චන්ද්‍රිකා වැවේ හා කිරි ඉබ්බන් වැවේ සූර්ය විදුලිබල නියමු ව්‍යාපෘති නීති විරෝධී ව අරඹන්නේ ඇයි..?

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    45,756
    47,089
    113
    පාරිසරික මූලධර්ම අතුරින් නිවාරණ මූලධර්මය පරිසර බලපෑම් පුරෝකථනය කිරීම මගින් විකල්ප හඳුනාගැනීම, බලපෑම් අවම කිරීම හා බලපෑම් වළක්වා ගැනීමේ ක්‍රමවේද හඳුනාගැනීම සඳහා වැදගත් වේ. මෙම මූලධර්මය යුරෝපා සංගමයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ ගිවිසුමේ 191(2) වගන්තියේ දක්වා ඇත. 1985 වසරේ දී වියානා සම්මුතියේ පළමු ව මෙම මූලධර්මය සඳහන් වුව ද 1992 වසරේ රියෝ ප්‍රකාශනයේ 15 වන මූලධර්මය ලෙස නිවාරණ මූලධර්මය අර්ථ දක්වා ඇත. ඒ අනුව පරිසරය ආරක්ෂා කිරීම සඳහා, පූර්වාරක්ෂාව පිළිබඳ ප්‍රවේශය රාජ්‍යයන් විසින් ඔවුන්ගේ හැකියාවන් අනුව පුළුල් ලෙස යොදා ගත යුතු ය. ඉතා දරුණු හෝ යථාතත්වයට පත් කළ නොහැකි හානි කර බලපෑම් ඇති වන විට පරිසර හායනය වැළැක්වීම සඳහා විද්‍යාත්මක දැනුම නොමැති වීම පිරිවැය ඵලදායී පියවර කල්දැමීමට හේතුවක් ලෙස භාවිතා නොකළ යුතු ය. මෙම මූලධර්මය පුළුල් පරාසයක අර්ථකතනයකට ලක් කර ඇත්තේ 1998 වසරේ දී නිවාරණ මූලධර්මය හා සම්බන්ධ වින්ග්ස්ප්‍රේඩ් සමුළුවේ දී ය. එම අර්ථකතනයට අනුව යම් ක්‍රියාකාරකමක් මිනිස් සෞඛ්‍යයට හෝ පරිසරයට හානි කිරීමේ තර්ජන මතු කරන විට, යම් හේතුවක් හා ඵලදායී සම්බන්ධතා විද්‍යාත්මක ව සම්පූර්ණයෙන් ස්ථාපිත කර නොතිබුණ ද පූර්වාරක්ෂක ක්‍රියාමාර්ග ගත යුතු ය. මෙම සංදර්භය තුළ යම් ක්‍රියාකාරකමක් ඉදිරිපත් කරන්නා මහජනයාට වඩා ඔප්පු කිරීමේ භාරය දැරිය යුතු ය. නිවාරණ මූලධර්ම ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලිය විවෘත, දැනුම්වත් සහ ප්‍රජාතන්ත්‍රවාදී විය යුතු අතර බලපෑමට ලක් විය හැකි පාර්ශවයන් ද ඇතුළත් විය යුතු ය. යම් ක්‍රියාමාර්ගයක් සඳහා පූර්ණ පරාසයක විකල්ප පරීක්ෂා කිරීම ද ඊට ඇතුළත් විය යුතු ය.

    පාරිසරික බලපෑම් තක්සේරුවක් කර නෑ..​

    නිවාරණ මූලධර්මය නැතහොත් පූර්ව ආරක්ෂණ මූලධර්මය පිළිබඳ ව මේ ආකාරයෙන් විග්‍රහ කරනු ලැබුවේ චන්ද්‍රිකා වැවේ හා කිරි ඉබ්බන් වැවේ ක්‍රියාත්මක කිරීමට සූදානම් වන සූර්ය විදුලිබල උත්පාදන නියමු ව්‍යාපෘතිය ආරම්භ කිරීමට ප්‍රථමයෙන් සුනිත්‍ය බලශක්ති අධිකාරිය පාරිසරික බලපෑම් තක්සේරුවක් සිදු කර නොමැති නිසා ඒ පිළිබඳ ව යොමු වීමේ ඇති අවශ්‍යතාවය, එහි වැදගත්කම හා ඒ සඳහා යොමු වීමට ඇති නෛතික තත්ත්වයන් අවධාරණය කිරීම සඳහා ය.

