ජනාධිපති වැඩ කරන්නේ ආඥාදායක විදිහට රාජකීය පණ්ඩිත, මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි සිංහලේ සංවිධානයේ මහා ලේකම්

AEG

Active member
  • Jul 5, 2012
    276
    200
    43
    ශ‍්‍රීලාල් සෙනෙවිරත්න

    ජනපති සමග ඔබවහන්සේට තිබෙන බව පෙනෙන ගැටුම මොකක්ද?

    එතුමත් එක්ක පුද්ගලිකව කිසිම අමනාපයක්, ගැටුමක් නෑ. හැබැයි එතුමන් රට පිළිබඳව ගන්න ප‍්‍රතිපත්ති, තීන්දු, තීරණ සහ ක‍්‍රියා කලාපය ගැන ප‍්‍රශ්න තියෙනවා. යහපාලනය පරාජය කරලා මේ ආණ්ඩුව ගේන්න අපි කැපවුණා කියලා ආණ්ඩුව කරන සියල්ලම අනුමත කරන්න කිසිදු වෙලාවක අපි සූදානම් නෑ. ඒ නිසා වරද දුටු හැම වෙලාවෙම අපි ඒක වරදක් විදිහට පෙන්නලා දුන්නා. නමුත් සමහර ප‍්‍රශ්න විපක්ෂය හඳුනා ගන්නා තරම්වත් ආණ්ඩුව හඳුනා ගන්නේ නෑ. අපේ විරෝධය අන්න ඒකටයි. අපිත් මේ ආණ්ඩුව ගේන්න සමාජයට ඇප වුණා නම්, මේ අයට ඡුන්දෙ දෙන්න කියලා අපි කිව්ව කීම අහලා යම් කෙනෙක් හරි ඡුන්දයක් දුන්නා නම් අපිට වගකීමක් තියනවා හරි වැරදි පෙන්වා දෙන්න. අපි ඒ කටයුත්ත කරනවා. ඒ කටයුත්තේදි ජනාධිපතිවරයාගේ පැත්තෙන් තියන ඇහුම්කන්දීම, නම්‍යශීලිභාවය බින්දුවයි. එහෙම කරන කොට අපි ආණ්ඩුවට විරුද්ධව කටයුතු කරනවා කියලා තමයි ඒ අයත් හිතන බව පෙනෙන්නේ. ආණ්ඩුවට සම්බන්ධ උදවියගේ බදු වංචා හෙළි කළාට පස්සේ සී.අයි.ඞී. එකෙන් මාව හොයාගෙන එනවා කටඋත්තර ගන්න.

    මොනවද ඔබවහන්සේ පෙන්නා දුන්න වැරදි?

