චැනල් එකේ පුකේ කැහිල්ල සම්පූර්ණයෙන්ම සුව කරන ලදී

Indrajith Gamage

Well-known member
  • Aug 15, 2020
    760
    880
    93
    Moratuwa


    හායි මචන්ලා, අදත් industry එකේ බොහෝම වැදගත් නිව්ස් එකක් අරන් ආවා. මෙතන වැදගත්ම කාරණය සිද්ධ වුණ දේ නෙවෙයි, හැප්පෙන්න ආව කවුරු කවුරුත් ඒකෙ අනිටු විපාකය හොඳටම තේරුම් ගත්ත එක.

    වියදම් කරපු සල්ලි සේරම පුස්සක් වෙලා, එයාලගෙ weak points ටික ලෝකයට ප්‍රසිද්ධ වෙච්ච එකයි අවසාන ප්‍රතිඵලය. ඇදගෙනම නා ගත්තා වගේ වැඩක් වුණේ. ආයෙ පාරක් අත නොතියන්නම කෙළවලාම දැම්මා. ඇත්තටම සතුටක් තියෙනවා මොන තරම් ලේසියෙන් වැඩේ කරන්න පුළුවන් වුණාද කියන එක ගැන.

    පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට එරෙහිව කරපු ගේම් එක මතක ඇතිනෙ. මගෙ පුද්ගලික මතය නම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල රටට ඕන කියන එක. එයාලා කොලිටිය ගැන ගහන බයිලා මම නම් පිළි ගන්නෙ නෑ. කොහොම නමුත් මම ඒ ගේම් එක ගැන බොහොම උනන්දුවෙන් අධ්‍යයනය කරා.

    අවසාන ප්‍රතිඵලය විදිහට සයිටම් එක අකුලලා වහලා දැම්ම එක ඇත්තටම සාර්ථක අවසානයක් කියන්න පුළුවන්. ඒක මම ආස වුණ ප්‍රතිඵලය නොවුණත් ආයෙ රටේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයකට කවුරුත් අත නොතියන මට්ටමටම වැඩේ සෙත්තපෝච්චි කරලා දැම්මා. ඒ නිසා ගේමක් හරියට ගැහීම ගැන ඒක නියම උදාහරණයක්.

    පෞද්ගලික විශ්ව විද්‍යාල අරගලය බොහොම සාහසික එකක්. අතිශයින්ම inefficient විදිහට දශක ගාණක් තිස්සෙ ඇදගෙන ගිහින්, කාලය, මුදල්, මහන්සිය, ගරුත්වය වගේම ජීවිත පවා නැති කරගෙන ගහපු ගේමක්. ඉතින් අන්තිමේ යම් අවසානයක් දකින්න ලැබුණ එක ඇත්තටම සතුටුයි. ප්‍රතිඵලය හොඳ වුණත් ඇත්තටම ඒ වෙනුවෙන් කැප කරපු දේවල් බැලුවාම අපරාදෙ කියලත් හිතෙනවා.

    හැබැයි මේ සීන් එකේදි මම ගහපු ගේම නම් ඊට වඩා හරිම සරල, අතිශයින්ම efficient, effective එකක්. හරියට වෙලාව බලලා විස්තරාත්මක රචනයක් හරහා පුංචියට බෝලයක් පෙරළුවා විතරයි. ඒක ලියන්න, ඇරියස් කාරයන්ගෙ තර්ක බිඳින්න වැය කරපු පැය කීපය හැර වෙන කිසිම දෙයක් වැය කරේ නෑ.

    ලස්සනම සීන් එක මම කාටවත් කෙලින් චෝදනා කරේ නෑ. නමක්‍ නම් කරේ නෑ. හැබැයි අදාළ හැමෝම කියන්නෙ කවුරු ගැනද කියලා තේරුම් ගත්තා. ඒකට හිනා වෙන්න ආපු අය මට කෙළින්න විස්තර හොයන්න ගිහින්, මම කියපු දේවල් මොන තරම් ඇත්තද කියලා තමන්ම තේරුම් ගත්තා. මේ කියන්නෙ මොකක් ගැනද කියල දන් නැත්තම් ඒ තමයි චැනල් එකයි, වෙබ් අඩවියයි, පුකේ කැසිල්ලයි ගැන එළකිරි එකේම ලියපු thread එක.