    තාක්ෂණික ලේඛණයක් හෝ ව්‍යාපෘති යෝජනාවලියක් නෑ..​

    ධාරිතාවය මෙගාවෙට් එකක් බැගින් වන පාවෙන සූර්ය විදුලි බල උත්පාදන නියමු ව්‍යාපෘති දෙකක් මෙම වැව් දෙකෙහි ක්‍රියාත්මක කිරීමට මාර්තු මස 4 වන දින කැබිනට් අනුමැතිය ලබා දී තිබේ. මෙම කැබිනට් අනුමැතිය ලබා දීමට ප්‍රථමයෙන් සූර්ය පැනල හා ඉදිකිරීම් උපකරණ සියල්ල ලංකාවට ගෙන්වා ඇති අතර කිරි ඉබ්බන් වැවේ විදුලි බලාගාරය ස්ථාපිත කිරීමට වැව් බැම්ම මායිමේ භූමිය සැකසීම ද සිදු කර ඇත. මෙම කැබිනට් අනුමැතිය ලබා දීම සඳහා කිසිදු තාක්ෂණික ලේඛණයක් හෝ ව්‍යාපෘති යෝජනාවලියක් පාදක කර ගෙන නොමැත.

    මෙම කැබිනට් අනුමැතියේ සඳහන් වන්නේ කොරියානු රජයේ Korea Institute for Advancement of Technology සහ ශ්‍රී ලංකාවේ විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය අතර අත්සන් තබා ඇති සාකච්ඡා සටහන මත මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බව ය. ඒ සඳහා වැව් දෙකෙහි අක්කර දෙක බැගින් වන වැව් මතුපිට ප්‍රදේශය හා අක්කර කාලක් පමණ වන වැව් රක්ෂිතවල භූමි ප්‍රදේශ ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියට වාර්ෂික බදු පදනම මත ලබා දීමට වාරිමාර්ග අමාත්‍යවරිය පවිත්‍රා වන්නිආරච්චි විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලබා දී තිබේ.

    කිසිදු නෛතික ක්‍රමවේදයකට පිවිස නෑ..​

    නමුත් ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි චන්ද්‍රිකා වැවේ හා සෙවනගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි කිරි ඉබ්බන් වැවේ මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා අනුමැතිය ලබා ගැනීමේ කිසිදු නෛතික ක්‍රමවේදයකට පිවිස නොමැත. නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමේ දී මෙම ව්‍යාපෘතියේ පූර්ණ ශක්‍යතාව හා ඉන් සිදු විය හැකි බලපෑම් හඳුනා ගැනීම මෙන් ම එම බලපෑම් පාලනය කිරීම සඳහා ක්‍රමවේද සකස් කිරීම යන පූර්ව ආරක්ෂණ ක්‍රියාමාර්ගයකට පිවිස නොමැත. සුනිත්‍ය බලශක්ති අධිකාරිය නීති විරෝධී ව, බලහත්කාරය භාවිත කර, රටේ නීතියේ ආධිපත්‍යය අභියෝගයට ලක් කර මේ ආකාරයෙන් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට යොමු වීම වැරදි පූර්වාදර්ශ සමාජයට ලබා දීමකි.

    සංශෝධිත 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතේ 23බ උප වගන්තියට අනුව ප්‍රකාශිත 1995 පෙබරවාරි 23 වන දින අංක 859/14 දරන ගැසට් නිවේදනයට අනුව වැවක් තුළ හෝ වැවේ උපරිම ජල රැඳවුම් සීමාවේ සිට මීටර 100 ක් ඇතුළත යම් සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන්නේ නම් ඊට ප්‍රථමයෙන් පරිසර බලපෑම් තක්සේරු ක්‍රියාවලියට යටත් ව පූර්ව ලිඛිත පාරිසරික අනුමැතිය ලබා ගත යුතු ය. මේ ක්‍රියා පටිපාටියෙන් පරිභාහිර ව කිසිදු රාජ්‍ය ආයතනයකට ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අවසර ලබාදිය නොහැකි ය.

    ජාතික පාරිසරික පනතේ 23අඅ උප වගන්තියට අනුව නිවැරදි පරිසර බලපෑම් තක්සේරු ක්‍රියාවලියට යටත් ව අනුමැතිය ලබා ගැනීමකින් තොර ව නීති විරෝධීව ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන අවස්ථාවක දී ඒ සම්බන්ධයෙන් පනතේ 31 වගන්තියට අනුව මහේස්ත්‍රාත් අධිකරණයක් ඉදිරියේ වරදකරුවකු කරනු ලැබූ විට රුපියල් 15,000 ක් නොඉක්මවන දඩයකට හෝ වසර 2 ක් දක්වා බන්ධනාගාර ගත කිරීමකට හෝ මෙම දඬුවම් දෙකට ම යටත් කළ හැකි ය.

    මෙවන් නීතිමය තත්ත්වයන් ගොඩනගා ඇත්තේ යම් සංවර්ධන ව්‍යාපෘතියක් මගින් සිදු විය හැකි බලපෑම් පුරෝකථනය කර එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ හැකි සුදුසු ම ස්ථානය හඳුනා ගැනීම, හානි අවම ක්‍රමවේද භාවිත කිරීම, අහිතකර බලපෑම් පාලනය සඳහා ක්‍රියාමාර්ග ගැනීම හා ඒ තුළින් ව්‍යාපෘතියේ උපරීම ප්‍රතිලාභ ලබා ගත හැකි ආකාරය හඳුනා ගැනීම ය.

