ගූගල්, ඇපල්, ඇමසන් ටෙක් ලොක්කන්ට පෑගෙන සෝෂල් මීඩියා‍ පොඩ්ඩා

nidahasa

Junior member
  • Nov 24, 2007
    89
    14
    8
    "ට්‍රම්ප් සම්බන්ධ ව විතරක් නෙවෙයි, වෙන ගොඩක් දේවල් සම්බන්ධ ව ෆේස්බුක් ට්විටර් වගේ සමාජජාලවල සිද්ධවුූණ වාරණයන්ට විරුද්ධ ව හඬක් දැන් ටික කාලෙක ඉඳන් ඇමරිකන් සමාජයේ නැගෙමින් තියෙනවා.‍ මේකේ ප්‍රතිඵලයක් විදියට තමයි පාලර් කියන විකල්ප සෝෂල් මීඩියා ප්ලැට්‍ෆෝම් එක හැදෙන්නෙ. වාරණයකින් තොරව අදහස් ප්‍රකාශ කරන්න ඉඩදෙන පොරොන්දුව උඩ මෑතක දි පටන්ගත්ත එකම ප්ලැට්ෆෝම් එක පාලර් ‍නොවුණත් පාලර් තමයි පහුගිය කාලෙ ඇමරිකාවේ වේගෙන් ම ජනප්‍රිය වුණු ෆ්ලැට්ෆෝම් එක. මේ ජනප්‍රියත්වය නිසා පහුගිය සතිය වගේ වෙද්දි ඇපල් ඇප් ස්ටෝර් එකේ නොමිලේ දෙන අංක එකේ ඇප් එක බවට පත්වෙන්නත් පාලර් ඇප් එකට පුළුවන් වෙලා තිබුණා. අර ප්‍රධාන ධාරාවේ සමාජජාලවලට තරගයක් දෙන්න පුුළුවන් මට්ටමකට මේ ඇප් එක පත්වෙමින් තිබුණා, විශේෂයෙන් ට්‍රම්ප්ට සපෝට් කරන රිපබ්ලිකන් පාක්ෂිකයන් අතර.

    "හැබැයි පැය 24ක් වගේ කාලයක් ඇතුළත මේ හැම දේ ම වෙනස් වුණා. ට්‍රම්ප්ගේ සෝෂල් මීඩියා ටික බෑන් කරලා පැය ගාණක් ඇතුළත ගූගල් ඇන්ඩ්‍රොයිඩ් ප්ලේ ස්ටෝර් සහ ඇපල් ස්ටොර් එකෙන් පාරල් ඇප් එකත් අයින් කරනවා. සාමාන්‍යයෙන් ඇප් ස්ටෝර් එකෙන් ඇප් එකත් අයින් කළත් ඒ වෙනකොට ඇප් එක දාගෙන ඉන්න අයට ඒක පාවිච්චි කරන්න පුළුවන් නෙ. ඒත් මේ ඉරිදා වෙද්දිත් ඒකත් ඉවරවෙන්නෙ පාරල් ආයතනය තමන්ගේ වෙබ් සර්වර් එක හැටියට පාවිච්චි කරපු ඇමසන් වෙබ් සර්වර් සමාගමත් පැය 24ක් ඇතුළත දොට්ට බහින්න කියලා පාලර් සමාගමට කීමත් එක්ක. ඒ අනුව මේ වෙනකොට පාලර් ඇප් එක හෝ වෙබ්සයිට් එක වැඩකරන්නෙ නෑ.

    මේ විදියට හදිසියේ ඇමසන් සර්වර්වලින් එළියට වැටුණට පස්සෙ ආයෙ අලුතින් ම සර්වර් එකක් හොයාගෙන යථා තත්ත්වයට පත්වෙන්න සතියක්වත් යයි කියලයි පාලර් ප්‍රධාන විධායක නිලධාරි ජෝන් මට්සෙ කියන්නෙ. හැබැයි මට්සේ ෆොක්ස් නිවුස්වලට කියල තිබුණු විදියට දැන් ප්‍රශ්නෙ තියෙන්නෙ කිසිම ආයතනයක් පාලර් සමාගම තමන්ගේ සර්වර් එකට වැද්දගන්න අකැමති වීම. “ඇපලුයි ගූගලුයි දෙන්නම ඔයගොල්ලොත් එක්ක වැඩකරන්නෙ නැති නම් අපි වැඩකරන්නෙත් නෑ,” කියන උත්තරේ තමයි මේ දක්වා හැම සමාගමකින් ම මට්සෙ ට ලැබිලා තියෙන්නෙ. "


    ගූගල්, ඇපල්, ඇමසන් ටෙක් ලොක්කන්ට පෑගෙන සෝෂල් මීඩියා‍ පොඩ්ඩා · YAMU