    අපිට ආණ්ඩුවත් එක්ක මූලික විරෝධය මතුවුණේ සියුම් අන්තවාදියෙක් වන මොහමඞ් අලි සබි‍්‍ර වැනි චරිත ළංකරගෙන, කැබිනට් ඇමැතිකමක් දීම ගැන. කොවිඞ් මළ සිරුරු භූමදානය පිළිබඳ ප‍්‍රශ්නයේදි ඔහු අල්-ජසීරාවට ගතු කේලම් කියලා අපේ රට අපහසුතාවට පත් කිරීමට එරෙහිව අපි කතා කළා. ඔහුට අධිකරණ ඇමැතිකම දීම ඉතාම වැරදි තීන්දුවක්. අනෙක් පැත්තෙන් පාත් ෆයින්ඩර් ආයතනයේ ප‍්‍රධානියෙක් වන මිලින්ද මොරගොඩට ඉන්දියානු මහා කොමසාරිස් ධුරය ලබාදීම වැනි තැන්වලදි අපි ඒ ගැන කතා කළා. මත්තල එයාර් පෝට් එක ඇමරිකානු සමාගමකට දීමේ උත්සාහය, ජාතික සම්පත් විකිණීම, කොළඹ වරායේ නැෙ`ගනහිර ජැටිය විකිණීම සම්බන්ධයෙන් අපි කතා කළා. රටට එකම නීතියක් කියන තේමාවට එරෙහිව ආණ්ඩුව කටයුතු කරන කොට ඒ ගැනත් අපි කතා කළා. අනෙක් පැත්තෙන් ජනාධිපතිතුමාගේ ගජමිතුරු කල්ලිය මහා පරිමාණයෙන් කරන බදු මුදල් වංචාවලට විරුද්ධව කතා කළා. දෙරණ නාලිකා ප‍්‍රධානි දිලිත් ජයවීර ඇතුළු ඒ ගජමිතුරු කල්ලිය මහ බැංකු වංචාවට වඩා විශාල මුදලක් වංචා කළා. මහ බැංකු බැඳුම්කර වංචාව බිලියන 10යි. හැබැයි සීනි සහ ෆාම් ඔයිල් බදු වංචාව බිලියන 15 යි. මේ වගේ රටට අහිතකර දේවල්වලදි තමයි අපි පෙනී හිටියේ. නමුත් අපි විරුද්ධ වුණා කියලා වෙනසක් වුණේ නෑ. ඒවා තවදුරටත් ඒ විදිහටම සිද්ධ වෙනවා. එහෙම ලියුමක් ලැබුණාම රාජකාරි මට්ටමෙන් ඒකට උත්තරයක් එවන්න ජනාධිපති කාර්යාලයේ කවුරුවත්ම නැද්ද?

    තම ප‍්‍රජාව තුළ පවතින විවිධ වාද භේද අමතක කරමින් මුස්ලිම් ප‍්‍රජාව ජාතිය සහ ආගම පදනමින් එක කඳවුරකට ගොනුවෙමින් සිටින පසුබිමක සංහිඳියාව වෙනුවෙන් පෙනී සිටින සාම්ප‍්‍රදායික මුස්ලිම් සුළු පිරිස අතර සිටින අලි සබි‍්‍ර අන්තවාදියෙක් විදිහට හඳුන්වන්නේ ඇයි?

