ඝාතනයවූ Shades හිමිකරු ශ්‍රද්ධා TV අධ්‍යක්ෂ මණ්ඩලයේ - අතුරුදන් මෝටර් රථයත් හමු වෙයි

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    30,294
    30,174
    113
    ඝාතනයට ලක්වූ කෝටිපති ව්‍යාපාරික රොෂාන් වන්නිනායක මහතා බෞද්ධ ධර්ම ප්‍රචාරණ නාලිකාවක් වන ශ්‍රද්ධා TV නාලිකාවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෙකු වශයෙන්ද කටයුතු කරමින් සිටි අයෙකු බව වාර්තාවේ. මේ අතර ඔහු ඝාතනයෙන් පසු ඔහු ගේ අතුරුදන්ව තිබූ මෝටර් රථය මීගමුව ප්‍රදේශයේ ගරාජයකින් සොයාගෙන තිබෙයි.


    ඔහුට අයත් KE 9998 අංකය දරන මෝටර් රථය මෙලෙස හමුවී තිබේ.මීගමුවේ ගරාජයට යුවළක පැමිණ මෙය භාරදී ඇති අතර එයින් පසු ඔවුන් රටින් පිටව යන බව දැනුම්දී තිබී ඇත.
    ඝාතනයට ලක්කරන අවස්ථාවේ ව්‍යාපාරිකයාගේ පසුම්බියේ තිබූ ක්‍රෙඩිට් කාර්ඩ් පැහැරගෙන ඉන්දුනීසියාවට යාමට ගුවන් ටිකට්පත් 5 ක් මිලටගෙන තිබූ බව හා කටුනායක ඩියුටි ෆ්‍රී සාප්පුවෙන් ලක්ෂ 5 ක පමණ භාණ්ඩ මිලටගෙන තිබූ බව මින් ඉහත අනාවරණය විය.
    ඝාතනය සිදුවූ බවට සැකකරන්නේ 30 වනදා රාත්‍රී වන අතර ඝාතකයින් රටින් පළාගොස් ඇත්තේ 31 වනදා බව මේ වනවිට තොරතුරු අනාවරණය වේ. පළාගොස් ඇති 5 දෙනා ගැන තොරතුරු මේ වනවිට ශ්‍රී ලංකා පොලිසිය සොයාගෙන ඇති අතර ජාත්‍යන්තර පොලිසියේද සහායෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදුවේ.
    ඝාතනයට ලක් වූ ව්‍යාපාරිකයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද (03) දිනයේ සිදුකිරීමට නියමිතය.



    පෙර වාර්තා


     
    • Like
    Reactions: U-tag

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,640
    16,919
    113
    ආ ඒ කියන්නේ මම දැන් බයියෙක් නෙමෙයි 🖖

    5. ජාතිය ආගම රණවිරු ගාය ගැන විවේචන දුටු පමණින් ඉස්මතු වෙන කැක්කුම ....

    පහුගිය අව්රුද්ද ඇතුලත ඔහොම තැනක් පෙන්නුවොත් මම කිරියෙන් යනවා.............. දෙමලෝ

    ne en ehema dewal neha
    thoge me wage dewal pennanna kiuwe , thawa 15hours walin ready wela hitapan. mama yanawa

    5. ජාතිය ආගම රණවිරු ගාය ගැන විවේචන දුටු පමණින් ඉස්මතු වෙන කැක්කුම ....

    තොට තව පැය 24ක් දෙනවා . තව හොයපන් .බැරිනම් දවස ගානේ තෝ ව කනවා 😂🤭
    LazyPlumpFritillarybutterfly-size_restricted.gif
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,114
    3,967
    113
    මේකත් ෂාෆ්ටර් අභිරහස වගේ වෙන්නයි යන්නේ.


    SHADES අධිපති ඝාතනයේ අරමුණු අපැහැදිලියි අලුත් කරුණු පරස්පරයි​

    2/04/2023 01:00:00 AM



    1675467959717.png

    බත්තරමුල්ල පැලවත්ත නිවසක් තුළ අභිරහස් ලෙස මියගිය කෝටිපති ව්‍යාපාරික රොෂාන් වන්නිනායකගේ මරණය සම්බන්ධයෙන් මේ වනවිට පොලිසිය ඉදිරිපත් කරන කරුණු මීට පෙර පොලිසිය ප්‍රකාශ කළ කරුණු වලට තරමක් වෙනස් වන අතර සිදුවීම තේරුම් ගැනීමට අපහසු හා යම් යම් ප්‍රහේළිකා කිහිපයක් ඉතිරි කරන ලද එකක් බවට පත්ව තිබේ.

