මේක අද වෙච්ච දෙයක් මගේයලුවොන්ටත් කියන්න බෑ ඒකයි නූලක් දාන්න හිතුවේ.
කලින් අර්බුද වලට(Thread 'ජංගි අර්බුදය'
https://elakiri.com/threads/ජංගි-අර්බුදය.2084865/) කිසිම සම්බන්දයක් නෑ මේක.
අද උදේ පේපර් පංතියකට ගිහින් කාඩ් මාර්ක් කරන්න යාලුවොත් එක්ක පෝලිමේ හිටියා. කොහොමත් ඒ පොලිම යන්නේ නෑ. නිකන් වෙසක් එකට බත් දන්සැලේ පෝලිම වගේ. මේ පාර ඒලෙවල් කරන උනුයි,
2023 යුනුයි
,2024 උනුයි ශිෂ්යත්වේ ලියන උනුයි,
ජපන් යන උනුයි
ගොඩක් උන් පෝලිමේ හිටියා.
පැය භාගයක් විතර අවුවේ කර වෙවී ඉද්දි කෙල්ලෙක් අපේ පැත්තට ආවා. මට ලොකුවට මීටර් නෑ ( මීටර් තිබ්බත් කලින් ජංගිය නිසා තාම අවුලෙන් ඉන්නේ)
ඇවිත් මේකි කිවුවා " අයියේ පොඩ්ඩක් එන්නකෝ අරහෙට කියලා" මාත් පෝලිමෙන් යන්නේ නැතුව ඇයි කියලා අහද්දි අපේ උන් ටික තල්ලු කරලා ගිහින් වරෙන් හු$£^^^තෝ කිවුවා. මාත් ගියා මේකි පංතියට එන පාරේ කෙලවරකට ගියා. මාත් පස්සෙන් ගියා. ගිහින් එක පාරටම මන් දිහා හැරිලා බලලා කිවුවා
" එදා බලන් හිටපු විදිහට මන් හිතුවේ එදාම යාලු වෙන්න අහයි කියලා. ඒත් තාම ඇහුවේ නැත්තේ ඇයි? මගේ මොකක්ද වැරැද්ද?"
මන් උපරිම ආත භූත උනා. මන් මේකි දිහා බලන් හිටියා කිවුවම. මාත් ටිකක් වෙලා මුකුත් නොකියා මූන දිහා බලන් ඉද්දි මතක් උනා මේ ඇස් දුබුරු ලමයා නේද කියලා.( ඒත් ඒකි ගැන මුකුත් මට හිතුනේ නෑ. මන් නිකන් ඇස් දෙක දිහා බලන් හිටියා ලස්සන නිසා)
මන් කිවුවා " නංගිට වැරැද්දක් වෙලා ඇති මන් ඔයාගේ පස්සෙන් එන්නේ නෑ " කියලා කිවුවා.
මේකි කියපිනේ " ආ දැන් මන් දිහා බලන් ඉදලා අයි කන්ටැක් කරලා දැන් කියනවා පස්සෙන් ආවේ නෑ කියලා. මන් ඔයා වෙනුවෙන් විතරයි අයියේ ඉන්නේ " කිවුවා.
මන් කිවුවා " අනේ නෑ දරුවෝ . ඔයාට ලොකු වැරැද්දක් වෙලා. එහෙම මුකුත් මන් හිතුවේ නෑ. මේක ඔයා අමතක කරලා දාන්න කියලා"
ඒකි " එහෙම අමතක කරන්නේ නෑ. ඔයා මට කැමති උනේ නැත්තම් මන් ඔයාට ඇසිඩ් ගහලා මගේ අතත් කපන් ලියුමක් කියලා මැරෙනවා. ඔයා තමා මේකට වගකියන්න ඕනේ කියලා "
වික්ශිප්ත වූ මම " ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්....." විනාඩියක් විතර ම්ම්ම්ම්ම් කිවුවා.
ඒකී කිවුවා " ම්ම්ම්ම් නෙමෙයි මට ලබන සතිය වෙද්දි උත්තරයක් ඕනේ නැත්තම් ඔයාවත් මරලා මාත් මැරෙනවා" කිවුවා.
කතාව ඔතනින් ඉවරයි.
ලබන සතියෙන් අපේ පන්ති ඉවරයි. ඒසතියෙත් මොකක් හරි ගොන් විහිලුවක් කරලා ඒ සතියත් කාලා දාන්න පුලුවන්. පස්සේ ආයෙ ඒකිව හම්බෙන එකක් නෑ (ගොඩක් වෙලාවට).
මන් මොකක්ද කරන්න හොදම වැඩේ???
I really need help කිරියනි
කෙල්ලෝ ගැන මගේ හැමදෙයක්ම මන් ජංගි අර්බුදයෙන් ඉදිරියටත් අරන් එන්නම්
- ස්තූති-