    ඔහු සියුම් අන්තවාදියෙක්. රිෂාඞ් බදුර්දීන්ලා වැනි චරිත දේශපාලනිකව පරිණත වුණාට, නූගත් අන්තවාදීන්. ඔය කියන සාම්ප‍්‍රදායිකත්වයට මුවා වෙලා මොහමඞ් අලි සබි‍්‍රලා දියත් කරන අන්තවාදය සියුම් අන්තවාදයක්. මළ සිරුරු භූමදාන ප‍්‍රශ්නය මුස්ලිම් සමාජයේ ප‍්‍රශ්නයක් නෙවෙයි. ඒක මුස්ලිම් සමාජයේ ප‍්‍රශ්නයක් බවට පත් කළේ මුස්ලිම් සමාජයේ වීරයෙක් වෙන්න ගිහින් මොහමඞ් අලි සබි‍්‍ර. සාමාන්‍ය මුස්ලිම් ජනසමාජය මේ පොදු නීතියට එකගව සිටියදී අපේ‍්‍රල්, මැයි වෙනකොට ඔහු තමයි මේ කතාව කරළියට ගෙනාවේ. අනෙක් පැත්තෙන් මේ වෙනකොට ඔහු දෙමළ භාෂාව කතා කිරීමේ හැකියාව සුවිශේෂී කොට සලකමින් මුස්ලිම් නීතිඥවරුන් 150ක් ප‍්‍රධාන පොලිස් පරීක්ෂක තනතුරු සඳහා බඳවා ගැනීමේ යෝජනාවක් කැබිනට් එකට ඉදිරිපත් කරලා අනුමත කරගෙන තිබෙනවා. ඔහුගේ සියුම් අන්තවාදය වෙනත් මුහුණුවරකින් එළියට එන්නේ ඔය විදිහට. රවුෆ් හකීම් අධිකරණ ඇමතිවරයා කාලේ ඉතිහාසයේ පළවෙනි වතාවට ඔහු නීති විද්‍යාලයට වැඩිම මුස්ලිම් සිසුන් ප‍්‍රමාණයක් ඇතුළත් කරගනිමින් ඒකෙදිත් මේ කටයුත්ත කළා. එදා රවුෆ් හකීම් නීති විද්‍යාලයට පිටිපස්ස දොරින් ගත්ත පුද්ගලයන්ටද දැන් මොහමඞ් අලි සබි‍්‍ර මේ විදිහට ප‍්‍රධාන පොලිස් පරීක්ෂක තනතුරු දෙන්න හදන්නේ කියා අපිට අහන්න වෙනවා. අලි සබි‍්‍ර වගේ සියුම් අන්තවාදීන් ජනාධිපතිවරයා ළගට කිට්ටු වෙලා ඔවුන්ගේ අරමුණ වෙනුවෙන් කටයුතු කරමින් සියුම් අන්තවාදය පතුරවන බව අපි කියන්නේ ඔවුන්ගේ මේ හැසිරීම් තුළිනුයි. එහෙම නැතිව පොදුවේ මුස්ලිම් වීම නිසා ඇති කරගත්ත විරෝධයක් නෙවෙයි. මැයි මාසේ එකොළොස් වෙනිදා ජිනීවා මාධ්‍ය ජාලයට එවැනිම ප‍්‍රකාශයක් දීලා ලංකාවේ ව්‍යසනයක් ඇතිවෙන හැම වෙලාවෙම බහුතර අපි මුස්ලිම් අයට එරෙහිව ජාතිවාදය වපුරනවා කියලා අපේ රටට අපකීර්තියක් ඇති කළා. ජනාධිපතිවරයාගේ නීතිඥයා මෙහෙම කියයි කියලා ලෝකයේ විශාල මාධ්‍ය ජාලයක මේ ප‍්‍රවෘත්තිය පළ කරලා තිබුණා. ඔහුගේ මේ අන්තවාදී ක‍්‍රියාකාරකම් ගැන තමයි අපිට විවේචනයක් තියෙන්නේ. සද්ධර්ම රතනාවලිය කියවමින් හැදුණාය කියා ඔහු කිව්වට ඔහු එතනින් එහා ගිය එකම අරමුණක් වෙනුවෙන් ඉන්නවා කියන එක තමයි අපේ විශ්වාසය.

    ඔබවහන්සේලාගේ වචනයට ජනාධිපතිවරයා ඇහුම්කන් නොදෙන බව ඔබවහන්සේ කියනවා. නමුත් ජනාධිපතිවරයා කියන්නේ ඔබවහන්සේලාගෙන් උපදෙස් ගන්නවා, ඒ සඳහා මාසිකව හමුවෙනවා කියලා?

