ජයගමු ශ්‍රී ලංකා | ටාජ් සමුද්‍රා හෝටලයේදී උත්සවශ්‍රීයෙන් ආරම්භ වු දුම්රිය සේවාව ගැන සුබාරංචියක්

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,346
    1
    34,639
    113
    Erozan's Mom's room


    .



    ශ්‍රී ලංකා සංචාරක කේෂ්ත්‍රයට අලුත් අත්දැකීමක් ලෙසින් දෙස් විදෙස් සංචාරකයින් සදහා විශේෂ අධි සුඛෝපභෝගී දුම්රිය සේවාවක් ආරම්භ කිරීම වෙනුවෙන් එළි දැක්වීමේ උත්සවයක් 2023 වසරේ ජනවාරි 27වන දින අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී උත්සවශ්‍රීයෙන් ආරම්භ වුවද එම ව්‍යාපෘතිය තවමත් ක්‍රියාමක වී නොමැති බැව් අනාවරණය වෙයි.

    මෙම අධි සුඛෝපභෝගී දුම්රිය සේවය සිලෝන් මිරැකල් ජර්නි නම් පුද්ගලික ආයතනයක් හරහා ක්‍රියාත්මක වීමටයි කටයුතු යොදා තිබුණේ. දේශීය විදේශීය සංචාරකයින් පමණක්ම ඉලක්ක කර ගනිමින් මෙම ව්‍යාපෘතිය සදහා අදාල ආයතනය මුදල් ආයෝජනය කිරීමට සැලසුම්කර තිබුණි.

    සෑම සතියකම අඟහරුවාදා සහ සෙනසුරාදා කොළඹ සිට ඇල්ලටත්, බදාදා සහ ඉරිදා දිනයේදී ඇල්ල සිට කොළඹටත් ආකාරයෙන් ගමන් වාර දෙකක් සැලසුම්කර ඇති අතර මෙහි ගමන් කරන සංචාරකයින්ගෙන් එක් අයෙකුගෙන් ඩොලර් 99.99ක් අය කිරීමට නියමිත බවයි සිලෝන් මිරැකල් ජර්නි ආයතනයේ වෙබ් අඩවි වල දැක්වෙන්නේ.


    lwJDifn.png



    මෙම දුම්රියේ ආසන 308ක් යෙදීමටත් ඒ අනුව එක් ගමන් වාරයකදී ඉපැයීම් වලින් ලක්ෂ 25ක මුදලක් දුම්රිය දෙපාර්තමේන්තුවට ලබාදීමටත් සතියක් තුල යන ගමන්වාර 4කදී රුපියල් ලක්ෂ 100ක මුදලක් ලබාදීමට ‍යෝජනාවී තිබේ. ඒ අනුව දුම්රිය දෙපාර්තමේන්තුවට මාසිකව රුපියල් ලක්ෂ 400ක මුදලක් ලැබිය යුතුව තිබුණි.

    නමුත් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අදාලව දුම්රිය දෙපාර්තමේන්තුව මේ වන තෙක් කිසිදු සහයෝගයක් ලබාදී නොමැති නිසා ව්‍යාපෘතිය ආරම්භ කිරීමට නොහැකි තත්වයක් උද්ගතවී ඇති බවයි වාර්ථා වන්නේ.

    මෙම සංචාරක දුම්රිය 2023 පෙබරවාරි 14වනදින ආර්ම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කරමින් ජනවාරි මස 27වන දින කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී නිළ වශයෙන් එලි දැක්වීමේ උත්සවය සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ඇමතිතුමාගේ මූලිකත්වයෙන් එම සමාගම විසින් රුපියල් ලක්ෂ ගණනක් වියදම් කරමින් ඉතාමත් ආකර්ශණීය උත්සවයක් සංවිධානය කර තිබුණු අතර, මෙම අවස්ථාව ලංකාවේ රූපවාහිනී ජාතික නාලිකා දෙකක් තුලින් සිය ප්‍රවෘත්ති විකාශණයේද පල කර තිබේ. එහි පවසන ආකාරයට සංචාරකයින් සදහා මෙම දුම්රිය නැවුම් අත්දැකීමක් එකතු කරන්නකි.

