ගුරු විරුවන්ටත් තව දීමනාවක් ඕනලු

R O B U S T A

Well-known member
  • Dec 13, 2020
    1,462
    3,962
    113
    job eke salary madi nam IT field eke di nam karanne wena tanakata yana eka. me field ekedi eka kochchara practical da kiyala nam man danne na. eth gov ekama denakan balagena enne nathuwa thaman mahansi wela deyak karoth thamai honda.

    මට තියෙන ප්‍රශ්නෙත් ඒක
    රජයේ සේවකයන්ට පඩි මදිනම් අපි වගේ වෙන ජොබ් එකකට යන්න පුළුවන්නේ
    වෙන රටක ජොබ් එකක් හොයා ගන්න පුළුවන්නේ
    එහෙමත් බැරිනම් තමන්ගේ බිස්නස් එකක් කරන්න ඕන
    මුන්ට කොච්චර පඩි ගෙව්වත් මදි හැමදාම ප්‍රස්න

    මුන්ට ඕන නිකන් ඉදන් ටෙන්ෂන් එකක් නැතිව පඩි ගන්න
    පැන්ෂන් එක ගන්න
    පැන්ෂන් එක බලාගෙන රජයේ ජොබ් වලට රිංග ගන්නවා
    ඉතින් මාසේ පඩිය මදි කියලා හැමදාම නහයෙන් අඩනවා
    නාකි වෙලා විශාම ගියාම පැන්ෂන් එකත් මදි
    නිකන්ම ජිවිතේ කාලකන්නි කරගන්නවා
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    21,639
    1
    31,850
    113
    තාම ලන්කාවේ
    මම දන්න පවුලක් ඉන්නවා ගෑණී මිනිහා දෙන්නම ගුරුවරු.. ණය ගෙව්වාම කන්න වත් මදි කිව්වා ඉතුරු වෙන ගාණ. උන් හෙනම ප්‍රශ්ණෙක ඉන්නේ. මිනිහා රස්සාවෙන් නිවාඩු අරන් පිටරටකට යන්න ට්‍රයි කරනවා කිව්වා.. හිතනවාට වඩා මිනිස්සුන්ට සෑහෙන්න ප්‍රශ්ණ තියෙනවා වගේ. ගෑණී නම් මන්දා මිනිහා නම් හොද දක්ෂ විද්‍යා ගුරුවරයෙක්. හොදට උගන්නන්න පුලුවන්. ටියුශන් කරනවා. ඒත් දෑන් ලබෙන ආදායමට වඩා වියදම හුගක් ඉහල ගිහින් ලු..

    කවුරුත් මිනිස්සුනේ දරුවෝ එක්ක නොකා නොබී මෑරෙන්නද?

    ලන්කාවේ රස්සාවලුත් නෑ. රිස්ක් එකක් අරන් රට යන්න තමා හෑම එකාටම වෙන්නේ
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    21,639
    1
    31,850
    113
    තාම ලන්කාවේ
    ඔය උද්දමනයට හේතුවත් සල්ලි අච්චු ගගහ පඩි ගෙවපු එක තමයි සමහර නිකන් ඉන්න උන්ට.
    මතකනේ අමාරුවෙන් දුවද්දිත් ගෝඨා 50000 රස්සා දුන්නා.. මේක එක දවසින් වෙනස් කරන්න ගියොත් වෙන්නේ මිනිස්සු පවුල් පිටින් දිවි නහගන්න එක. දෑන් ඈත්තටම එහෙම තත්වයක් තමයි එන්න යන්නේ..

    අධ්‍යාපන ක්‍රමයේ ඉදලම වෙනස් වෙන්න ඕනේ. රෑකියා වලට ගෑලපෙන අධ්‍යාපනයක් මිසක් දෑන් තියෙනවා වගේ කලා උපාධි වලින් රට පුරවන ක්‍රමයක් හරි යන්නේ නෑ..
    ජර්මන් ටෙක් වගේ ආයතන තව හුගක් ඕනේ.. සොෆ්ට්වෙයා උගන්නන්න ඕනේ.. ප්‍රයිවට් කෑම්පස්, විශේෂයෙන්ම මෙඩිකල් කොලේජ් ලන්කාවේ පටන් ගන්න ඕනේ..
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    21,639
    1
    31,850
    113
    තාම ලන්කාවේ
    Rajja sewaya bagekin adu karala inna ayata padi wadi kala nam thama hoda
    ඒ වගේ දෙයක් තමා කරන්න වෙන්නේ. ඒත් හිතපන්කෝ ලක්ශ 7 කට විතර එක පාර රස්සා නෑති වෙනවා කියන්නේ පවුල් කීයක් මොන තරම් ලොකු අමාරුවක වෑටෙනවා ද කියලා? හිතා ගන්න බෑ බන් මේකට විසදුම.. රාජපක්ශලා රට ගෙනත් දාපු තෑන
     