    ඔය මාසිකව හමුවෙනවා කියන වැඩිහිටි හාමුදුරුවරු බහුතරයක් මේ සමාජ දේහයේ ප‍්‍රශ්න හඳුනන, මහ පොළොවේ පය ගහලා ඉන්න අය නොවෙයි. උන්වහන්සේලා ඇවිල්ලා ගොඩක් වෙලාවට කරන්නේ ජනාධිපතිතුමාට සුදු හුණු ගාලා, වර්ණනා කරලා යන එකයි. මේ තියන ප‍්‍රශ්න කතා කරන්න යන්නේ නෑ. අපි හිතන්නේ ඒ මාසික හමුව ජනාධිපතිවරයා තමන්ගේ ඔය කියන බෞද්ධ මුහුණුවර පෙන්වන්න දාගෙන තියන රැුකවරණයක් කියලයි. අපි ජනතාව අතරට බැහැලා, තියන අර්බුද විසඳීම සඳහා කටයුතු කළ අය. ජනාධිපතිවරයා ආරක්ෂක ලේකම් කාලයේදී මාසෙකට දෙවතාවක් අපි හමුවුණු අවස්ථා තිබුණා. මාසිකව වෙනත් ආගමික පාර්ශ්වයන් සම`ග මුහුණට මුහුණ සාකච්ඡුා කළා. එහෙම කළ අපිට ජනාධිපති වුණාට පස්සේ එක දවසක් ගෙනල්ලා මොනවද තියන ප‍්‍රශ්න, මොනවද ඔබවහන්සේලාට එන තොරතුරු කියලා අහන්න තරම්වත් ඉදිරිපත් නොවීම පුදුම සහගත සහ කනගාටුදායක තත්ත්වයක්. අපි විතරක් නෙවෙයි ඒ විදිහට කටයුතු කළ තරුණ ක‍්‍රියාකාරී භික්ෂූන්වහන්සේලා සිටින ජාතික සංවිධාන රැුසක් තියනවා. ඒ හාමුදුරුවරුන් කිසි කෙනෙකුට අවස්ථාවක් නෑ. ආරක්ෂක ලේකම් වෙලා ඉද්දි කතා කළ ප‍්‍රශ්න ගැන ජනාධිපති වුණාට පස්සේ කතා කරන්න බැරි වෙන්න විදිහක් නෑනේ.

    තමන්ට භූමිකා දෙකක් තියනවා කියලත්, ඔබවහන්සේලා ඉල්ලා සිටින්නේ කලින් හිටිය ආරක්ෂක ලේකම් භූමිකාවට යන්න කියලත් ජනාධිපතිවරයා කියනවා. එයින් ඔබවහන්සේලා බලාපොරොත්තු වෙන්නේ මොනවද?

    එක රටක එක නීතියක් වෙනුවෙන් කටයුතු කරන්න කියලා බල කරමින් අපි ජනාධිපති කාර්යාලය ඉස්සරහා විරෝධතාවක් කළානේ. ආණ්ඩුව ගේන්න වැඩ කළ හාමුදුරුවරුන් අතරින් අපි තමයි පළවෙනි වතාවට එහෙම එළියට බැස්සේ. ඒ වෙලාවේ අපි විතරක් නෙවෙයි බොහෝ දෙනා ඔය කතාව කිව්වා. ඒකෙන් අපි අදහස් කළේ ගෝරනාඩු කරන ආරක්ෂක ලේකම් කෙනෙක් නෙවෙයි. කොන්ද කෙළින් තියාගෙන තීන්දු තීරණ ගන්න, කාටවත් බය නැති කලින් හිටිය ආරක්ෂක ලේකම්වරයා විදිහට කටයුතු කරන්න කියන එකයි. එහෙම ගුණාංග ටිකක් අපි දැක්කා එතුමා ආරක්ෂක ලේකම් විදිහට කටයුතු කරන වෙලාවේ. අපි කිව්වේ ජනාධිපති වශයෙනුත් ඒ විදිහට වැඩ කරන්න කියලයි. අපිට පේන්නේ ජනාධිපතිවරයා ඒක තේරුම් අරගෙන තියෙන්නේ වැරදි විදිහට කියලයි. මළ සිරුරු භූමදානය ප‍්‍රශ්නයෙදි ගත්තත් අපි දැක්කේ නෑ ජනාධිපතිවරයා කිසිම තැනක ඒ ගැන තමන්ගේ අදහස ප‍්‍රකාශ කරනවා. ඒක වෙන කණ්ඩායමකට බාර දීලා ඒ අය සමාජයේ උද්ඝෝෂණ කරනවා. ඕකට ක්ෂණික උත්තරයක් කලින්ම ගන්න තිබුණා. එහෙම ගන්නේ නෑ. වෙනත් කාරණාවලට ජනතාව අමතන ජනාධිපතිවරයා ව්‍යවස්ථාව සංශෝධනය වෙලාවේ ඒ ගැන කරුණු පැහැදිලි කරමින් ජනතාව අමතලා කතා කළේ නෑ. මේ වගේ කාරණාවලදි මගහරින්නේ නැතිව, කොන්ද කෙළින් තියාගෙන වැඩ කරන්න කියලයි අපි කියන්නේ. ආරක්ෂක ලේකම් කාලෙදි කොන්ද කෙළින් තියාගෙන වැඩ කළාට දැන් ඒ තත්ත්වය නෑ.
     