    මෙවන් ආකර්ශණීය එමෙන්ම දුම්රිය දෙපාර්තමේන්තුවට ලාභදායි ව්‍යාපෘතිය නොකෙරෙන්නේ මන්දැයි අප දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය වාණිජ අධිකාරී ගුණසේකර මහතාගෙන් විමසීමක් කලෙමු.

    “විශේෂ දුම්රිය සේවයක් ඕනෙම කෙනෙකුට ඉල්ලුම් කිරීමෙන් ලබාගන්න පුලුවන්. මෙයත් එහෙම ඉල්ලීමක් ආපු එකක් මිස දීර්ග කාලීන යන වැඩසටහනක් විදිහට අපට ආවේ නැහැ. එහෙම එනවා නම් අවබෝධතා ගිවිසුමක් සමගයි කරන්න පුලුවන් වෙන්නේ. එහෙම නැතුව සමාගමකට කැමති මුදලකට ටිකට් පතක් අලෙවි කරලා ඉන් ලැබෙන ආදායමෙන් කොටසක් දුම්රිය දෙපාර්තමේන්තුවට දෙන වැඩ පිළිවෙලක් කොහෙත්ම අපි සාකච්ඡා කරලා නැහැ. අපි ඒ සදහා අවසර දීලත් නැහැ. වැඩි මිලකට ටිකට් පතක් දීලා පසුව දුම්රිය නිසි පරිදි දෙන්න බැරි වුනොත් මිනිස්සු දෝෂාරෝපණය කරන්නේ දුම්රිය දෙපාර්තමේන්තුවටයි. මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවා සිදු කෙරුණා. ඒ වගේම මේ වන විට මෙම ව්‍යාපෘතිය හදුන්වාදී අවුරුදු එකහමාරකට ආසන්නයි. නමුත් මේ වන තෙක් නැවත අපෙන් කිසිදු ඉල්ලීමක් සිදුකර නැහැ”

    මෙම එළි දැක්වීමේ අවස්ථාව පැවැත්වුණු කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ උත්සවයට ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සහභාගිව නොමැති බවයි වාර්ථා වන්නේ.

    මෙම ව්‍යාපෘතිය හදුන්වාදුන් සමාගම මගින් තම වෙබ් අඩවි භාවිතා කරමින් ප්‍රචාරණ කටයුතු සිදුවුවද වසර එකහමාරක් වැනි කාලයක් තිස්සේ ව්‍යාපෘතිය ආරම්භ කිරීමට දෙපාර්ශවය කටයුතු නොකරන්නේ යම් කිසි සන්තෝසම් මුදලක් කිසියම් පාර්ශවයකට නොලැබුණු නිසා බවට කතිකාවතක්ද පවතින බවට වාර්ථා වනවා.

    සංචාරක ක්ෂේත්‍රය දියුණු කරමින් රටේ ආර්ථිකයට ශක්තියක් එක් කරන්නට ඉවහල්වන මෙවන් ව්‍යාපෘතීන් පිළිබදව සොයා බලා කටයුතු නොකිරීම විමතියට කරුණක්. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද සංචාරක කර්මාන්තය දියුණු කිරීමට පියවර ගන්නා ලෙසට අදාල නිළධාරීන්ට උපදෙස් පවා ලබාදෙන වටපිටාවකදීයි මෙම ව්‍යාපෘතිය මගහැර ඇත්තේ.



    jA6JcD4.png




    3ysKLad.png

     
    • Sad
    Reactions: pasansnoop

    honesty

    Well-known member
  • May 2, 2015
    2,070
    3,913
    113
    මේ Project එක ගැන මම දන්නෑ, හැබැයි ලංකාවෙ මූසලම පක්කු ඉන්න තැනක් තමයි රේල්වේ එක..
     
    • Like
    Reactions: Lionzzz

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,346
    1
    34,639
    113
    Erozan's Mom's room
    මේ Project එක ගැන මම දන්නෑ, හැබැයි ලංකාවෙ මූසලම පක්කු ඉන්න තැනක් තමයි රේල්වේ එක..

    ගිවිසුමක් නැතුව වැඩේ කරලා අරුන් සල්ලි නොදී මාරු උනොත් මිනිස්සු ඒ බයින්නේත් railway එකට තමයි. වැඩේට ලක්ස ගණන් වියදන් කරලා ආතල් දාපු උන් මිසින්