    අවිවාහකයෙකුවූ 49 හැවිරිදි ව්‍යාපාරිකයාගෙන් 30 වනදා සිට තොරතුරක් නැතිව තිබී පවුලේ අය පොලිසියටද පැමිණිලි කර සොයා බලමින් සිටි අතරේ ඔහුගේ නැගණිය ඇගේ පවුලේ අය සමග එක්ව සොයා බලද්දී 01 වනදා සවස ඉදිමුණ නිරුවත් මළසිරුරක් ව්‍යාපාරිකයාට අයත් නිවසේ උඩු මහලේ පිහිනුම් තටාකයේ තිබී සොයාගත් බව පොලිසිය ප්‍රකාශ කර තිබුණි.
    01 වනදා හා 02 වනදා පළවූ වාර්තා වලින් එම සිරුර ව්‍යාපාරිකයාගේ බවට නිසැකයෙන්ම නම් කර තිබුණ නමුත් 03 වන සිකුරාදා පැවැති පශ්චාත් මරණ පරීක්ෂණයට සහභාගීවූ ව්‍යාපාරිකයාගේ පවුලේ ඥාතීන් පවසා ඇත්තේ ඉදිමුණ නිරුවත් මළ සිරුර ව්‍යාපාරිකයාගේ නොවන බවයි.
    ඒ ප්‍රකාශය අනුව පශ්චාත් මරණ පරීක්ෂණය කරගෙනයාමේ ගැටලුවක් පැනනැගී ඇති අතර ඩීඑන්ඒ පරීක්ෂණයකින් සත්‍යය තහවුරු කරනතුරු ලබන සඳුදා (6) තෙක් මරණ පරීක්ෂණය කල් තබා තිබේ.
    කොළඹ වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේ දී මෙම දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට යොදාගෙන පවුලේ ඥාතීන් ද එම ස්ථානයට පැමිණ සිටි අතර ඔවුන් එහිදී පවසා ඇත්තේ අදාළ සිරුර කෝටිපති ව්‍යාපාරිකයාගේ නොවන බවයි.ඒ අනුව සිරුරේ අනන්‍යතාව සම්බන්ධයෙන් මතු වූ ගැටලුකාරී තත්ත්වය හමුවේ පශ්චාත් මරණ පරීක්ෂණය කල් දැමිණි.
    කෙසේ වෙතත් මේ දක්වා අතුරුදන් ව්‍යාපාරිකයා ගැන වෙනත් හෝඩුවාවක් පොලිසියට ලැබී නැති අතර ඔහු ජීවතුන් අතර සිටීද නැද්ද යන්න පවුලේ අය පවා නිශ්චය නොකිරීම මත පරීක්ෂණ කරගෙනයාමේ ගැටලුවක් පැනනැගී ඇත. එමෙන්ම මේ සිරුර වයාපාරිකයාගේ නොවන්නේ නම් වෙන කාගේ එකක්ද එය මෙතැනට ආවේ කෙසේද යන්න ගැන ගැටලුකාරී තත්වයක්ද පැනනැගී ඇත.
    SHADES නමින් ප්‍රකට නිමි ඇඳුම් සාප්පු ජාලයක් පවත්වාගිය ව්‍යාපාරික රොෂාන් වන්නිනායක මහතා ප්‍රකට බෞද්ධ මාධ්‍ය නාලිකාවක් වන ‘ශ්‍රද්ධා ටීවී‘ හි අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජික ගිහියන් කිහිපදෙනා අතරින් කෙනෙකු වූ අතර ඔහුගේ මරණය සම්බන්ධ ආරංචිය සැලවීමෙන් පසු ස්වාමීන් වහන්සේලා විශාල වශයෙන් ඔහුගේ නිවස වෙත පැමිණ සිද්ධිය ගැන කම්පාවෙමින් සිටින අයුරු වාර්තා විය. කෙසේ වෙතත් එම නාලිකාව මගින් තම අධ්‍යක්ෂ මණ්ඩලයේ කෙනෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවක් ප්‍රසිද්ධ කර නැති අතර නාලිකාවේ වෙබ් අඩවියේ ඔහුගේ තනතුරද සටහන්ව තිබූ ‘අබවුට් අස්‘ පිටුව සිකුරාදා(3) උදෑසන සිට මකාදමා ඇති ආකාරයක් හඳුනාගන්නට ලැබේ.