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    732
    790
    93
    මම දන්න පවුලක් ඉන්නවා ගෑණී මිනිහා දෙන්නම ගුරුවරු.. ණය ගෙව්වාම කන්න වත් මදි කිව්වා ඉතුරු වෙන ගාණ. උන් හෙනම ප්‍රශ්ණෙක ඉන්නේ. මිනිහා රස්සාවෙන් නිවාඩු අරන් පිටරටකට යන්න ට්‍රයි කරනවා කිව්වා.. හිතනවාට වඩා මිනිස්සුන්ට සෑහෙන්න ප්‍රශ්ණ තියෙනවා වගේ. ගෑණී නම් මන්දා මිනිහා නම් හොද දක්ෂ විද්‍යා ගුරුවරයෙක්. හොදට උගන්නන්න පුලුවන්. ටියුශන් කරනවා. ඒත් දෑන් ලබෙන ආදායමට වඩා වියදම හුගක් ඉහල ගිහින් ලු..

    කවුරුත් මිනිස්සුනේ දරුවෝ එක්ක නොකා නොබී මෑරෙන්නද?

    ලන්කාවේ රස්සාවලුත් නෑ. රිස්ක් එකක් අරන් රට යන්න තමා හෑම එකාටම වෙන්නේ
    කොහෙද කොලබද? කොලබින් පිටද
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    40,362
    12,406
    113
    Black Pearl
    මම දන්න පවුලක් ඉන්නවා ගෑණී මිනිහා දෙන්නම ගුරුවරු.. ණය ගෙව්වාම කන්න වත් මදි කිව්වා ඉතුරු වෙන ගාණ. උන් හෙනම ප්‍රශ්ණෙක ඉන්නේ. මිනිහා රස්සාවෙන් නිවාඩු අරන් පිටරටකට යන්න ට්‍රයි කරනවා කිව්වා.. හිතනවාට වඩා මිනිස්සුන්ට සෑහෙන්න ප්‍රශ්ණ තියෙනවා වගේ. ගෑණී නම් මන්දා මිනිහා නම් හොද දක්ෂ විද්‍යා ගුරුවරයෙක්. හොදට උගන්නන්න පුලුවන්. ටියුශන් කරනවා. ඒත් දෑන් ලබෙන ආදායමට වඩා වියදම හුගක් ඉහල ගිහින් ලු..

    කවුරුත් මිනිස්සුනේ දරුවෝ එක්ක නොකා නොබී මෑරෙන්නද?

    ලන්කාවේ රස්සාවලුත් නෑ. රිස්ක් එකක් අරන් රට යන්න තමා හෑම එකාටම වෙන්නේ

    mewa wisadanna amaru prashna
    dan babysitter kenekta gewnawa 35k-40k

    apita kiyanna lesiy wena job ekak hoyaganna kiyala
    hamoma wena jobs walata giyama iskola wala itiri wenne chorama set eka

    anduwa paththen salary wedi karana ekath amarui education kiyanne free service ekak nisa income ekak nathi nisa
    dan ratama bankaloth nisa mata hithenne schools wahei or private karai :dull:
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    21,639
    1
    31,850
    113
    තාම ලන්කාවේ
    ලබන මාසයේ රජයේ සේවකයන්ට පඩි ගෙවන්නට අපහසු බවට රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු නිල වශයෙන් ම ප්‍රකාශ කොට තිබෙනවා.

    ඒ වගේ ම දැනට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සිදුවෙමින් පවතින සාකච්ඡා සහ ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධ සාකච්ඡා නිසා මුදල් අච්චු ගසා හෝ රජයේ සේවකයන්ට වැටුප් ගෙවන්නට පුළුවන්කමක් නැහැ.

