ගොනාකෝවිලේ කුඩු අංජු ප්‍රංශ පොලිස් අත්අඩංගුවට

monson

Well-known member
  • May 7, 2007
    14,905
    7,081
    113
    ප්‍රබල පාතාල කල්ලි නායකයකු මෙන්ම මත්කුඩු ජාවාරම්කරුවකුද වන රත්මලාන ගොනාකෝවිලේ කුඩු අංජු ප්‍රංශ පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත. සිය බිරිය සමඟ ඇති වූ ආරවුලක් මත බිරිය විසින් එරට පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව ආරංචි මාර්ග අනාවරණය කරයි. දින 2කට පෙර ප්‍රංශ පොලිස් අත්අඩංගුවට පත් වූ කුඩු අංජු ගැන තොරතුරු මේ වන විට මෙරට ආරක්ෂක අංශ වෙත ලැබී ඇත. කුඩු අංජුට එරෙහිව ජාත්‍යන්තර පොලීසියේ රතු නිවේදනයක් නිකුත් කර ඇති බැවින් ඒ ඔස්සේ ඔහු මෙරටට ගෙන්වාගැනීමට ඇති හැකියාව ගැන මෙරට පොලිසියේ අවධානය යොමුව ඇත.

    - https://www.dinamina.lk/2023/04/29/පුවත්/169337/ගොනාකෝවිලේ-කුඩු-අංජු-ප්‍රංශ-පොලිස්-අත්අඩංගුවට

    ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වා ගේ පියාගේ ඝාතනය ඇතුළු ඝාතන රැසකට චෝදනා එල්ල වී සිටින කුඩු අංජු මෙරට සිටින අංක එකේ මත්කුඩු ජාවාරම්කරුවෙක් ලෙස පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය හඳුනාගෙන සිටී. මත්කුඩු ජාවාරම සහ මිනිස් ඝාතන තුළ පාතාල අපරාධ ඔහු මෙහෙයවනු ලැබුවේ ඩුබායි සහ ප්‍රංශයේ සිට ය. මෙම රටවල් දෙක අතර ඔහු සංචාරය කරනු ලබන්නේ වෙනත් පුද්ගලයකුගේ නමින් සකස් කළ විදෙස් ගමන් බලපත්‍රයක් මඟිනි.

    - https://www.silumina.lk/2023/04/29/...ේ-පියා-ඝාතනය-කළ-රත්මලානේ-කුඩු-අංජු-ප්‍රංශයේදී


    SIL-p14-%E0%B6%91%E0%B6%9A-%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B7%8A-03.jpg
     

    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,572
    5,119
    113
    මෙච්චර කල් බොහොම සාමකාමීව කුඩු බිස්නස් කරපු එකා ජංගි සීන් එකකින් කෙලෝ ගනී 😂
     
    • Haha
    Reactions: NRTG and monson