    AEG

    Active member
  • Jul 5, 2012
    276
    200
    43
    ජනාධිපතිවරයා ආරක්ෂක ලේකම්වරයා විදිහට කටයුතු කරන කාලේ බොහොම බරපතළ සිදුවීම් රටේ සිදුවුණා. සන්ඬේ ලීඩර් කර්තෘ ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය, මාධ්‍යවේදීන්ට සහ මාධ්‍ය ආයතනවලට එල්ල කෙරුණු ප‍්‍රහාර, මහජන මුදලින් තම දෙමව්පියන්ගේ සොහොන් කොත් ඉදි කිරීම, මිග් යානා ගනුදෙනු ඇතුළු ආරක්ෂක ලේකම්වරයාට චෝදනා එල්ල වුණු ඒ කිසිම සිදුවීමකට අදාළ නඩු කටයුත්තක් මගින් ඔහු නිදොස් කොට නිදහස් කිරීමක් සිදුවෙලා නෑ. ඒවා ගැන ඔබවහන්සේගේ තක්සේරුව මොකක්ද?

    එතුමා ජනාධිපති වුණාට පස්සේ ජනාධිපති මුක්තිය යටතේ ඒ සියලූ නඩු අහවර වුණා නිසා අපි ඒ ගැන කතා කළ යුතු නෑ කියලයි මම හිතන්නේ. අපි ඉල්ලන්නේ තියන හොඳ ටික. වගකිව යුතු කාරණාවලදි කොන්ද කෙළින් තියාගෙන ආරක්ෂක ලේකම්වරයා වගේ තීන්දු තීරණ ගන්න කියලයි අපි ඉල්ලන්නේ. එහෙම නැතිව මිනී මරන්නවත්, තර්ජනය කරන්නවත් එහෙම දේවල් අපි ඉල්ලන්නේ නෑ. ඒ ටිකවත් නැත්නම් එය රටෙත් අවාසනාවක් එතුමාගෙත් අවාසනාවක්.

    ආරක්ෂක ලේකම් කාලයේ ජනාධිපතිවරයාගේ සමීප මිතුරෙක් වන භාරත ලක්ෂ්මන් ඝාතන නඩුවේ වැරදිකරුවෙකු බවට පත්ව මරණ දඬුවම ලබා සිටින රොමල්ලෝ දුමින්ද සිල්වාට ජනාධිපති සමාවක් දීම සඳහා සූක්ෂ්ම වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක වෙමින් තිබෙන බව පේනවා. ඔබවහන්සේලාත් ඒ වෙනුවෙන් පෙනී සිටිනවා නේද ?

