චීනයෙන් ගෙන්වූ පොහොර සාම්පලයක හානිකර බැක්ටීරියාවක්

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    11,077
    8,152
    113
    24
    ලොවෙත් නැති තැනක

    COLOMBO (NEWS1ST) : චීනයෙන් මෙරටට ගෙන්වූ කාබනික පොහොර සාම්පලවලින් අර්වීනියා (Erwinia) නමැති ක්ෂූද්‍ර ජීවීන් හමුවීම පිළිබඳව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද (17) කරුණු පැහැදිලි කළේ ය.


    අමාත්‍යවරයා පැවසුවේ, අදාළ ක්ෂූද්‍ර ජීවීන් හමු වී ඇත්තේ නිල නොවන මට්ටමින් චීනයෙන් පරීක්ෂණ සඳහා ගෙන්වූ කාබනික පොහොර සම්පලයකින් බවයි.


    රජය ආනයනය කරන කාබනික නයිට්‍රජන් පොහොරවල සත්ත්ව ,ශාක හා මිනිසාට අහිතකර ව්‍යාධිජනක ක්ෂුද්‍රජීවීන් නොමැති බව කෘෂිකර්ම අමාත්‍යාංශය මීට දින තුනකට උඩදී එනම් 14 වැනිදා සහතික විය.


    නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය පැවසුවේ එවැනි ක්ෂුද්‍රජීවින් සිටින බවට සමාජ මාධ්‍ය ඇතුළු ඇතැම් මාධ්‍යන්හි පළවන ප්‍රවෘත්ති අසත්‍ය බවයි.


    කෘෂිකර්ම අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටියේ ආනයනික කාබනික පොහොර භාවිත කිරීමට කිසිදු බියක් ඇතිකර නොගන්නා ලෙසයි.


    මේ අතර අද (17) කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසුවේ SLSI ආයතනය නම් කරන ලද ස්වාධීන පරීක්ෂණාගාරයේ නිරීක්ෂණවලට අනුව ආනයනය කරන ලද පොහොරවල කිසිම ක්ෂුද්‍ර ජීවියෙක් නොමැති බව පැහැදිලව සඳහන් කර ඇති බවයි.


    එහෙත් ඒ අතරතුර එම පොහොරවල සම්පල් කීපයක් නීත්‍යානුකූල භාවයෙන් බැහැරව මේ සමාගම්වලින් ගෙනවා ගත් බවත් කෙසේ වෙතත් එය ගෙනාපු ක්‍රමවේදය සහ බෙදූ ක්‍රමය පිළිබඳව අමාත්‍යංශයට ප්‍රශ්නාර්ථයක් ඇති බව ප්‍රකාශ විය.


    තව ද අමාත්‍යවරයා සඳහන් කළේ, එලෙස අවිධිමත්ව ගෙන්වූ පොහොර පරීක්ෂා කිරීමේදී එම පොහොරවල අර්වීනියා නමැති ක්ෂුද්‍ර ජීවියා සිටින බව හඳුනාගෙන ඇති බවයි.


    තව ද අමාත්‍යවරයා සඳහන් කළේ මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලා CID යට ලිපියක් යොමු කිරීමට බලාපොරොත්තු වන බවයි.


