactions: NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    4,208
    14,506
    113
    Gampaha
    වෙන්නඇති,
    අපේ පැත්තෙ පොසිටිවු උන මාළු විකුණන කෙනෙක් pcr කරල ගෙදර ඉන්න කිවුවම රිපෝට් එන්න කලින් හැම තැනම රස්තියාදුවෙ ගිහින්.
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    4,581
    867
    113
    වෙන්නඇති,
    අපේ පැත්තෙ පොසිටිවු උන මාළු විකුණන කෙනෙක් pcr කරල ගෙදර ඉන්න කිවුවම රිපෝට් එන්න කලින් හැම තැනම රස්තියාදුවෙ ගිහින්.
    දැන් ඔය වගේ උන් ගෙදර නිරෝදනය වේවිද බන්... බඩු පැකට් වීමක් අත ලග...
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    2,389
    1,021
    113
    Corona import කරලා factory බෝ කරල රට වටේටම බෙදල ඇරපු එක ඇරෙන්න කිසිම දෙයක නොකරපු ආයතනේ මහපු Mask ටිකට මොනවද දන්නෙ නෑ නේද කලේ?
    Mask ගන්නකොට පරිස්සමින් ඒවත් මෙහෙ Market එකට දාලද දන්නෙ නෑ ඕකුන්
     
    • Like
    • Sad
    Reactions: Die-hard and D_Mad

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    11,210
    7,818
    113
    තාම ලන්කාවේ
    අද නම් කට්ටිය පාරෙ නෑ. මෑරෙන්න පටන් ගත්තම බය වෙලා වගේ..දෑන් නම් සමාජේ කෑලිත් නෑ... පීක් එක තව බෝහෝ දුරද කියලා මම බය වෙලා ඉන්නේ
     
    • Like
    Reactions: Gwynbleidd

    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    943
    262
    63
    මේ වන විට ගම්පහ දිස්ත්‍රික්කය තුළ කොරෝනා වෛරස පාලනය සෞඛ්‍ය අංශ වලින් ගිලිහෙමින් අති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

    දිස්ත‍්‍රික්කයෙන් ආසාදිතයන් වාර්තා වීම විශාල වශයෙන් ඉහළ ගොස් ඇතැයි සංගමයේ ලේකම් මහින්ද බාලසූරිය මහතා කියා සිටියි.

    මේ වන විට රෝගය පැතිරීමේ සුලමුල සොයා ගැනීමට නොහැකි තත්ත්වයක් ඇති වෙමින් තිබෙන බවද ඔහු පවසයි.

    වෛරසය පාලනය කිරීමට මහජනතාවගෙන් ලැබෙන සහාය පිළිබඳ කිසිසේත්ම සෑහීමකට පත්වෙන්න නොහැකි බවත් ලේකම්වරයා තව දුරටත් කියා සිටියේය.

    'වෛරසය පාලනය කිරීමට මහජනතාවගෙන් ලැබෙන සහාය පිළිබඳ කිසිසේත්ම සෑහීමකට පත්වෙන්න නොහැකි බවත් ලේකම්වරයා තව දුරටත් කියා සිටියේය.'

    ඕකට හේතුව කිව්වේ කාලෙකට කලින් ..ස තරම් අපිට IQ එකක් නැති නිසා එව්ව ගණන් ගන්නේ නෑ ...ඒ කාලෙම කරන්න ඕනි දේවල් ටිකක් තිබුන ඒ ටික කලා නම් මිනිස්සුන්ගේ විනය සෑහෙන දුරට හදාගන්න තිබුන ...දැන් වෙන්නේ තව මාස දෙකක්වත් යනව ආකල්ප හදන්න ...තාමත් ගහන මරණ වෙඩිතියන ආකල්ප වල ඉන්නේ ..මහ උන්ගේ විදියට තමයි හීන් උනුත් ...
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    2,389
    1,021
    113
    මේ වෙලාවෙත් දෙපැත්තට බෙදිලා මරාගන්නවනෙ දේශපාලුවන්ට කඩේ යන මෝඩ හැත්ත.

    දේශපාලුවන්ට හැදුනොත් බේරගන්න වෙනම VIP Hospital ලෑස්ති ඇති. හොඳම doctors, equipment, facility .ඔක්කොම මහජන මුදලින්. ඒවගෙ බිල් ගෙවන එවුන්ට වෙන්නෙ කිසිම පහසුකම නැතිව ගෙවල ඇතුලෙම මැරිල යන්න . කඩේ යන කුක්කන්ටත් එච්චරම තමයි
    ඉතාලියෙ මැරුණු කාලෙ එක්කෙනෙක් video එකක් දාල තිබ්බෙ තමන්ගෙ සහෝදරියගෙ මිනිය ගාව ඉඳන් ගේ ඇතුලෙ. මිනිය ගෙනියන්නවත් kawruth එන්නෙ නෑ. කියල. මෙහෙ එහෙම තත්වයක් ආවොත් ඒත් කෙලවෙන්නෙ දුප්පත් එකාටම තමයි
    දැන් පාරවල වල් ඉන්නෙත් දුප්පත් එවුන් විතරයි. උන්ට විතරයි වැඩ කරපල්ලා කියන්නෙ.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    11,210
    7,818
    113
    තාම ලන්කාවේ
    'වෛරසය පාලනය කිරීමට මහජනතාවගෙන් ලැබෙන සහාය පිළිබඳ කිසිසේත්ම සෑහීමකට පත්වෙන්න නොහැකි බවත් ලේකම්වරයා තව දුරටත් කියා සිටියේය.'

    ඕකට හේතුව කිව්වේ කාලෙකට කලින් ..ස තරම් අපිට IQ එකක් නැති නිසා එව්ව ගණන් ගන්නේ නෑ ...ඒ කාලෙම කරන්න ඕනි දේවල් ටිකක් තිබුන ඒ ටික කලා නම් මිනිස්සුන්ගේ විනය සෑහෙන දුරට හදාගන්න තිබුන ...දැන් වෙන්නේ තව මාස දෙකක්වත් යනව ආකල්ප හදන්න ...තාමත් ගහන මරණ වෙඩිතියන ආකල්ප වල ඉන්නේ ..මහ උන්ගේ විදියට තමයි හීන් උනුත් ...
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    4,208
    14,506
    113
    Gampaha
    දැන් ඔය වගේ උන් ගෙදර නිරෝදනය වේවිද බන්... බඩු පැකට් වීමක් අත ලග...
    පිස්සුද බං. ගෙදර නිරෝධායන කතාව තනිකර බයිලයක්. දැන්නං වැඩේ තනිකර අල වෙලා වගේ තියෙන්නෙ.