    රොෂාන් වන්නිනායකගේ මරණය සමග පොලිසිය ප්‍රකාශ කළ ඇතැම් කරුණු වරින්වර පරස්පරවන අතර මුලින් ඝාතනය නිවසේ එම අවස්ථාවේ සිටි කාන්තාවක ඇතුළු කණ්ඩායමක් මෙහෙයවන්නට ඇතැයි ප්‍රකාශ කර තිබුණි. 03 වනදා දහවල් වාර්තා කර තිබුනේ නිවසේ සිට යුවළක් පලායන දර්ශන සීසීටීවී ඇසුරින් හෙළි වන බවයි.
    නමුත් 03 වනදා සවස පොලිසිය පවසන්නේ ඝාතන සිද්ධියෙන් පසු රාත්‍රී නිවසින් ව්‍යාපාරිකයාගේ වාහනයද රැගෙන පළායන්නේ එක් පුද්ගලයෙකු පමණක් බවත් ඔහු අතරමගදී කාන්තාවක වාහනයට නංවාගෙන පලායන්නට ඇති බවයි.

    මේ අතර 03 වනදා උදෑසන වනවිට පොලිසිය ප්‍රකාශ කර තිබුනේ ඝාතනයට ලක්වූ අයගේ සිරුර ආසන්නයේ පාවිච්චි කරන ලද කොණ්ඩමයක් හා පාවිච්චි නොකළ කොණ්ඩම් දෙකක් හමුවූ කතාවකි. ඒ අනුව ඒත්තු ගොස් තිබුනේ ව්‍යාපාරිකයාගේ කොණ්ඩම එහි තිබුණ අයුරකි. නමුත් පොලිසිය සවස වාර්තාකරන්නේ එම කොණ්ඩමය සමග බිලක්ද තිබූ බවත් එම බිලේ දත්ත ඔස්සේ කොණ්ඩම මිලට ගත්තේ ඝාතකයා විය හැකි බවත් කළුබෝවිල රෝහල අසළ ෆාමසියක සීසීටීවී පරීක්ෂා කිරීමේදී පසුගිය 30වනදා පස්වරු 3.22ට පමණ උපත් පාලන කොපු මිලදී ගෙන ඇති ඝාතන සැකකරු හඳුනාගන්නට ලැබෙන බවයි. ඝාතනය වන අවස්ථාවේ නිවසේ සිටින්නේ මියගිය අය සහ ඝාතකයා යන පිරිමින් දෙන්නා පමණක් ආකාරයට නවතම පොලිස් වාර්තාව සටහන්කරන අතර ඒ අනුව කොණ්ඩම පාවිච්චි කර ඇති බවද පොලිසිය කියයි.
    30 වනදා රාත්‍රී ඝාතනය සිදුකර සුදු පැහැති මෝටර් රථයෙන් පළායන සැකකරු සම්බන්ධයෙන් නවතම වාර්තාවක් සිකුරාදා සවස පොලිසිය හෙලිදරව් කර තිබේ.
    ඒ අනුව මෝටර් රථය ගමන්ගත් මාර්ගයේ සීසීටීවී දර්ශන පරීක්ෂා කළ පොලීසියට හෙළිවී ඇත්තේ, මෝටර් රථයෙන් යළි නිවසෙන් පිටවී ගොස් ඇත්තේ එක් පුද්ගලයෙකු පමණක් බවය.
    එම පුද්ගලයා මෝටර් රථයට තවත් කාන්තාවක් නංවාගෙන ඇති බවත් පසුව ඔවුන් දෙදෙනා කටුනායක කොළඹ අධිවේගී මාර්ගයට එය ඇතුළු කර ඇති බවත් පොලීසිය පවසයි.
    අධිවේගී මාර්ගයේ ජා-ඇළ 18 කණුව ප්‍රදේශයේදී මෝටර් රථය කාර්මික දෝෂයකට ලක්වී නතරවී ඇති අතර අධිවේගී මාර්ගයේ අනතුරට පත් වාහන ඇදගෙන යාමට භාවිත කරන මෝටර් රථයකට ඇමතුමක් ලබාගත් රිය පැදවූ තැනැත්තා එම රථයක් එහි ගෙන්වා ගෙන ඇති බවත් හෙළි කර තිබේ. ඔහු එම ඇමතුම ලබාගෙන ඇත්තේ මියගිය ව්‍යාපාරිකයාගේ ජංගම දුරකථනයෙන් බවටද දන්වා ඇත.
    පසුව එය ජා-ඇළින් පිටතට දමා, ඇදගෙන යාමට පැමිණි රථයේ පුද්ගලයෙකුගෙන් ගරාජයක දුරකථන අංකයක් ඉල්ලා එම අංකය අමතා, වාහන ඇදගෙන යාමට භාවිත කරන තවත් රථයක් ගෙන්වා ගෙන ඇති බව පොලීසිය පැවසීය.
    ඒ අනුව එහි පැමිණි පුද්ගලයා මීගමුව ශාන්ත ජෝසප් ප්‍රදේශයේ පිහිටි ගරාජයක් වෙත එම මෝටර් රථය ඇදගෙන ගොස් ඇති බවත් රථයේ සිටි යුවළ ඔහු සමග ගමන් කර ඇති බවත් පොලීසිය සඳහන් කළේය.
    ඒ වනවිට වේලාව අලුයම 3 පමණ වූ බැවින් ගරාජය වසා දමා තිබීම නිසා ඔවුන් මෝටර් රථය ඒ අසල නවතා දමා ඇදගෙන යාමට පැමිණි රථයේ රියදුරුට පවසා ඇත්තේ තමන් කටුනායක ගුවන්තොටුපොළ අසලට රැගෙන යන ලෙසය. රුපියල් 15,000 ක මුදලක් ලබාදී ඔවුන් කාටුනායකින් බැසගෙන තිබේ.