    අර චැනල් එකේ ගේම අමු පුස්සක් බව රටම දැන ගන්න වැඩි කාලයක් ගියේ නෑ. Thread එක එහෙම පිටින්ම කොපි වෙලා social media, chat app අස්සෙ රවුම් ගහන්න ගත්තා. ගණිකාවො අල්ලන නිව්ස් ගැන දාන හැම තැනම කමෙන්ට් ඕකෙන් පිරෙන්න ගත්තා. අදාළ චැනල් එකේ සාමාන්‍ය මාධ්‍ය භාවිතාව ගැන මිනිස්සුන්ට තියෙන ඇරියස් එකත් ඒකට ලොකු උදව්වක් වුණා.

    කොහොම කොහොම හරි මිනිස්සු, ගැහැණු සෑහෙන ප්‍රමාණයක් ගණිකා වෘත්තියෙ නීතිමය පසුබිම ගැන බොහෝම අපූරුවට දැන ගත්තා. ටීවි එකේ ලක්ෂ ගණන් දීලා නීතිමය පසුබිම් වැඩ සටහන් කරත්, YOUTUBE වීඩියෝ සීරිස් පිටින් හදාගෙන උත්සාහ කරත් දෙන්න බැරි තරම් වටිනා දැනුමක් මිනිස්සු ඇවිල්ලාම හොයාගෙන ඉගෙන ගත්තා.

    දැන් අපේ රටේ වගකිව යුත්තො කාලයක් තිස්සෙ Maintain කරපු කඩතුරාව ඇරිලා ඉවරයි. ගණිකා වෘත්තිය දඬුවම් දෙන්න පුළුවන් වැරැද්දක් නෙවෙයි කියලා හැමෝම ලස්සනට තේරුම් ගත්තා. මහා ලොකු මාධ්‍ය සංදර්ශන තමන්වම විහිළුවකට ලක් කර ගැනීමක් වුණා.

    මේ thread එක අද දාන්නෙ ඒකට අපූරු සමාප්තියක් ලබා ගැනීම ගැන සතුට ප්‍රකාශ කරන්නයි. දැන් officially අර චැනල් එකේ ප්‍රචාරක යන්ත්‍රයෙන් උඩ තියාගෙන ගියපු වෙබ් අඩවි raid එක අකුලගෙන විතරක් නෙවෙයි, එහෙම අල්ලගෙන ගිහින් සද්ද දාලා, බය කරලා (හැබැයි crucially, ඇත්තට නඩු නොදා) මේක නතර කරන්න කරපු උත්සාහයත් ලොප් වෙලා ඉවරයි. අල්ලන්න හොයපු සහ අල්ලගත්ත 235 න් සියලුම දෙනා පාහේ ආයෙත් වැඩට බැහැලත් ඉවරයි.

    ඉතින් මීට පස්සෙ නීතියෙ නැති වරදක් ඉස්සරහා බය කරලා කරවගන්න ගිය වැඩකට වෙන දේ ගැන හැමෝටම අපූරු ආදර්ශයක් ලැබිලා තියෙන්නෙ. ඒ විතරක් නෙවෙයි, තමන්ට අවශ්‍ය නම් එක එකාට බය නොවී ගණිකා වෘත්තියෙ යෙදෙන්න පුළුවන් කියන දැනුමත් සමාජයෙ බහුතරයකට ලැබිලා.

    දැන් ගණිකා වෘත්තිය කියලා අල්ලන්න පනින පොලිස් මාමිලාට නැන්දිලාටත් කට්ටිය හිනා වෙනවා විතරයිලු ඉතින්. නොමිලේම ජීප් එකේ පොලීසියට ගිහින්, එතන ඉන්න අයත් අඳුරගෙන, හැමෝටම 18 ට වැඩියි කියල NIC පෙන්නලා ඇවිත්, පහුවදාම ආයෙමත් සුපුරුදු පරිදි වැඩේ පටන් ගන්න තියෙන්නෙ. ඉස්සර වගේ බයේ ගිහින්, අඬ අඬා පිංසෙන්ඩු වෙවී ඉන් නෑ. අන්තිමට එයාලටම එපා වෙලා ජීප්වල තෙල් ටිකයි, පොලිස් පොත්වල පිටු ටිකයි ඉතිරි කර ගන්නවා. 😂

    ආයෙ ඉතින් අනිත් කට්ටියත් චැනල් එකක්, වෙබ් සයිට් ටිකක්, පේජ් ටිකක්, ටූ ටියුබ් චැනල් එකක් තිබුණා කියල මේකට අත ගහන්නෙ නැති වෙයි. මොකද ලස්සනට රෙදි ටික ගලවගන්න වෙනවා. සාමාන්‍ය සමාජයේ දැනුවත්භාවය නිසා ගොඩක් වැඩර්ලා ගොබ්බයො වෙනවාට මේක නියම උදාහරණයක්.