    ”SLSI ආයතනය විසින් ස්වාධීන පරීක්ෂණාගාරයක් නම් කරලා තියෙනවා ඒ පරීක්ෂණාගාරය විසින් කරන ලද නිරීක්ෂණවලට අනුව මේ ආනයනය කරන ලද පොහොරවල කිසිම ෂුද්‍ර ජීවියෙක් නැහැයි කියලා, පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. දැන් ඒ අතරතුරේ අපි මේ පොහොරවල සම්පල් කීපයක් නීත්‍යානුකූල භාවයෙන් බැහැරව මේ සමාගම්වලින් ගෙන්න ගත්තා. අපි මේක පරීක්ෂා කරන්න. මේ ගෙනාපු ක්‍රමවේදය ගත්තහම ඒ සියලු ආපු විදිහ ගත්තු විදිහ බෙදපු ක්‍රමය පිළිබඳව අපේ අමාත්‍යාංශයට යම් ප්‍රශ්නාර්ථයක් තියෙනවා. නිකම් මේ ප්ලාස්ටික් බෑග් එකක තමයි මේ පොහොර ඇවිල්ල තියෙන්නේ ඕනම කෙනෙකුට පුළුවන් මේ පොහොරවලට පොඩි ඉන්ජෙක්ෂන් කටුවකින් පොඩ්ඩක් ගැහුවොත් මේ සම්පල් සම්පූර්ණයෙන්ම වෙනස්වෙනවා. ඒ නිසා මේ අපි අවිධිමත්ව ගෙනාපු පොහොරක් පරීක්ෂා කිරීමේදී ඒ පොහොර අර්වීනියා කියන සුද්‍ර ජීවියා ඉන්නවා කියලා, අඳුරගෙන තියෙනවා. ඒත් ක්ෂුද්‍ර ජීවියා ඉන්න පොහොරක් නම් කිසිසේත් අපේ අල ,ගොවා, කැරට් කියන බීජ වලට බලපානවා වගාවට ඒවා අපි අනිවාර්යෙන් එවැනි ෂුද්‍ර ජීවියෙක් ඉන්න පොහොරක් අපි ආනයනය කරන්නේ ඉඩ දෙන්නෙ නෑ”

    මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදීහු අමාත්‍යවරයාගෙන් වැඩිදුරටත් මෙලෙස ප්‍රශ්න කළහ.


    ප්‍රශ්නය:- අර්වීනියා ඇති සාම්පල කීයක් ගෙනාවද ?


    පිළිතුර (කෘෂිකර්ම ඇමති) :- අපි ගත්ත සාම්පල් එක තමයි ඒ සාම්පල් වලත් ප්‍රශ්න තියෙනවා.කොළඹ විශ්වවිද්‍යාලය කරලා තියෙන එක සාම්පලයක නෑ . කියනවා කොරෝන්ටයින් කරපු එකක තියෙනවා කියලා කියනවා . අපිට සම්පත් නවයක් ඇවිත් තියෙනවා අපි දෙකක් තමයි යවලා තියෙන්නේ .


    අඩෝ මූ රකින විරුවා කියල ආවට රට හොම්ම්බෙන් යවයි වගේ....

     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    2,275
    1,656
    113
    Sorry to state our Minister's knowledge.
    How is Organic Fertilizer made(It can only be made through Mirobiological process). So how can you separate or remove microbes?
    The issue is worse when we import from another country specially nor in the region like China where there are lot of weather and biodiversity vastly different.
    No one can remove microbes from organic fertilizer (to my knowledge).
    In fact we have a gazette that prohibit this kind of imports (govt may cancell the gazette to allow this ) This is 40 year old gazette. Under Regulation in terms with Plant Protection Act imposed in 1981. Such fertilizer cannot be used except for research . Pathogens (virus and Bacteria) can act differently like SARS Cov 19 and can become Zoonostic . So we have protection of large scale unknown microbe importation. But short sighted measures can destroy not only ours but others as well!!
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    3,937
    5,252
    113
    Sky
    මේවට කියන්න වචන නැ. කිව්වා කියල හිතා ගත්තොත් හොදයි ගොබ්බසේන ඇතුලු පිරිවර
     
    • Like
    Reactions: Any.key

    geeko

    Well-known member
  • Mar 18, 2013
    5,079
    1,194
    113
    ආණ්ඩුවෙන්මනේ පරීක්ෂණ කරවලා තියෙන්නේ ඒක හොඳ දෙයක්. කාබනික පොහොර ගෙන්නන එකත් හොඳයි ගෙන්නන ඒව පරීක්ෂා කරලා හොඳ පොහොර විතරක් ගෙන්නන එකත් හොඳයි.මටනම් මේකෙන් තෙරෙන්නේ ආණ්ඩුවට කාබනික පොහොර ගෙන්නන්න වගේම හොඳ පොහොරක් ගෙන්නන්නත් අවංක උවමනාවක් තියෙනවා කියලා.
     
    • Haha
    Reactions: amilapradeep100

    Similar threads