    මෙම හෙළිදරව්ව අනුව ඝාතක පුද්ගලයාට පළායාමට එතරම් හදිසියක් තිබී නොමැති ආකාරයක් හා ඔහු සොරකම් කළ වාහනය හදාගන්නට ගරාජයක් වෙත ගිය ආකාරයක් වාර්තාකර තිබේ.ඝාතනයක් සිදු කර රටින් පළායන්නට උත්සාහ කරන අයෙකුගේ අසාමාන්‍ය හැසිරීමක් ඒ අනුව පෙන්නුම් කර තිබේ.

    ඔවුන් මියගිය ව්‍යාපාරිකයාගේ ක්‍රෙඩ්ටි කාඩ් පතෙන් රුපියල් 300 ක පමණ භාණ්ඩ කිහිපයක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙහි වූ සුපිරි වෙළෙඳසැලකින් මිලදී ගෙන ඇති බව පොලීසිය 03 දා සවස පවසා ඇති අතර
    පසුව මොවුන් ව්‍යාපාරිකයාගේ ක්‍රෙඩිට් කාඩ් පතකින් රුපියල් ලක්ෂ 5කට අධික මුදලක් ගෙවා, ඉන්දුනීසියාව බලා යාමට ගුවන් ගමන් බලපත්‍ර දෙකක් වෙන්කර ගෙන ඇති බව පොලීසිය සඳහන් කර ඇත.
    පොලිසිය පවසන ආකාරයට කටුනායකින් එවෙලේම ගුවන් ටිකට් පත් ලබාගෙන ඒ ආසන්න වේලාවකම ඔවුන් රටින් පිටව ගිය බවක් ඉඟි කර ඇත.
    මින් ඉහත පොලිස් වාර්තාවල බ්‍රිතාන්‍යයට යාමට උත්සාහ කළ ටිකට් පත් දෙකක් ගැන විස්තරයක් හා ඉන්දුනීසියාවට යාමට ලබාගත් ටිකට්පත් 5 ක් ගැන විස්තරයක් තිබුණ නමුත් සවස වනවිට එම කතාව වෙනස්වී යුවළක් රටින් පිටවී ඉන්දුනීසියාවට යාමට කළ උත්සාහයක් ගැන තොරතුරු ප්‍රකාශ කර තිබේ.
    කෙසේ වෙතත් ඔවුන් ඉන්දුනීසියාවට ගියේ කවර ගුවන් යානයෙන්ද යන්න හෝ ඔවුන් ඇත්තටම රටින් පළාගියාද යන්න සිකුරාදා සවස වනවිටත් පොලිසිය තහවුරු කරගෙන නොතිබුණි.

    මේ අනුව පොලිසිය හෙළිකරන නවතම වාර්තා අනුව ඝාතනය වී ඇත්තේ ව්‍යාපාරිකයාමද යන්න තවම අපැහැදිලිය. ඝාතනය තනි පුද්ගල වැඩක් බවට සැක කරන පිරිමින් දෙන්නෙකු සිටි තැන කොණ්ඩම භාවිතයක් සිදුව ඇත.