    ඉතින් අවංකවම සතුටුයි thread එකක් ලියලා මේ තරම් දුරට ඇදිලා ගිහින් හැබෑ සමාජ විපර්යාසයක් කරන්න පුළුවන් වුණ එක.

    ඉතිහාසයේ වෙච්ච ඒවා බලලා ඒ විදිහටම සමාජ විපර්යාස කරන්න දශක ගාණක් ලත වෙලා 3% ගත්ත අයටයි, හැම දේම over the top කරන්න ගිහින් 0% ගත්ත අයටයි, කට්ටිය රවට්ටලා බැටළු හමක් ගෙනාපු, දැන් හැංගිලා ඉන්න අනිත් අයටයි වැඩක් හරියට කරන හැටි ඉගෙන ගන්න මේක හොඳ ආදර්ශයක්.

    තව දෙයක්, ගණිකා වෘත්තිය ගැන වගේ ඡන්ද දායක කම ගැන මිනිස්සු ඉගෙන ගත්තොත් ඔය බහුතරයක් දෙනාට රටේවත් ඉන්න වෙන්නෙ නෑ. ඉතින් පරිස්සමෙන්. බුදු සරණයි!
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    11,084
    6,351
    113
    හස්තිශෛලපුර
    Thread එක එහෙම පිටින්ම කොපි වෙලා social media, chat app අස්සෙ රවුම් ගහන්න ගත්තා..

    හප්පට.. පෲෆ් තියනවනම් දාපන්කෝ ඩේට් එකත් එක්ක..

    උබේ ත්‍රෙඩ් එකේ ලින්ක් එකත් දාපන් මචන් මතක් කරලා..
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    4,515
    6,114
    113
    Thread එක එහෙම පිටින්ම කොපි වෙලා social media, chat app අස්සෙ රවුම් ගහන්න ගත්තා..

    හප්පට.. පෲෆ් තියනවනම් දාපන්කෝ ඩේට් එකත් එක්ක..

    උබේ ත්‍රෙඩ් එකේ ලින්ක් එකත් දාපන් මචන් මතක් කරලා..

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: Solo Rider

    Jobutexter

    Well-known member
  • Feb 21, 2014
    1,021
    1,308
    113
    WANNITHAMMANNAWA
    කාටද බන් මෙච්චර දිග පෝස්ට් කියවන්න වෙලාව තියෙන්නෙ (4)
    කාටද බන් මෙච්චර දිග පෝස්ට් කියවන්න වෙලාව තියෙන්නෙ (5)
    කාටද බන් මෙච්චර දිග පෝස්ට් කියවන්න වෙලාව තියෙන්නෙ (6)
     

    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    760
    880
    93
    Moratuwa
    දරුණු ඇරියස් කාරයො ටික ඇවිත් තමන්ගෙ grievances ටික කියවලා, වැරදි අඩුපාඩු පැහැදිලි කරලා, අර්ධ ඇරියස් තියෙන, හැබැයි යමක් කියා ගන්න මොකක්ද වගේ අය දරුණු ඇරියස් කාරයො ලියපුවාට react කරලා, "I too agree with this" වර්ගයේ සූටි සූටි කමෙන්ට් දාලා, thread එක trending වල තියා ගන්න අවශ්‍ය inaugural bump එක දීලා ඉන්ටකෝ.

    Interest එක ටික ටික die down වෙන්න ගත්තාම එකෙන් එකට ඇරියස් එක තවත් දරුණු අතට හරවන උත්තර ටිකක් දාලා, ඒකට reply කරලා ඇරියස් එක කවර් කරගන්න දිගට දිගට එන දෙතුන් දෙනෙක්වත් නිශ්පාදනය කරගෙන තව තව මේක perk up කරන්න පටන් ගන්නම්.

