හායි මචන්ලා, අදත් ඉන්ඩස්ට්‍රි එකේ වැදගත් නිව්ස් එකක් අරගෙන ආවා. නිව්ස් බලනවා නම් පේනවා ඇති මේ දවස්වල ඔන්ලයින් ගණිකා ජාවාරම් අල්ලන්න ලොකු ගේමක් යනවා. ඒවා අල්ලන සිද්ධි ගැන උඩ දදා නිව්ස් දාන්නෙ එකම චැනල් එකක් විතරයි බව හැමෝටම පේනවා ඇති. ගෑනු ළමයි අල්ලගෙන යන හැම තැනකම වගේ පොලීසියත් එක්ක කැමරා අටව ගත්ත එකම චැනල් එකකුත් යනවා දකිනවා ඇති. එයාලගෙ නිව්ස්වලින් දවස ගාණෙම සෑහෙන වෙලාවක් ඒ රේඩ්වලට වෙන් කරනවා දැකලා ඇති.
අපේ සමහර සැංස්කෘතික සුදනන් හිතාගෙන ඉන්නෙ මේක රටේ ගෞරවය ආරක්ෂා කරන්න, covid පැතිරීම වළක්වන්න කරගෙන යන සද්කාර්යයක් කියලා. හැබැයි හොඳට බලාගෙන යනකොට එකම වෙබ්සයිට් එකක ඇඩ් දාන පිරිස් අල්ලගෙන මේක ක්‍රියාත්මක වෙන බව හරිම පැහැදිලියි. එකම චැනල් එකකට, එකම එක වෙබ් සයිට් එකක් එක්ක ඇති වෙලා තියෙන කෝන්තරය අපේ රටේ එක්තරා දේශපාලක නායකයෙක් එක්ක එක්තරා චැනල් එකකට තිබුණ ඇරියස් එක සිහිගැන්වුණා නම් ඔබ වැරදි නෑ.
ඇත්තටම සිද්ධිය තියෙන්නෙ වෙන එකක්. මෙතන ප්රශ්නය ගෑනු ළමයි ඔන්ලයින් ගණිකා වෘත්තියෙ යෙදීමවත්, covid වත්, වෙන අහවල් දෙයක්වත් නෙවෙයි, අදාළ වෙබ් අඩවියෙ දැන්වීම් දාන එක. අපේ රටේ ටිකක් බලපුළුවන්කාරකම් තියෙන පොරක් ඇතුළු පිරිසක් තමයි මේ වෙබ් අඩවිය කරගෙන යන්නෙ. තාක්ෂණික තොරතුරු මහලොකුවට නොකියා ඉන්නම්, හැබැයි වර්තමාන තත්ත්වය අනුව ඒ වෙබ්සයිට් එකට එරෙහිව අපේ රටේ නීතියෙන් කරන්න පුළුවන් අහවල් කෙංගෙඩියක් නෑ. එහෙම කරන්න ගියොත් ලංකාවෙ තේ කර්මාන්තයට බඩු බනිස් වෙන බව විතරක් කියමු.
මොනවා වුණත් මේ වෙබ් සයිට් එක ඒකෙ ඇඩ් දාන අයට මාරම හොඳ රිටර්න් එකක් දෙනවා. ඇඩ් දාන්න යන මුදල වගේ කිහිප ගුණයකින් කට්ටිය ගෙන්වාගෙන ආදායම් ගන්න පුළුවන්. ඉතින් ස්පාවල ඉඳලා සැබෑ බඩු පොට් වගේම තනි තනියෙන් ගේම ගහන කෙල්ලො, පිම්පියො, ගෑනු හොයන අසරණයො ඇතුළුව හැමෝම මේකෙ ඇඩ් දානවා. ගෙවන්නත් ලේසි ක්‍රම ගොඩයි නිසා කාටවත් අපහසුවකුත් නෑ. සාමාන්‍යයෙන් කරන හැමෝම වගේ දවස ගාණෙ ඇඩ් කිහිපයක්ම දානවා.
හැබැයි ඉතින් ඒකෙ අනික් පැත්තට මේ වෙබ් සයිට් එකට යන සල්ලි ප්‍රමාණයත් හිතාගන්න පුළුවන්නෙ. දවසක ආදායම විතරක් ඉලක්කම් 7 ක සංඛ්යාවක්ලු. ඉතින් එහෙම ආදායමක් ලබන්න පුළුවන් බිස්නස් එකක් සාර්ථකව කරගෙන යනකොට තරහකාරයන්ට පොඩ්ඩක් අබ්ලික් ගහනවා. අර අදාළ චැනල් එකේ අයිතිකාර එක්කෙනාට තියෙන්නෙත් ආං එහෙම රුදාවක්.