    පුද්ගලිකව කවුරුවත් නිදහස් කරගැනීම වෙනුවෙන් අපි පෙනී ඉන්නේ නෑ. හැබැයි අපි පහුගිය කාලේ දැක්කා ශානි අබේසේකර සී.අයි.ඞී. එකේ අධ්‍යක්ෂවරයා වෙලා ඉද්දි ඔහුගේ හැසිරීම නිසා විශාල පිරිසක් වින්දිතයන් වෙලා තිබුණා. ඒක ඇතුලේ රණවිරුවන් ඉන්නවා. කර්නල් ෂම්මි ඇතුළු, ඒ බුද්ධි අංශ රණවිරුවන්ගේ නඩු තවමත් එහෙමම තියනවා. නිශාන්ත කන්දප්පා බොරු සාක්ෂි නිර්මාණය කරන්න කටයුතු කරලා රටින් පැනලා ගියා. වෙලගෙදර කියලා කෙනෙක් ඕස්ටේ‍්‍රලියාටව පැනලා ගිහිල්ලා. ශානි අබේසේකරත් එක්ක සී.අයි.ඞී. එකේ හිටිය විශාල පිරිසක් වාස් ගුණවර්ධනගේ වගේ ඒවායෙදි බොරු සාක්ෂි නිර්මාණය කළා කියලා දැන් හෙළිවෙලා තියනවා. අනිත් පැත්තෙන් රන්ජන්-ශානි අතර වෙච්ච කතාබහ ගැන හඬ පට අහන්න ලැබෙනවා. කොහොමද නඩු තීන්දු වෙනස් කරන්න හදන්නේ කියලා ඒවායේ තියනවා. ඒ නිසා මේ අය නිසා අගතියක් වෙච්ච හැමෝටම සාධාරණයක් වෙන්න ඕනේ කියන පොදු කාරණාව අපි කියන්නේ. නැතිව පුද්ගලික චරිත පාදක කරගෙන අරයා – මෙයා නිදහස් කරන්න කියලා නෙවෙයි. ඒක අසාධාරණ ඉල්ලීමක් කියලා මම හිතන්නේ නෑ.

    ජනාධිපති සමාව දෙමින්, බන්ධනාගාරගතව සිටින අපරාධකරුවන් නිදහස් කිරීම් ජනාධිපතිවරයා දැනටමත් අරඹා තියනවා. නීතිපති හරහා චෝදනා ඉල්ලා අස්කර ගැනීම් මගින් අපරාධ චෝදනා ලබා සිටින තවත් පිරිසක් නිදහස් කරමින් සිටින බවත් පේනවා. අපි දන්නා විදිහට සිරදඬුවම් විදින හැමෝම වගේ කියන්නේ තමන් වරදක් කළේ නෑ කියලා. නමුත් ඒ සියලූදෙනාම පාහේ සිරදඬුවම් හෝ මරණ දඬුවම් විඳින්නේ දීර්ඝ කාලයක් තිස්සේ ඉදිරියට ගිය නීතිය පසිඳළීමේ ක‍්‍රියාමාර්ගයක් තුළයි. එවැනි පසුබිමක ඔය විදිහට අපරාධකරුවන් දණ්ඩ මුක්තියක් සමග නැවත සමාජගත කරන කොට නීතියේ ආධිපත්‍යයට, සමාජ සුරක්ෂිතභාවයට මොකද වෙන්නේ? එකම රටක් එකම නීතියක් රටේ පවතින්නේ කොහොමද?

    ඇත්තටම මේක නීතියේ ආධිපත්‍ය පිළිබඳ කාරණාවක් තමයි. නීතියේ ආධිපත්‍ය ජනතාවත් රකින්න ඕනේ. දේශපාලකයොත් රකින්න ඕනේ. ආණ්ඩුවත් රකින්න ඕනේ. නීතිය ක‍්‍රියාත්මක කරන ආයතනත් රකින්න ඕනේ. වෙලා තියෙන්නේ හැම ආණ්ඩු කාලෙකම රටේ නීතියට උඩින් දේශපාලකයන් ඉඳලා තියනවා. ඒ මිනිස්සු නීතියට බය නෑ. මිනිස්සු හිතනවා ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී කෙනෙක් හරි අඳුනනවා නම් මට මොකක් හරි ෂේප් එකක් දාගන්න පුළුවන් කියලා. නීතියේ ආධිපත්‍ය කියන කාරණයේදි අපේ රට ඉන්නේ ඉතාම පහත් අඩියක. බුද්ධ ශාසනයේ පැවැත්ම තියෙන්නෙත් විනය නීතිය මත. නීතියක් නැත්නම් ගෙදරකට, පන්සලකට, සමාජයකට, රටකට කවදාවත් පැවැත්මක් ඇත්තේ නෑ. නිදහසෙන් පස්සේ ගෙවුණු හැත්තෑ දෙවසර තුළම නීතියේ ආධිපත්‍යයක් තිබිලා නෑ. ඒක පිහිටුවන්නේ නැති තාක් කල් අපි මේ කතා කරන අර්බුද සමාජයේ තියනවා. ඒ නිසා මේක පැටලිච්ච නූල් බෝලයක් වගේ. ඒක ලිහාගන්න ඕනේ.

