ශ්‍රී ලංකාවේ භාවිත වෙන සංඛ්‍යා පද්ධති දෙක තමයි ඉන්දියානු සංඛ්‍යා පද්ධතිය සහ ජාත්‍යන්තර සංඛ්‍යා පද්ධතිය.
"ලක්ෂ - කෝටි" භාවිත වෙන්නේ ඉන්දියානු සංඛ්‍යා පද්ධතිය තුළයි.
"මිලියන - බිලියන" භාවිත වෙන්නේ ජාත්‍යන්තර සංඛ්‍යා පද්ධතිය තුළයි.
ලක්ෂ 1 ක් කියන්නේ 1,00,000 ට.
කෝටි 1 ක් කියන්නේ ලක්ෂ 100 කට. ඒ කියන්නේ 1,00,00,000 ට.
මිලියන 1 ක් කියන්නේ 1,000,000 ට.
බිලියන 1 ක් කියන්නේ මිලියන 1000 කට. ඒ කියන්නේ 1,000,000,000 ට.
ඉන්දියානු සහ ජාත්‍යන්තර සංඛ්‍යා පද්ධති ලියද්දි ලංකාවේ ගොඩක් අය කරන වැරද්දක් තමයි ස්ථානීය අගයන් වෙන් වෙන්න දාන "කොමාව (,)" යොදන තැන ගැන නිවැරදි අවබෝධයක් නැති එක.
මේ පද්ධති දෙකේ කොමාවන් දාන්නේ වෙනස් විදියට.
ඉන්දියානු සංඛ්‍යා පද්ධතිය
--------------------------
## , ## , ## , ###
කෝටි, ලක්ෂ, දහස්, ඒකක
ජාත්‍යන්තර සංඛ්‍යා පද්ධතිය
--------------------------
### , ### , ### , ###
බිලියන , මිලියන , දහස් , ඒකක
උදාහරණයක් ගත්තොත් 1234567890 කියන සංඛ්‍යාව,
ඉන්දියානු සංඛ්‍යා පද්ධතියෙන් ලියන්නේ :
123,45,67,890
(එකසිය විසිතුන් කෝටි, හතලිස් පන් ලක්ෂ, හැට හත් දහස්, අටසිය අනූව)
ජාත්‍යන්තර සංඛ්‍යා පද්ධතියෙන් ලියන්නේ :
1,234,567,890
(එක් බිලියන, දෙසිය තිස් හතර මිලියන, පන්සිය හැට හත් දහස්, අටසිය අනූව)
මම හිතනවා දැන් මේ සංඛ්‍යා පද්ධති දෙකේ වෙනස අවබෝධ වුණා කියලා.
ගොඩක් දෙනෙක්ට වචන භාවිතය අවුලක් නැති වුනත් මේ "කොමා" දැමිල්ල අවුල් යන්න ඇති.
මොකද පොඩි කාලේ ඉඳන් අපි පුරුදු වෙලා තියෙන්නේ ජාත්‍යන්තර සංඛ්‍යා පද්ධතියෙන් ගණන් ලියලා, ඒක ඉන්දියානු ක්‍රමයෙන් කියවන්නනේ.
අද ඉඳන් වෙනස අඳුනගෙන වැඩ කරන්න දැන් පුළුවන්.
නොදන්න අයටත් කියලා දෙන්න.