නීතියෙන් මේක නවත්වන්න කිසිම ක්‍රමයක් නෑ කියල දැනගෙන, ඒකට ගහන්න මාර ගාණක් වියදම් කරල හදවපු අමතර වෙබ්සයිට් එකකුත් වැලේ වැල් නැතිව ගිහින් එයාලට සෑහෙන්න මද කිපිලා ඉන්නෙ. කරන්නත් දෙයක් නෑ ඉතින්. ඒක තමයි දැන් ඒකෙ ඇඩ් දාන අයව covid එකයි, තව තව හේතුයි අල්ලගෙන ඔන්ලයින් ගණිකාවො ගගා නිව්ස්වල දාන්නෙ.
මෙතන එකම අභිප්‍රාය ඒ ඇඩ් දාන කට්ටියව අර වෙබ් සයිට් එකෙන් අයින් කරන එක විතරයි. එහෙම නැතිව ගණිකාවො නවත්වන එකවත්, covid වත් නෙවෙයි. ඒකට ඇඩ් දැම්මොත් විතරක් අල්ලනවා, අර අනිත් එකට දැම්මොත් ශේප් කියන එක ඔය අල්ලන අවස්ථාවලත් වහෙන් ඔරෝ අඟවනවලු.
ඉතින් ආපහු මුල් කතාවට යමුකො. මේක තනිකරම සල්ලිවලට වහ වැටිච්ච ලොකු ලොකු උදවියගෙ බිස්නස් කෝන්තරයක්. එහෙම නැතිව ගණිකා සේවය නතර කරන්නවත්, covid වළක්වන්නවත් කරන සද් ක්‍රියාවක් නෙවෙයි. හැබැයි ඒකෙන් දුක් විඳින්නෙ කාටවත් කරදර නොකර තමන්ගෙ ආදායමක් හොයා ගන්න අහිංසක ගෑනු ළමයි. එයාලව බය කරලා තමන්ගෙ ගොඩ වැඩි කරගන්න, සාර්ථක වුණ කෙනාට කෙලවන්න කරන වැඩක්.
සද්භාවයෙන් ඉන්න සුදනන්ගේ, ඕකට චියර් දාන අයගෙ දැනුවත් භාවය ඉහළ නැංවීම උදෙසා මේක ලියන්න හිතුණා. කාටවත් නමින් චෝදනා කරල නෑ. කැමති අයට තොප්පි දාගන්න පුළුවන්. ස්තූතියි.
P. S.
දැන් මේකට බය වෙලා ඉන්න, සේවා සපයන ගෑනු ළමයි ඉන්නවා නම් එයාලටත් හිත නිදහස් වෙන්න දෙයක් කියන්නම්. තමන්ට වයස 18 ට වැඩි නම් අපේ රටේ ගණිකා සේවා සැපයීම කිසිම වැදගැම්මක් ඇති වරදක් නෙවෙයි. එකපාරක් හරි අහුවෙලා අත්දැකීම් තියෙනවා නම් දන්නවාත් ඇති. ඔය උඩ දාගෙන, ජීප්වල පටවගෙන, විස්තර ලියාගෙන, කැමරා අටවගෙන ගියාට කරන්න පුළුවන් කෙංගෙඩියක් නෑ. ඔන්න ගෙදරට හොරෙන් කරනවා නම් දැන ගන්න එක ප්‍රශ්නයක් වෙයි. ඒත් කවුරුත් දන්නවා නම් පරණ නිව්ස්වලින් කාටවත් වැඩක් නෑනෙ. නීතියෙන් කරන්න පුළුවන් ලබ්බක් නෑ.
මේ දෙන්නෙ සල්ලි ගෙවලා ගන්න ඕන නීති උපදෙසක්. බය නොවී ඉන්න. ඔය පාර්ලිමේන්තු ඉන්න අංකල්ලා වගේ බලු, ජඩ වැඩ කරලා ඉන්නවා නෙවෙයිනෙ. ඉතින් තමන්ගෙ අභිමානය තියාගෙන ඉන්න. පරල වෙන්න, පිංසෙන්ඩු වෙන්න යන්න එපා. අල්ලගෙන පැය 48 ක් ඇතුළත, ගොඩක් වෙලාවට පැය 24 ක් ඇතුළත උසාවි දානවා. උසාවි දැම්මාම වැරැද්ද පිළිගන්න. දවස් තුන හතරකින් කවර් කරගන්න පුළුවන් ගාණක් දඩ ගෙවන්න වෙයි. ඒකයි ලෝයර් ගාස්තුයි ගෙවල එළියට එන්න. වැරැද්ද පිළි ගත්තාම බන්ධනාගාර දාන්න බෑ, වෙන මොනවත් දඬුවමක් කරන්නත් බෑ, දඩ විතරයි. එළියට ඇවිත් ටිකක් ඉඳලා ආපහු අලුතෙන් වැඩේ පටන් ගන්න. කාගෙන් නැතත් ඔබේ ධෙෙර්යයට ඉන්ද්‍රජිත්ගෙන් සුබ පැතුම්! 
