View attachment 238069
13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැනටමත් ජාතික ප්‍රශ්නයට විසඳුමක් ලෙස ඉදිරිපත් කර ඇති බැවින් එය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයේ මතය බව ජාජබ පාර්ලිමේන්තු මන්ත්‍රිණී හරිනි අමරසූරිය මහත්මිය පවසයි.
කෙසේ වෙතත් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම ජාතික ප්‍රශ්නය විසඳීමට ඉවහල් වේද යන්න පිළිබඳව තම පක්ෂය තුළ විවාදයක් පවතින බවද මන්ත්‍රීණි ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ඊයේ ‘දි අයිලන්ඩ්’පුවත් පතට අදහස් දක්වමින් පැවසීය.
කෙසේ වුවද 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පොරොන්දු මෙන්ම මූලිකත්වය ගැනීම පිළිබඳව තම පක්ෂයට විශ්වාසයක් නොමැති බවද ඇය අවධාරණය කළාය. “13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම ගැන රනිල් වික්‍රමසිංහ මහතා මේ අවස්ථාවේ කතා කරන්නේ ඇයි? එතුමාට ඕනෑ තරම් ඒ සඳහා කාලය සහ අවස්ථා තිබුණා. ඒ නිසා එතුමාගේ පොරොන්දු හිස් වචන පමණයි. ඒ අනුව 13 වන ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම ඉදිරියට ගෙන නොයන බව අපි විශ්වාස කරනවා” මන්ත්‍රිණී ආචාර්ය අමරසූරිය වැඩිදුරටත් පැවසීය.
13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම පිළිබඳ ජාතික ජන බලවේගයේ ස්ථාවරය පැහැදිලි කරන ලෙස “දි අයිලන්ඩ්” පුවත් පත කළ ඉල්ලීමට පිළිතුරු දෙමින් මන්ත්‍රීණී ආචාර්ය අමරසූරිය මහත්මිය පැවසුවේ: “13 වන ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කර තිබෙන්නේ ජාතික ගැටලුවට විසඳුමක් ලෙසයි. එය දැනටමත් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ අඩංගුව තිබෙන නිසා එය ක්‍රියාවට නැංවිය යුතු බව අප විශ්වාස කරන නමුත් එය ජාතික ගැටලුවට සාධාරණ විසඳුමක් විය හැකිද යන්න පිළිබඳව අප අතර විවාදයක් තිබෙනවා. අපගේ ස්ථාවරය වන්නේ දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳීමේ සැබෑ චේතනාවෙන් යුත් රජයක් ජාතික ගැටලුවට විසඳුම් ගෙන ආ යුතුයි කියායි. අපට වෙනත් පක්ෂ කෙරෙහි විශ්වාසයක් නොමැතිවා මෙන්ම එය කළ හැක්කේ ජාතික ජන බලවේගයට පමණයි.”
The Island - 2023/02/02