    වැටුප් ගෙවන්නට මුදල් සොයාගන්නට නොලැබුණොත් රජයේ සේවකයන්ට වැටුප් කප්පාදුවකට යන්නට සිදුවෙනවා. එහි අවසන් ප්‍රතිඵලය වන්නේ වැටුපෙන් කොටසක් පමණක් ගෙවීමයි.

    මෙවැනි ඉතා ම දරුණු ලෙස ජීවන වියදම ඉහළ යන කාලයක, අධික උද්ධමනයක් පවතින කාලයක, වැටුපෙන් කොටසක් අහිමි වීමත් සමග රජයේ සේවකයන් ගිනි ගොඩකට තල්ලු වන බව කුඩා දරුවෙකුට වුණත් තේරෙනවා.

    මා හිතන්නේ මෙය කාලයක් තිස්සේ පුපුරන්නට නියමිතව පැවති ගිනිකන්දක්. ප්‍රශ්නය තිබුණේ එය පුපුරා යන්නේ කවදාද යන්න පමණයි. මා හිතන්නේ ඒ ප්‍රශ්නයට පිළිතුර මේ වන විට ලැබෙමින් පවතිනවා.

    රාජ්‍ය සේවය මේ තරම් විශාල අර්බුදයකට ගමන් කරන්න බලපෑ එක ප්‍රබල හේතුවක් වන්නේ ජේ.ආර්. ජයවර්ධන ගේ සිට බලයට පැමිණි සෑම ආණ්ඩුවක් ම රජය ප්‍රමාණයෙන් කුඩා කරන්නට අසමත් වීමයි.

    ඔවුන් විශාල රාජ්‍ය යන්ත්‍රණයක් නඩත්තු කරමින්, ඒ රාජ්‍ය යන්ත්‍රණය උලා කා යැපෙන්නට තම දේශපාලන හෙංචයියන්ට ඉඩ ලබා දෙමින්, එම හෙංචයියන් ලවා තම පක්ෂ සංවිධාන දුවවමින් ඔවුන් බලය සඳහා වන භයානක සූදුවක නියැලී සිටියා.

    ඒත් පහුගිය අවුරුදු 20ක කාලය ඇතුළත මේ රාජ්‍ය සේවයේ ප්‍රශ්නය ඉතා ම දරුණු තැනකට ගෙන ගියේ මහින්ද රාජපක්ෂයි. බලයට පත්වෙන විට එනවාද, යනවාදැයි දන්නේ නැතිව සිටි මහින්දව ප්‍රතිපත්තිමය වශයෙන් මූලිකව ම එතැනට තල්ලු කලේ 2005/06 වන විට මහින්ද ගේ පාලනයේ ප්‍රධාන පංගුකාරයෙකු වශයෙන් සිටි ජනතා විමුක්ති පෙරමුණයි.

    මහින්ද මේ අතාර්කික ආර්ථික පීල්ලට තල්ලු කළ ජවිපෙ 2007 වන විට හීන්සීරුවේ ඒ ආණ්ඩුවෙන් ලිස්සා ගියා.

    මහින්ද ලංකාවේ රජයේ සේවක සංඛ්‍යාව මිලියන 1.5 දක්වා ඉහළ නංවන විට සමාජයේ ඒ ගැන විශාල ප්‍රශ්නාර්ථයක් නිර්මාණය විය යුතුව තිබුණා.

    එහෙත් ඒ වෙනුවට බහුතරයක් දෙනා කළේ ඒ සියලු අමනෝඥ පියවරවලට ඔල්වරසන් දී, අවසානයේ මහින්දට රජ ඇඳුමුත් ඇන්දවීමයි.

    මහින්දගෙන් පසුව බලයට පැමිණි එජාප ප්‍රමුඛ යහපාලන ආණ්ඩුව සෑම රජයේ සේවකයෙකුට ම රුපියල් 10,000ක වැටුප් වැඩිවීමක් ලබා දුන්නා. ඒක එයින් මාස කිහිපයකට පසුව පැමිණි පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් ලබා දුන් ඡන්ද ගුණ්ඩුවක් බව තේරුම් ගන්න අයින්ස්ටයින් ගේ බුද්ධිය අවශ්‍ය නැහැ.