    පළාගිය පුද්ගලයාගේ අරමුණ ව්‍යාපාරිකයාගේ ක්‍රෙඩිට් කාර්ඩ් සොරකම් කර එම මුදල්වලින් විදෙස් ගතවීම බවට ඉඟි කර තිබේ. සාමාන්‍ය ලෙස ලංකාවේ ක්‍රෙඩිට් කාඩ්පත්වලින් විදේශ වලදී ගනුදෙනුවක් සිදුකරන්නේ නම් ඊට පෙර හිමිකරු තම අනන්‍යතාව බැංකුවට දන්වා විදේශ ගනුදෙනු සක්‍රීය කරගතයුතු වන අතර එසේ නොවන කාර්ඩ් හරහා වෙනරටකදී ගනුදෙනු කළ නොහැකිය.වයාපාරිකයා මරන්නට පෙර ඒ දේ ඉටු කර ගතහොත් මිස මේ දක්වා තොරතුරු අනුව ඝාතකයා ලබාගෙන ඇති එකම වාසිය ව්‍යාපාරිකයාගේ කාඩ්පත් හරහා ලක්ෂ 5 කින් ගුවන් ටිකට් පත් ලබා ගැනීමයි.
    මෙම ඝාතනය මීට වඩා වෙනස් අරමුණක් වෙනුවෙන් සිදුකර තිබේද යන්න ගැන තවම සැකසංකා ඉතිරි කර තිබේ.
     
    • Like
    Reactions: U-tag and SLK_sri

    dxx

    Well-known member
  • Dec 26, 2011
    13,066
    14,475
    113
    සල්ලි කාරයෝ ලංකාව අතඅැරලා යවන්න කරන දෙයක් වගේ.දැන් මේ කීවෙනි ඵකද..මේ දේවල් පිටිපස්සේ අාණ්ඩුව ඉන්නවා.
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    2,107
    3,063
    113
    කලින් කිව්වා වගෙම . ලන්කාවෙ අලුතෙන් පහල උනු නම ගිය ව්‍යාපාරිකයන් කියන ඩැල් / ඩැලි ඔක්කොම ජාවාරම් කාරෙයො,ඉක්මනට පොසත් වෙන්න ශොර්ට් කට් නෑ, මාත් ට්‍රයි කලා, හොද ගෙමක් ගහ ගන්න පරම්පරා 2ක්වත් යනවා, එ හොද දරුවො සෙට් එකක් හම්බුනොත් තාම, නැයො -යාලුවො දාගත්තොත් එක එතනින් ඉවරයි, අදානි බලපම්, වැලෙ වැල් නැ නෙ දැන්,,
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    2,848
    3,797
    113
    අරගලයෙන් දිනාදුන් දේවල් සතුටින් බාරගමු නේද😂 අබිරහස් ඝාතන මහා අපරාධ ආර්තිකය කඩාවැට්ටවීම බදුබර.,මරණබය, දැන් 13 දෙන්නලු යන්නේ නේද🤭😀
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    7,625
    3,784
    113
    හෙල බිමේ
    කලින් කිව්වා වගෙම . ලන්කාවෙ අලුතෙන් පහල උනු නම ගිය ව්‍යාපාරිකයන් කියන ඩැල් / ඩැලි ඔක්කොම ජාවාරම් කාරෙයො,ඉක්මනට පොසත් වෙන්න ශොර්ට් කට් නෑ, මාත් ට්‍රයි කලා, හොද ගෙමක් ගහ ගන්න පරම්පරා 2ක්වත් යනවා, එ හොද දරුවො සෙට් එකක් හම්බුනොත් තාම, නැයො -යාලුවො දාගත්තොත් එක එතනින් ඉවරයි, අදානි බලපම්, වැලෙ වැල් නැ නෙ දැන්,,
    Adani ට මොකද වෙල තියන්නේ..
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    23,456
    41,078
    113
    itin bn enan gedara unta hari kiyala tiyenawane.muwa aduraganna be kivvama etaninma insurance kela wenawane
    ehema kiyan ne. mama dana ekek hiti gaman athurudahan una. okamala hithuwe muwa badu gena colombo giyama usala kiyala. sahena kalayak gedara un hewa uwa. pase thama news eka awe pora malsiya panala kiyala naya walin berena. panalath masa 6kata witara pase thama ekath.

    ehema kiya kiya yan ne ethakota wede realistic ne ne. mu ehema karada dan ne eth mama kiwe wena puluwan deyak.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    35,759
    24,118
    113
    මාලඹේ
    සල්ලි කාරයෝ ලංකාව අතඅැරලා යවන්න කරන දෙයක් වගේ.දැන් මේ කීවෙනි ඵකද..මේ දේවල් පිටිපස්සේ අාණ්ඩුව ඉන්නවා.
    JVP එකේ ගේමක් වෙන්න බැරිද කප්පම් ඉල්ලා දුන්නේ නැතිව ඇති