    මට මේ කෑලිවල තියෙන දේවල් වැඩිය වැදගත් නෑ බං. උඹලා ටික අල්ලගෙන thread එක ප්‍රමාණවත් කාලයක් උස්සලා තියා ගන්නයි අවශ්‍ය. එතකොට අදාළ අයට මගෙ victory lap එක දැකලා ඉන්න බැරිව, තව තව ගණිකාවො අල්ලගන්න raid පටන් ගන්නවා. ඒකෙන් එයාලට තවත් ලෙසටම කෙළවගන්න පෙළඹවීම ඇති කරන්නයි මට අවශ්‍ය. එතකොට ගේම තවත් සාර්ථක වෙනවා. 😂

    මොකද උඹලාට කියවන්න වෙලාව නැති වුණාට, මේකෙන් බැටේ කාලා නස්පුක් වෙලා ඉන්න අදාළ කට්ටිය ඕක සම්පූර්ණයෙන්ම කියවනවා.

    බලමු කිව්වාමවත් සිද්ධිය තේරුම් අරන් raid සංදර්ශන අත ඇරලා දාන්න එයාලට පුළුවන්ද කියලා. ඒ වගේම මෙතන ඉන්න එළකිරි සහෘදයන්ට කටවල් පුකවල් පියාගෙන පුළුවන්ද කියලා. හැබැයි මම ඔය දෙකටම උත්තරේ නම් අත්දැකීමෙන්ම දන්නවා ඉතින්. 😂😂

    මොකද බං උන් මේක දැකලා අලුත් raid නොකර හිටියොත් මම මේ කියපුවා ඇත්ත කියලා පිළි ගත්තා වෙනවා. ඉතින් තව කෙළවිලා ගියත් කමක් නෑ කියල raid කරන්නම වෙනවා. උඹලට comment කරන්න ගියාම ඇති වෙන උභතෝකෝටිකය වගේම තමයි. 😂

    හැබැයි මොනවා වුණත් ගණිකා වෘත්තියෙ නීතිමය පසුබිම ගැන දැනුම තව පුළුල් වෙනවා. අල්ලන්න එන මාමීලාට, නැන්දිලාට හිනා වීම තව වැඩි වෙනවා. අන්තිමට නිතීගත කරලා එක එකාගෙ සංස්කෘතික ඇරියස්වලට ඌයියා නොකරම ගණිකා වෘත්තියට ඉඩ කඩ සලසනවා. අන්න ඒකයි මෙතන mission එක. කෝ දැන් මේකට 10 දෙනෙක්වත් කමෙන්ට් දාලා හිනා වෙන්න බලන්න. 😊
     
    Last edited:

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    1,062
    977
    113
    ඇත්තටම තේරෙන්න කියපන් දැන් ඔය කියන කොම්පැනිය බංකොලොත් වෙලාද? රෑන්කින් වලින් පාතට වැටිලාද?ඇඩ් දෙන එක නවත්තලාද ? අඩුම තරමේ මිනිස්සු දැන් ඒ චැනල් එක බලන්නේ නැද්ද? හරි සොෂල් මීඩියා වල ගණිකා වාතිය නීති ගත කරන්න කියලා ලොකු රැල්ලක් ඇතිවෙලාද? මිනිස්සු පාරේ තොටේදී ඒ ගැන කතා වෙනවද? පේස්බුක් ගියහම වොල් එක පිරෙන්න ගණිකාවෝ නීතිගත කරන්න කියලා පොස්ට් යනවාද? පොලිසිය ගණිකාවෝ අල්ලන එක නවත්තලාද? නැත්නම් නැට්ට පුකේ ගහගෙන නිදා ගන්න.
     

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    1,769
    3,660
    113
    සමරයිස් කරලා දාපන් කවුරු හරි
    කියවන්න වෙලාවක් නැහැ, බනින්න කලින් තියෙනෙ මොනාද දැන ගන්න එපැයි

    Thread එක එහෙම පිටින්ම කොපි වෙලා social media, chat app අස්සෙ රවුම් ගහන්න ගත්තා..

    හප්පට.. පෲෆ් තියනවනම් දාපන්කෝ ඩේට් එකත් එක්ක..

    උබේ ත්‍රෙඩ් එකේ ලින්ක් එකත් දාපන් මචන් මතක් කරලා..
    :yes::yes::yes:
    ------ Post added on Feb 19, 2021 at 7:49 PM
     
    • Haha
    Reactions: nooby