ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් 11කට කොරෝනා

dxx

Well-known member
  • Dec 26, 2011
    11,806
    10,454
    113
    කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ සේවය කරන ආරක්ෂක නිලධාරීන් 11 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි පවසනවා.
    මෙලෙස වෛරසය ආසාදනය වී ඇත්තේ ජා-ඇල ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසකට බවත් ඔවුන්ට එම ප්‍රදේශයෙන් මෙම වෛරසය ආසාදනය වී ඇති බවයි ගුවන් තොටුපොළ සේවා සභාපතිවරයා සඳහන් කළේ.
    මෙම ආරක්ෂක නිලධාරීන් පිරිස ඔවුන්ගේ නිවාස වලම සෞඛ්‍ය බලධාරීන්ගේ අධීක්ෂණය යටතේ නීරෝධායනය සදහා යොමු කර ඇති බව ද සභාපතිවරයා ප්‍රකාශ කර සිටියා.

    මේ වනවිට එම ආරක්ෂක නිලධාරීන් සමීපව ඇසුරු කළ තවත් ගුවන් තොටුපළ නිලධාරීන් පිරිසක් PCR පරීක්ෂණ සදහා ලක් කර ඇත.

    මේ අතර හෙට දිනයේ දී තවත් කටුනායක ගුවන් තොටුපළ නිලධාරීන් 140 දෙනෙකු PCR පරීක්ෂණ සදහා යොමු කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇති බවයි ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ.චන්ද්‍රසිරි වැඩිදුරටත් පැවසුවේ.

    https://www.truenews.lk/corona-to-11-airport-security-guards/
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    19,060
    7,265
    113
    KY
    සාමාන්‍ය මිනිස්සුන්ට හැදෙන එක තමා දුක. පාර්ලිමේන්තුවේ උන්ට හැදිලා 50ක් 60ක් මැරෙනවා නම් පට්ට...
     
    • Like
    Reactions: kinkon and dxx