මේ දවස්වල ජපානෙ කොරෝනා ඇරුනාම යන ප්‍රධාන නිව්ස් එකක් තමයි ජපං පාර්ලිමේන්තුවෙ නැතිනං 'ඩයට්' (Diet) එකේ සාමාජිකයන් හතර දෙනෙක් ඉල්ලා අස්වුන එක. මේ අයට තිබුන චෝදනා උනේ මිනී මැරීම, කුඩු විකිණීම, කැලෑ කැපීම, විපක්ෂ රැළි වලට වෙඩි තැබීම, කොමිස් ගැසීම...ඒ වගෙ දරුණු ගණයේ අපරාධ එහෙම කියලා හිතුව නං ඒක වැරදී මිත්‍රවරුනි.
මේ මහත්තුරුන්ට ඉල්ලා අස් වෙන්න සිද්ධ උනේ රෑ අටෙන් පස්සෙ බාර් එකක බොන්න ගිහිං හිටං මාට්ටු වීමේ වරදට (වාඩි වෙලා බිව්වා වෙන්නත් පුළුවන්. හරියටම දන්නෑ).
ඒ කියන්නෙ ජපං මැති ඇමතිවරුත් බොනවද හෑ?
වැඩ ඉවරවෙලා හවස 'සෙට්' වෙනේක මෙහෙ වැඩ සම්ප්‍රදායෙම (work culture) කොටසක් තමා ඉතිං (Work hard - Play hard). ඉතිං බොනවා කියනෙක මහ කජ්ජක්ය. ලංකාවෙ වගේමනෙ කියලා හිතුවනන් ඒක වැරදී. අවස්තාවේ හැටියට, නීතියෙන් තහනං නැතත්, මිනිස්සුන්ට එලියට යන්න එපා කියන ගමන් රටේ නීතිය හදන තැන සාමාජිකයො (Law makers) ආදර්ශමත් විදියට හැසිරුනේ නැති එක ලජ්ජාවට කාරණයක් කියලා හිතපු බලධාරීන්, අටෙන් පස්සෙ බොන්න ගිහිං අහු උන පාර්ලිමේන්තු සාමාජිකයො ඔක්කොටම ගෙදර යන්න කිව්වා.
අන්නේකයි වෙනස.
පොඩ්ඩක් බීලා අහු උනා කියලා ඔහොමත් කරනවද හෑ. ලංකාවෙ මැති ඇමතිවරු මිනී මරලා හිරේ ගිහිං ඉන්න ගමනුත් ඇපිල් කරලා පාර්ලිමේන්තු එන්නෙ ජනතාවට සේවෙ කරන්න නේද කියලා හිතනකොට පපුව හෝස් ගාලා යනවා. ඒකට මෙහෙ ඉන්නෙ මහ අනක් ගුණක් නැති එවුං. නැද්ද මං අහන්නෙ. උන්ට චන්දෙ දීපු ජනතාව ගැන කිසි වගක් නෑ.
තෝකියෝ ඇතුළු නගර කීපෙකම දැනට කොරෝනා හන්දා හදිසි තත්වයක් (Emergency situation) ප්‍රකාශ කරලා තියෙනවා. මේක ලොක් ඩවුන් එකක් නෙවේ. නාගරික බලධාරීන් ඉල්ලලා තියෙන්නෙ අතාවශ්‍ය කටයුතු වලට හැර එලියට යාමෙන් වලකින්න කියලා. යන නොයන එක තමන්ගේ වැඩක්. ගියා කියලා දඩ ගහන්නෙ, පොලිසියෙන් අල්ලන්නෙ නෑ. කඩ සාප්පු ගොඩක් දුරට ඇරලා. බාර් උනත් බිස්නස් පාඩු වෙන නිසා වහලම දාන්න බැරි නං හත වෙද්දී ඇල්කොහොල් දෙනේක නවත්තන්න අට වෙද්දි වහන්න කියලා නගර බලධාරීන් සහ මධ්‍යම ආණ්ඩුව කාරුණිකව ඉල්ලලා තියෙනවා.
ඒ ජරමර අස්සෙ මේ පාර්ලිමේන්තු සාමාජිකයො හතරදෙනා අටෙන් පස්සෙ ඇරලා තිබුන බාර් එකක බොන්න ගිහිං මාධ්‍ය වල ඒ ගැන වාර්තා පල උන එක තමයි මේ කලබගෑනියට මුල.
දැන් ඉතිං මේ ගැන හොයන්න කමිටුවක් පත් කරලා, අවුරුද්දක් සාක්කි අහලා, වාර්තාව උත්සවාකාරෙන් අගමැතිට දීලා, එයාගේ මීඩියා යුනිට් එකෙන් ඒක පොටෝ ගහලා බුකියේ දාලා...එහෙම උනා කියලා හිතුවනන් ඒකත් වැරදි.
මේ ගැන මුලින්ම මාධ්‍යවල වාර්තා උනේ ජනවාරි දහ අට කියනවා.
සිද්ධියට අදාළ තුන්දෙනෙක්ම ආණ්ඩු පක්ෂෙ. ඒ ගැන වහාම හොයා බලපු පක්ෂ බලධාරීන් කාරණේ බොහොම බරපතළයි කියලා තීරණය කරලා කට්ටියටම ඉල්ලා අස්වෙන්න කිව්වා.
දැන් ඉතිං මේ කට්ටිය පාර්ලිමේන්තුවේ මේසෙට තඩි බාලා, කතා පවත්වලා, චන්දදායකයෝ පාර්ලිමේන්තු වටරවුමේ උද්ගෝෂනේ කරලා වැඩේ ෂේප් කරගන්න හැදුවා කියලා හිතුවනන් ඒකත් වැරදී මිත්‍රවරුනි.
පෙබරවාරි පළවෙනිදා වෙද්දී තුන්දෙනාම පක්ෂෙන් ඉල්ලා අස්වුණා. හතරවෙනියා වෙන පොඩි පක්ෂෙක. මිනිහත් වෙච්ච වැරැද්දට වගකීම බාර අරං පාර්ලිමේන්තුවෙනුත් ඉල්ලලා අස්වෙලා ගෙදර ගියා.
ඔය හතර දෙනාම යන්න කලින් ප්‍රසිද්ධියේ කතා කරලා ජනතාවට කඳ නමලා ආචාර කරලා සමාව ගත්තා. මේ ගැන කතා කරද්දී අගමැති තුමා, සිද්ධියට අදාළ අය, මාධ්‍ය මේ ඔක්කොම පාවිච්චි කරේ ලජ්ජා සහගතයි, වගකීම් විරහිතයි, 'අතිශය නින්දා සහගතයි' (Disgraceful) වගෙ දරුණු වචන.
අගමැති තුමා පවා ප්‍රසිද්ධියේ සමාව ඉල්ලුවා කීප සැරයක්ම.
ඒ වු නිදහසේ ස්වර්ග රාජ්‍යයට මාගේ දේශය අවධි කරනු මැන පියාණනි!
ජපං පාර්ලිමේන්තුවේ ජරමරේ ගැන විස්තර ගත්තෙ NHK නිව්ස් ආයතනයෙන්. ඔරිජිනල් ලින්ක් එක පහළ තියෙනවා.
#තෝකියෝහංදිය #මේදවස්වලතෝකියෝ
https://www3.nhk.or.jp/nhkworld/en/...ztxWPhV_6n06yyEeh54N6lRm6lFDq3l-c8UHtmNShCnHY
ඉස්සුවේ මෙතනින්