ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තමයි මේ රටේ හොඳම පරිසරවේදියා

Elakiri Appachchi

Well-known member
  • Jul 30, 2020
    1,711
    1,862
    113
    gotabhaya-Hemantha-Fernando.jpg


    වත්මන් ආණ්ඩුවේ වැඩපිළිවෙලට අකුල් හෙළීමට විපක්ෂයත් ජාත්‍යන්තරයත් මාන බලමින් සිටින බවත් තුත්ඉරිගහක්වත් නොසිටවූ අය පරිසරය ගැන කතා කරන බවත් පානදුර ප්‍රාදේශීය සභාවේ සභාපති ඩබ්. හේමන්ත ප්‍රනාන්දු මහතා පවසයි.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභ්‍යාගයේ දැක්ම වැඩසටහන තුල පිබිදෙන පානදුර සංවර්ධන ව්‍යාපෘතිය මාලාවේ එක් වැඩසටහනක් ඊයේ (10) දින පානදුර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කේන්ද්‍ර කරගනිමින් ආරම්භ විය.

    එහිදී අප්‍රේල් මාසය තුළ පැල 5000ක් රෝපණය කිරීම අරඹමින් පානදුර ප්‍රදේශයේ ස්ථාන 10කදී පැල 300ක් රෝපණය කරන ලදි.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පානදුර ප්‍රාදේශීය සභාවේ සභාපති ඩබ්. හේමන්ත ප්‍රනාන්දු මහතා,

    ”අතිගරු ජනාධිපතිතුමාගේත් අග්‍රාමාත්‍යතුමාගේත් බැසිල් රාජපක්ෂ මැතිතුමාගේත්, පූර්ණ ආශීර්වාදය මැද තමා මේ රට මේ විදිහට සංවර්ධනය වෙන්නේ. මේ වර්ෂය තුළ පානදුර ප්‍රාදේශිය සභාවේ අඩු ආදායම් ලාභී පවුල් වෙනුවෙන් නව නිවාස 39ක් ලබාදී තිබෙනවා. ඉදිරි වර්ෂ කිහිපය තුල පානදුර ප්‍රාදේශීය සභා සීමාවේ තෝරා ගත් අඩු අදායම්ලාභී පවුල් සඳහා නොමිලේ නිවාස ලබා දීමේ වැඩපිළිවෙලක් සිදුකරන බව මා සතුටින් දන්වා සිටිනවා.

    සමෘද්ධිය වෙනුවට රැකියා ලක්ෂයක් දෙන වැඩසටහන ආරම්භ කළේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා. දිලිදුකම නැති කරන්න රටේ සංවර්ධනය වැඩි කරන්න. අතිගරු ජනාධිපතිතුමාත් අග්‍රාමාත්‍යතුමාත් කරගෙන යන වැඩපිළිවෙලට අකුල් හෙලන්න බාධා කරන්න විපක්ෂයත් ජාත්‍යන්තරයත් මාන බලමින් සිටිනවා. තුත්ඉරිගහක්වත් ඉන්දපුනැති මිනිස්සු පරිසරය ගැන කතා කරනවා. මේ රටේ හොඳම පරිසරවේදියා තමා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා. මේ ආණ්ඩු පෙරලන්න විපක්ෂය අද අල්ල ගන්නවා පරිසර ප්‍රශ්නය. කවුරු කෙසේ කීවත් රටේ සංවර්ධනව නවත්වන්න කිසි කෙනෙකුට බෑ. සුරපුරයක් වෙලා තිබුණු කොළඹ පාවෙන වෙළෙදසැල් පසුගිය ආණ්ඩුව විනාශ කරලා ජරා ජීරණ කලා. දැන් ඒවා නැවතත් ප්‍රතිසංස්කරණය කරලා ජනතා අයිතියට පත් කලා. ආණ්ඩුව දෙකඩ කරන්න අපි අතර ප්‍රශ්න ඇති කරන්න මාන බලන උදම් අනන අයට මම කියන්න කැමතියි. අපේ ආණ්ඩුවෙන් අපි ඒවට පිලිතුරු දෙන්නේ බොරු කයියෙන් නෙමෙයි. ඇස් ඉදිරිපිට පෙනෙන සංවර්ධනයෙන්.”

    http://newshub.lk/

    :censored::censored::censored::censored::censored::censored::censored::censored::censored::censored::censored::censored::censored::censored::censored::censored::censored::censored::censored::censored::censored::censored::censored::censored::censored::censored::censored::censored::censored::censored::censored::censored::censored::censored::censored::censored::censored::censored::censored::censored::censored::censored::censored::censored:

    :censored::censored::censored::censored::censored::censored::censored::censored::censored::censored::censored::censored::censored::censored::censored::censored::censored::censored::censored::censored::censored::censored::censored::censored::censored::censored::censored::censored::censored::censored::censored::censored::censored::censored::censored::censored::censored::censored::censored::censored::censored::censored::censored::censored:
     
    • Like
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    3,573
    3,057
    113
    ඇඩ්මින්ලා කිව්වා මට මෙහෙම දාන්නයි කියලා .. :censored: :censored: :censored: :censored:
    උබ චන්දේ දුන්නේ කාටද. මේවා උබට විතරක් නෙමේ හැමෝටම බලපානවනේ. ඒකෙන් මටනම් ආතල් චන්දේත් දීලා ඇරගත්ත උන් දකිනකොට. මේ රටේ විපක්ශේ කියලත් එකක් නෑ. 🤣🤣🤣 ඔක්කොම එක හවුලේ.
     
    • Like
    Reactions: Elakiri Appachchi

    warwickuni

    Well-known member
  • May 21, 2008
    1,421
    538
    113
    Late Prince Philip who was the Patron of WWF , as a hobby did hunting. So what? May be GR's or his supporters' hobby is to clear National Forests including Sinharaja for roads and water projects , apartments etc