නුවණ කියලා කියන්නේ හරි පුදුමාකාර දෙයක් ප්‍රඥාවන්ත කෙනෙක් වෙන්න මොනතරම් නම් වාසනාවක් තියෙන්න ඕන ද ! ඒත් හැමෝටමට ප්‍රඥාවන්ත වෙන්න බැහැනෙ. අප භාග්‍යවතුන් වහන්සේ ජීවමාන කාලෙ වුණත් එහෙම තමයි ප්‍රඥාවන්ත පිරිස ඉන්නේ ටිකයි. 

අප සම්බුදු රජාණන් වහන්සේ ජීවමාන කාලෙ බරණැසත් උරුවේලාවත් අතර, පාවා කියන ප්‍රදේශයේ වාසය කළ, තිහක් පමණ තරුණ යහළුවන් හිටියා.

දවසක් මේ ඇත්තන්ට උයන් ක්‍රීඩාවට යන්නට ආසාවක් ඇතිවුණා. හැබැයි විසිනව දෙනකුට කුමාරිකාවන් ඉන්නවා. එක් අයකුට පමණක් කුමාරිකාවක් නැහැ. ඉතින් ඒ කුමාරයා සඳහා තරුණ කාන්තාවක් මිලට ගත්තා.

මේ කාන්තාව වෙසඟනක්. මේ උද්‍යාන ක්‍රීඩාවේ යෙදෙන තරුණයන් මේ තරුණිය ගැන කිසිම අවිශ්වාසයක් කළේ නැහැ. අවස්ථාව බලලා මේ කාන්තාව මොකද කළේ, සියලුම දෙනාගේ බඩුමුට්ටු ආභරණ රැගෙන පැනලා ගියා.

ඊට පස්සේ මේ බව දැනගත්ත මේ තරුණයන් ටික කලබල වුණා. තම කුමාරිකාවන් නිවෙස් වලට පිටත් කර, අර සොරකම් කළ කාන්තාව සොයන්නට කලබලෙන් එහෙ මෙහෙ ගියා.
ඒ උද්‍යානයේ එක් පැත්තක රුක් සෙවණක අප සම්බුදු රජාණන් වහන්සේ වැඩ සිටියා. මේ අය ගිහින් ඇහුවා,
️“පින්වත් ශ්‍රමණයන් වහන්ස.. 

මේ පැත්තෙන් ගෑනු ළමයෙක් ගියා ද ?”
“පින්වත් තරුණයනි.. 

ගෑනු ළමයා හොයන එකද හොඳ ? සැබෑවටම තමන් කවුද කියලා හොයන එකද හොඳ ?”
️“පින්වත් ශ්‍රමණයන් වහන්ස.. 

අපට නම් හිතෙන්නේ ගෑනු ළමයා හොයන එකට වඩා තමන් කවුද කියලා අවබෝධ කරගන්න එක උතුම් කියලයි..”
.
ඊට පස්සේ මේ තරුණයන්ට සම්බුදු රජාණන් වහන්සේගෙන් ධර්මය අසන්නට ලැබුණා. එදා මේ සියලු දෙනාටම චතුරාර්‍ය සත්‍යය පිළිබඳව යම්කිසි වැටහීමක් ඇතිවුණා. ඒ කියන්නේ ඒ හැමෝම සෝවාන් වුණා.

ඉතින් මේ තරුණ සියළු දෙනාම ගිහි ජීවිතය අත්හරින්න තීරණය කළා. මේ ජීවිතයේ දී ම කෙලෙස් ප්‍රහාණය වනතුරු ම ධර්ම මාර්ගය දියුණු කරන්න ඕන කියලා දැඩිව අධිෂ්ඨාන කළා. බුදුරජාණන් වහන්සේගෙන් පැවිදිබව ඉල්ලා සිටියා.

එවිට බුදුරජාණන් වහන්සේ දකුණු ශ්‍රී හස්තය දිගු කොට මෙහෙම වදාළා.
“පින්වත් මහණෙනි.. 

එන්න. මේ ශාසනය තුළ මනාකොට දේශනා කළ ධර්මයක් තියෙන්නෙ. දුක් කෙළවර කිරීම පිණිස දහමේ හැසිරෙන්න..”
.
කියලා. හරිම පුදුමයි ! ආශ්චර්යයි ! විස්මිතයි ! අර තරුණයන්ගේ කෙස් රැවුල් නොපෙනී ගියා. ගිහි ඇඳුම් නොපෙනී ගියා. ඍද්ධියෙන් සිවුරු පෙරවුණා. පාත්‍ර අතට ලැබුණා. මෙයට තමයි ‘ඒහිභික්ෂු’ උපසම්පදාව කියල කියන්නේ. මේ අවස්ථාව හැමෝටම ලැබෙන්නේ නෑ. සසරේ කරන ලද පින් වලට අනුවයි මෙම ඒහිභික්ෂු උපසම්පදාව ලැබෙන්නේ. අනික බුදුරජාණන් වහන්සේ නමකගෙන් විතරයි එය ලැබෙන්නේ. වෙන කාගෙන්වත් ලැබෙන්නේ නෑ.

