ගෝඨාභය මගෙත් කට වැහුවනේ – සනත් නිශාන්ත

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    11,136
    15,897
    113
    Westනාහිර
    PttrV0r.jpeg


    "පොහොර ප්‍රශ්නය පිළිබඳව තමා ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට ඇත්ත තත්ත්වය පැහැදිලි කළ අවස්ථාවේ “ඔයාට මේකට සහයෝගය දෙන්න බැරි නම් කට වහගෙන ඉන්න” යනුවෙන් ගෝඨාභය ජනාධිපතිවරයා තමාට පැවැසූ බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පැවසීය.

    රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ පසුගියදා හලාවතදී පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

    තමා ගමෙන් පැමිණි දේශපාලකයෙකු නිසා ගමේ ජනතාවගේ සිතුම් පැතුම් හොඳින් හඳුනන බවත් ගෝඨාභය ජනාධිපතිවරයාට පොහොර ප්‍රශ්නය පිළිබඳව ඇත්ත පැවසූ නමුත් විවිධ පුද්ගලයන්ගේ බොරු මතවලට රැවැටී කටයුතු කළ නිසා අවසානයේ ගෝඨාභය ජනාධිපතිවරයාට තනතුරුද නැතිවූ බවත් ඔහු එහිදී අවධාරණය කළේය.

    “පසුගිය කාලේ රටට යම් ප්‍රශ්න මතුවුණා. ඒ එන්ජින් එකේ තිබුණු යම් අඩු පාඩු නිසයි. නමුත් දැන් එහෙම නෑ. දැන් එන්ජින් එක හොඳයි. නමුත් ටිකක් බරට අල්ලගෙන තමා එන්ජින් එක දුවන්නේ. රටේ ආර්ථික ප්‍රශ්නයක් තියෙනවා. ඒක අපි නෑ කියන්නේ නෑ. ඒ නිසා ජනතාවට අමාරුයි. රටේ ඩීසල්, පෙට්‍රල් තිබෙනවා. නමුත් ගණන්. ගෑස් එකත් ගණන්. බඩු මිල වැඩියි. ඒවා ප්‍රශ්න. මම නෑ කියන්නේ නෑ. මොක ද මම ත් ගමෙන් ආපු කෙනෙක්. ගමේ අම්ම තාත්තාගේ සහෝදර සහෝදරියන්ගෙ දුක මම හොඳට දන්නවා. ඒත් මම පැහැදිලිව කියනවා මේ ප්‍රශ්න තියෙන්නේ තව කෙටි කාලයයි. දැන් ගොවියාට පොහොර තිබෙනවා. ධීවරයාට අවශ්‍ය පහසුකම් ලැබෙනවා. කිරි ගොවියා ඒ නිෂ්පාදන කරනවා. රටේ නිෂ්පාදන වැඩිවන විට ආර්ථිකය ඉබේ ම හැඩ ගැහෙනවා.

    ඒ නිසා මේ පිළිබඳව ජනාධිපතිවරයාට සහ කෘෂිකර්ම ඇමතිවරයාට ස්තූති වන්ත විය යුතුයි. මට මතකයි එදා වැරදි තොරතුරු දුන් නිසා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සමයේදී ධීවරයන් සම්බන්ධ ප්‍රශ්නයක් ඇති වුණා. එහිදී ධීවර සහෝදරයෙක් නැති වුණා. එදා හරි තොරතුරු මහින්ද ජනාධිපතිවරයාට දුන්න නම් ඒ ජීවිතය නැති වෙන්නේ නෑ. එන්.ජී.ඕ. කාරයො එදත් බොරු ප්‍රචාර යවලා රට අවුල් කළා. ඒක අදත් වෙනවා. ඒත් අපි පැහැදිලිව කියනවා කොණ්ඩ වවාගත්ත රස්තියාදුකාරයන්ට නැවත මේ රට විනාශ කරන්න අපි ඉඩ දෙන්නේ නෑ. අද අපේ පක්ෂය ආසන සම්මේලන පවත්වමින් ජනතාව දැනුවත් කරමින් යනවා. අපිට හොඳ ප්‍රතිචාරයක් ගමෙන් ලැබෙනවා. ගොඩක් අය කිව්වා පොදුජන පෙරමුණ ඉවරයි කියලා. නමුත් එහෙම දෙයක් නෑ. පොදුජන පෙරමුණ අද තිබුණටත් වැඩිය ශක්තිමත්. අද ජනතාවට පොහොර ටික ලැබෙනවා. දුප්පත් ජනතාව වෙනුවෙන් ශුභසාධක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වනවා. යම් ප්‍රශ්න තියෙන්න පුළුවන්. නමුත් අපි ඒවා ක්‍රමානුකූලව විසඳාගත යුතු යි.“
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    21,854
    1
    34,867
    113
    තාම ලන්කාවේ
    නන්දසේන මෙයාගෙ කට වහලා මොනාද කරලා තියෙන්නෙ? ආර්ටිකල් එක කියෙව්වෙ නෑ වෙලාව අපරාදෙ නිසා. 🥴 😌
    බූරුවාගේ කට වහලා පාදඩයගෙන් උපදෙස් ගත්තා ලු... අමෝ අමෝ මුන්ට පුක දෙන පොහොට්ටු හෑත්ත තවත් ඉන්නවා නේ බන්.. ලන්කාව නම් කවදාවත් ගොඩ යන්නේ නෑ උන් ඉන්නකම්
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    24,118
    122,533
    113
    Los Alamos
    බූරුවාගේ කට වහලා පාදඩයගෙන් උපදෙස් ගත්තා ලු... අමෝ අමෝ මුන්ට පුක දෙන පොහොට්ටු හෑත්ත තවත් ඉන්නවා නේ බන්.. ලන්කාව නම් කවදාවත් ගොඩ යන්නේ නෑ උන් ඉන්නකම්
    ඔය වගේ කඩේ යන උන්ගෙ මොළේ යථා තත්ත්වෙට ගන්න lobotomy එකක් කරත් පුළුවන් වෙයි ද කියලා ෂුවර් එකක් නෑ? :dull:
     
    • Haha
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    21,854
    1
    34,867
    113
    තාම ලන්කාවේ
    ඔය වගේ කඩේ යන උන්ගෙ මොළේ යථා තත්ත්වෙට ගන්න lobotomy එකක් කරත් පුළුවන් වෙයි ද කියලා ෂුවර් එකක් නෑ? :dull:
    කොහෙත්ම බෑ... මෙච්චර ඈරලත් තාම කඩේ යනවා කියන්නේ මොලේ මෑරිලා ඉවරයි
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    29,712
    57,740
    113
    ගොටට දුන්න ඡන්දෙ ගැන සතුටු වෙන්න පුළුවං අවස්ථාවක්

    ගොන් වැඩ කරත් මේ වගේ මිහරක් සෙට් කරගන්න හොද නෑ