    මහජන අදහස් විමසීමකුත් කළ බව පෙනුණත් අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒම සඳහා ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙළ සැක උපදවනසුලූයි. පහුගිය ආණ්ඩුව කාලය පුරාම අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සඳහා පාර්ලිමේන්තුව තුළින් ඉදිරියට ගෙන ගිය වැඩපිළිවෙළ පැත්තකට දාලා මේ වැඬේ ජනාධිපතිවරයා තෝරාගත් විශේෂඥ කණ්ඩායමකට පවරා තිබෙනවා. මේ වැඩපිළිවෙළ ඔබවහන්සේ අනුමත කරනවාද?

    මහජන අදහස් විමසනවාය කියන ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලක්ෂණය සමාජයට පෙන්නලා, නංගි පෙන්නලා අක්කා දෙනවා වගේ වැඩක් තමයි ඕක ඇතුලේ දැන් සිද්ධ වෙන්නේ. මහජන අදහස් ගන්න අවසන් දිනය වශයෙන් මුලින්ම කිව්වේ නොවැබ්බර් 29. එච්චර කෙටි කාලයක් ඇතුළත කොහොමද මහජනතාව වශයෙන් අපි මේ ගැන සාකච්ඡුා සංවාද කරලා යෝජනාවලියක් හදාගන්නේ. අපි ඒ වෙලාවෙත් ලිඛිතව ඉල්ලූවා මේ කාලය දික් කරන්න කියලා. එතනම තිබුණා අවුලක්. අනෙක පුද්ගලිකව මම නම් හිතන්නේ නෑ රටට අලූත්ම ව්‍යවස්ථාවක් අවශ්‍යයි කියලා. දැන් තියන ව්‍යවස්ථාවේ අඩුපාඩු නිවැරදි කරගැනීම තමයි කළ යුත්තේ. මේක කී වතාවක් සංශෝධනය වුණත් කමක් නෑ. ඉන්දියාවෙ ව්‍යවස්ථාව අසූ, අනූ වතාවක් විතර සංශෝධනය වෙලා තියනවා. මොකද අලූත්ම එකක් හදනවාය කිව්වාට ඕක ලෙහෙසි පහසු දෙයක් නෙවෙයි. 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගේන්න ගිය වෙලාවේ තිබුණ අවුල අපි දැක්කානේ. අපේ කඳවුරෙන්ම මොනතරම් විරෝධතා ඇති වුණාද ඒකේ තිබුණු අඩුපාඩු ගැන. ව්‍යවස්ථා සංශෝධනයකදි ඔහොම නම් අලූත් ව්‍යවස්ථාවක් ගේනවා කියන තැනදි කොහොම වෙයිද? අනික කවුද දැන් මේ ව්‍යවස්ථාව හදන කට්ටිය? එතන ඉන්න පුද්ගලයන් දිහා බැලූවාම මම හිතන්නේ ඕක ගැන තව අපිට අවුරුදු දහයක් විතර සංවාද කරන්න සිද්ධ වෙයි. අලූත් එකක් හදනවාය කියා කරන මේ ප්‍රෝඩාවට වඩා තියන එකේ අඩුපාඩු නිවැරදි කරගැනීම තමයි කළ යුතු හොඳම දේ.
     
    • Like
    Reactions: hodakolla