ඉතින් මේ ඒහිභික්ෂුභාවය ලබන්න තරම් අර තරුණයන් සියළු දෙනාටම පුදුමාකාර පිනක් තිබුණා.

ඉතින් ඒ පින්වත් ස්වාමීන් වහන්සේලා සියලු දෙනා එදා සිට ඉතා හොඳින් සීලවන්තව සිටියා. පිණ්ඩපාතයෙන් ජීවත් වුණා. පාංශුකූල සිවුරු පෙරෙව්වා. තුන් සිවුරෙන් විතරයි සිටියේ. එසේ උන්වහන්සේලා සතර සතිපට්ඨානය වඩමින් සමථ විදර්ශනා භාවනාවන් පුරුදු කළා. එනම් ධ්‍යාන වැඩුවා. ස්කන්ධ ධාතු ආයතන ආදී විදර්ශනා වැඩුවා.

දවසක් මේ ස්වාමීන් වහන්සේලාට හිතුණා බුදුරජාණන් වහන්සේව බැහැදකින්නට යන්න ඕන කියලා. ඉතින් මේ උන්වහන්සේලා සම්බුදු රජාණන් වහන්සේ බැහැදකින්න රජගහනුවර වේළුවනයට වැඩියා.

එදා බුදුරජාණන් වහන්සේට මෙහෙම හිතුණා.
‘මේ භික්ෂූන් වහන්සේලා වාඩි වී සිටින ආසනයේදීම සියලු කෙළෙස් සිතෙන් දුරු වී යන ආකාරයෙන් ධර්ම දේශනා කරන්නට ඕන..’
කියලා. එදා කළ දේශනාව හරිම පුදුමයි. ඉපිද ඉපිද, මැරි මැරී පැමිණි සසරේ පුද්ගලයෙකුට විඳින්නට ලැබෙන මේ අනන්ත අප්‍රමාණ දුක් කන්දරාව ගැන බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා.

පින්වත් මහණෙනි.. 

මේ ඉපදෙන මැරෙන ස්වභාවයේ ඉවර වීමක් නැහැ. කවදා පටන් ගත්තා ද කියල කොණක් පොටක් පෙනෙන්නෙත් නැහැ. චතුරාර්‍ය සත්‍යය අවබෝධ වෙලා නැතිකම නැමැති අවිද්‍යාවට වැසුණු සත්වයන් ඒ නිසාම තණ්හාවට බැඳෙනවා. එහෙම තමයි දීර්ඝ කාලයක් තිස්සේ ඉපදි ඉපදි මැරි මැරී ආවේ.."
පින්වත් මහණෙනි.. 

ඔබට කුමක්ද හිතෙන්නේ ? ඔබ මේ සා දීර්ඝ වූ සසර පුරාවට පැමිණි ගමනේ දී හිස ගැසුම් කන්නට සිදුවීම නිසා ගලාගෙන ගිය ලේ ද වැඩි ? සතර මහා සාගරයේ ජලය ද වැඩි ?”
“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස.. 
භාග්‍යවතුන් වහන්සේ විසින් අවබෝධයෙන් දේශනා කරන ලද ධර්මය මේ විදිහටයි අපි දන්නේ..
ඒ කියන්නේ ස්වාමීනී.. මේ සා අති දීර්ඝ කාලයක් මුළුල්ලෙහි සසරේ ඇවිද ඇවිද පැමිණි ගමනේ දී අපට හිස ගැසුම් කන්නට සිදුවීම නිසා ගලාගෙන ගිය ලේ ම යි වැඩි, සතර මහා සාගරයේ ජලය නොවේ..”
“සාදු ! සාදු ! පින්වත් මහණෙනි, මා විසින් අවබෝධයෙන් ම දෙසන ලද ධර්මය ඔබ දරාගෙන සිටිනා අයුරු ඉතා යහපත්. ඒ කියන්නේ,
පින්වත් මහණෙනි.. 
‘මේ සා අති දීර්ඝ කාලයක් මුළුල්ලෙහි සසරේ ඇවිද ඇවිද පැමිණි ගමනේ දී ඔබට හිස ගැසුම් කන්නට සිදුවීම නිසා ගලාගෙන ගිය ලේ ම යි වැඩි, සතර මහා සාගරයේ ජලය නොවේ කියල..’
‘ඒ වගේ ම පින්වත් මහණෙනි.. 