    නීති විරෝධීව කරන්න යන්නේ ඇයි?​

    මෙවන් මඟපෙන්වීම් පවතිද්දී සුනිත්‍ය බලශක්ති අධිකාරිය මෙම වැව් දෙකෙහි සූර්ය බල උත්පාදන නියමු ව්‍යාපෘතිය මේ ආකාරයෙන් නීති විරෝධී ව ආරම්භ කිරීමට උත්සාහ දරන්නේ කුමන පදනමක් මත ද යන්න ගැටළුවකි. මෙම ව්‍යාපෘතිය නීති විරෝධී ව ඇරඹීමට සූදානම් වීමට අමතර ව මෙම ව්‍යාපෘතිය මගින් ඇති විය හැකි හානි හඳුනා ගැනීම හා ඒවා හානිපූරණය කිරීමට අවශ්‍ය ක්‍රමවේද සකස් කර ගැනීමට හෝ ඒ මගින් උපරිම ප්‍රතිලාභ ව්‍යාපෘතිය තුළින් ලබා ගැනීමට කිසිදු සැලැසුමක් සකස් කර නොමැත.

    ජල දූෂනය ගැන කිසිදු සඳහනක් නෑ..​

    මෙම වැව්වලින් වාරි ජලය ලබා ගැනීමට අමතර ව පානීය ජල ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම හා මිරිදිය ධීවර කර්මාන්තය ක්‍රියාත්මක කරයි. මේ නිසා ජලයේ ගුණාත්මක තත්ත්වය අත්‍යවශ්‍ය සාධකයකි. පාවෙන සූර්ය පැනල ස්ථාපිත කරන ලෝහ ආවරණ අධික සූර්ය තාපයට, වාතයට හා වර්ෂා ජලයට නිරාවරණය වීම හේතුවෙන් ඔක්සිකරන ක්‍රියාවලිය මගින් හා ඛාදන ක්‍රියාවලිය මගින් ජලයට එක් වන රසායනික සංයෝග හේතුවෙන් වැව් ජලය දූෂණය වීම නිසා ඇති විය හැකි බලපෑම් පාලනය කිරීම පිළිබ‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ ව කිසිදු සඳහනක් නොමැති ව මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට සූදානම් වේ.

    තොරතුරු දැන ගැනීමට ඇති මූලික අයිතිය මත මෙම වැව් දෙක යටතේ වගා කරන හා මිරිදිය ධීවර කර්මාන්තයේ නිරත ජනතාවට මෙම ව්‍යාපෘතියේ ස්වභාවය හා එයින් ඇති විය හැකි බලපම් පිළිබඳ ව දැන ගැනීමට අයිතිය ඇත. නමුත් මේ ව්‍යාපෘතිය තුළින් එම අයිතිය ද අහිමි කර තිබේ.

    සියල්ල උල්ලංඝනය කරන්නේ ඇයි?​

    රටේ ආර්ථීකයට, ජනතාවට, පරිසරයට හිතකර ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමේ දී අදාළ ආයතන ඒ සියල්ල ජනතාවට නිවැරදි ව අවබෝධ කර දිය යුතු අතර නීත්‍යානුකූලව සිදු කළ යුතු ය. මේ සියල්ල සුනිත්‍ය බලශක්ති අධිකාරිය විසින් උල්ලංඝනය කිරීමෙන් පෙනී යන්නේ මෙම ව්‍යාපෘති සංකල්පය රටේ ආර්ථීකයට, ජනතාවට, පරිසරයට හිතකර වුව ද මෙම ව්‍යාපෘතිය ස්ථානගත කරන ස්වභාවය මත අහිතකර බලපෑම් ඇති වේ. මේ නිසා ඒ පිළිබඳ ව වැඩි අවධානයක් යොමු කළ යුතු ය.

    මේ සියලූ කරුණු පදනම් කර ගෙන මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට ප්‍රථම ජනතාව ගේ අදහස් මත පදනම් ව නිවැරදි පරිසර බලපෑම් ඇගයීම් ක්‍රියාවලියක් මගින් සුදුසු ස්ථාන නිවැරදි ව හඳුනාගෙන, ඒ සඳහා අනුමැතිය ලබා ගෙන මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ යුතු වේ. මේ නිසා සුනිත්‍ය බලශක්ති අධිකාරිය විසින් නීති විරෝධී ව ආරම්භ කිරීමට සූදානම් වන ව්‍යාපෘතිය වහා ම නතර කළ යුතු ය.

    kawuru hari redda ussan enawanam owata uththara aran warella, nathuwa methana ballo wage buranna epa,
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    4,704
    2,487
    113
    Malabe

    Mey magul methana halanavata vadaa hoda nadda Usaviyata idiripath kalanam. Adaala un uththara dei. Let the court decide.
     
    • Haha
    Reactions: SLK_sri