    අඩු ම තරමේ ඒ තරම් විශාල වැටුප් වැඩිවීමකට යනවිට අඩු ම තරමේ රජයේ සේවකයන් සඳහා කාර්‍ය සාධන දර්ශක (KPI) හඳුන්වා දීම වැනි ඔවුන් ගේ ඵලදායීත්වය වැඩි කරන ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙන්න ඔවුන්ට වුවමනාවක් තිබුණේ නැහැ. ඔවුන්ට වුවමනාව තිබුණේ බලය ගැනීම වෙනුවෙන් කරන දේශපාලන සූදුව ගැන පමණයි.

    මේ නිසා අද මේ තියෙන ප්‍රශ්නය පොහොට්ටුව, එජාපය, එජාපයේ ම දිගුවක් වුණු සමගි ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ එකතු වී හැදූ කැඳ හැළියක් බව තේරුම් ගත යුතුයි.

    මේ කැඳ හැළිය හැදූ කෝකියන්ට ම මේ ප්‍රශ්නය විසඳන්නට වුවමනාවක් තියෙනවා කියලා හිතන එක ඇතුළේ ම ලොකු අවුලක් තියෙනවා.

    මේ ප්‍රශ්නය කොතරම් ඔඩු දුවලාද කියනවා නම් ඇතැම් රජයේ සේවකයන්ට සේවයට නොඇවිත් ගෙදර ඉන්නට කියා වැටුප ඔවුන් ගේ බැංකු ගිණුමට දැම්මත් එය පවා ලාභදායකයි. මේක එක පාරට ම විහිළුවක් වගේ පෙනුණත් ඉතා ම ඛේදනීය යථාර්ථයක්.

    ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරය විදියට අපි රාජ්‍ය සේවය ඉතා ම පුළුල් ලෙස ප්‍රතිසංස්කරණය කොට ජනතාව මත පටවා ඇති මේ බර අඩු කිරීම වෙනුවෙන් පෙනී සිටිනවා. එයින් හැම රාජ්‍ය ආයතනයක් ම විකිණිය යුතුයි කියන තැන හෝ ප්‍රතිව්‍යුහගතකරණය සඳහා හැම ආයතනයට ම හරියන පොදු සූත්‍රයක් ඇතැයි කියන තැන අප නැහැ. එහෙත් ආණ්ඩු විසින් වාණිජ ව්‍යාපාර (commercial enterprises) නොකළ යුතුයි කියන තැන අප ඉන්නවා.

    ආණ්ඩුවකට කරන්න තියෙන වැඩේ පාලනය මිස බිස්නස් කිරීම නෙවෙයි (The only business of a government is governance ) කියන ස්ථාවරයේ අප ඉන්නවා.

    අප ඇත්තට ම විශ්වාස කරන්නේ මේ අවුල විසඳන්න නම් ඉතා ම අමාරු සැත්කමක් සිදු කළ යුතු බවයි. එම සැත්කම ඉතා ම වේදනාකාරී විය හැකියි. ඒත් ඒ සැත්කම නොකළොත් රෝගියා මියයාම අනිවාර්‍යයි.

    රෝගියා මියගිය පසු අපට හෝ වෙනත් කිසිවෙකුට කරන්නට දේශපාලනයක් ඉතිරි වෙන්නේ නැහැ.

    ඒ නිසා අප ගේ පළවෙනි සටන විය යුත්තේ රෝගියා කෙසේ හෝ ජීවත් කරවීමයි.

    -

    රසික ජයකොඩි
    23 - 09 - 2022
     

    sahansira

    Well-known member
  • Mar 19, 2013
    519
    362
    63
    අපේ ගෙදර !
    ආන්ඩුවට ලබන මාසෙ පඩි ටික ගෙවාගන්න සල්ලි නැතුව ඉන්නව. මුන් පකක් කතා කරනව. පඩි ඕනි නම් මුලින්ම අර දියවන්නාවෙ ඉන්න අම්මට හුකන කැරි අවජාතක බල්ලො ටික ඇදගෙන ඇවිත් ගහල එලවල දාන්න කියපන්.

    නැතුව හුම්තෙ වොයිස්කට් පකවල් හරියන්නෙ නෑ.