මේ සා අති දීර්ඝ කාලයක් මුළුල්ලෙහි සසරේ ඇවිද ඇවිද පැමිණි ගමනේ දී ඔබට,
ගවයන් වෙලා ඉපදීම නිසා හිස ගැසුම් කන්නට සිදුවීමෙන් ගලාගෙන ගිය ලේ ම යි වැඩි..
මීහරක් වෙලා ඉපදීම හේතුවෙන්..
එළුවන් වෙලා ඉපදීම හේතුවෙන්..
කොටළුවන් වෙලා ඉපදීම හේතුවෙන්..
මෘගයින් වෙලා ඉපදීම හේතුවෙන්..
ඌරන් වෙලා ඉපදීම හේතුවෙන්..
කුකුළන් වෙලා ඉපදීම හේතුවෙන්..
ගම් පහරන සොරුන් වෙලා ඉපදීම හේතුවෙන්..
මං පහරන සොරුන් වෙලා ඉපදීම හේතුවෙන්..
හොර අඹුවන් කරා යෑම හේතුවෙන්..
හිස ගැසුම් කද්දි ගලාගෙන ගිය ලේ ම යි වැඩි. සතර මහා සාගරයේ ජලය නොවේ කියල..
එනිසා පින්වත් මහණෙනි.. 

මේ ඉපදෙන මැරෙන ස්වභාවයේ ඉවර වීමක් නැහැ. කවදා පටන්ගත්තා ද කියල කොණක් පොටක් පෙනෙන්නෙත් නැහැ. චතුරාර්‍ය සත්‍යය අවබෝධ වෙලා නැතිකම නැමැති අවිද්‍යාවට වැසුණු සත්වයන් ඒ නිසාම තණ්හාවට බැඳෙනවා. එහෙම තමයි දීර්ඝ කාලයක් තිස්සේ ඉපදි ඉපදි මැරි මැරී ආවේ..
පින්වත් මහණෙනි.. 

එනිසා සසර කෙරෙහි කලකිරෙන එක ම යි හොඳ. සසරෙන් නිදහස් වෙන එක ම යි හොඳ..
එතකොට ඒ භික්ෂූන් වහන්සේලා සිත එකඟ කරගෙන මේ භයානක සසර ගමන ගැන කිසි දිනෙක නො ඇසූ විරූ විස්තර සම්බුදු රජාණන් වහන්සේගෙන් අසා සිටිද්දී උන්වහන්සේලාට ජීවිතය ගැන ඉතා ගැඹුරු අවබෝධයක් ඇති වුණා. අවබෝධයෙන්ම සසර පැවැත්ම එපා වුණා. ඒ නිසා ඇල්ම නැතිවුණා. ඇල්ම නිරුද්ධ වුණා. උන්වහන්සේල් ඒ වාඩි වී සිටි ආසනයේදී ම සියලු කෙලෙසුන්ගෙන් නිදහස්ව උතුම් වූ අරහත්වයට පත්වුණා.

එතකොට අනෙක් භික්ෂූන් වහන්සේලා මේ දෙතිස්නමගේ නුවණැති බව ගැන පුදුමයට පත්වුණා.

“අහෝ ! මේ භික්ෂූන් වහන්සේලා ඉතා ඉක්මනින් අරහත්වයට පත්වුණා නෙව. මෙය නම් ආශ්චර්යයි..”
.
කියලා. එතකොට භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ අරභයා මෙම ගාථාරත්නය වදාළා.

මුහුත්තම්පි චේ විඤ්ඳූ
පණ්ඩිතං පයිරුපාසති
ඛිප්පං ධම්මං විජානාති
ජිව්හා සූපරසං යථා
ඉදින් නුවණ තියෙන කෙනා
මොහොතක සුළුකලක් තුළ දී
ඇසුරු කළොත් නැණවතෙකුව
සැණෙකින් ධර්මය දන්නේ
හොඳ රසවත් බොජුන් සැණින්
දිව මත තැවරෙන විටදි ම
ඒ බොජුනේ තැවරී ඇති
හැම රසයන් වැටහෙන්නේ !

.
මේ කතාවෙන් කොතරම් අපූරුවට මේ නුවණේ මහිමය පැහැදිලි වෙනවා ද ! උන්වහන්සලා ඒ අසුන් ගෙන සිටි ආසනයේ දී ම නිකෙලෙස් බව ට පත්වුණා. ඒ හැකියාව ලැබුණේ තමන්ගේම නුවණ නිසයි.

භාග්‍යවතුන් වහන්සේ ඇසුරු කළ සුළු කාලය තුළ උන්වහන්සේගේ මුවින් ගලා ගිය ඒ උතුම් ධර්මය සැණෙකින් අවබෝධ කරගත්තා. දිවට රස දැනෙනවා වගේ.

•═══════•••••••••••••••️•••••═══════•