ජීවිතේම එපා වෙලා... පුළුවන් අය වචනෙකින් හරි උදව්වක් දෙන්න...

Lankaputhra16

Well-known member
  • Oct 12, 2016
    4,555
    5,212
    113
    කහටගස්දිගිලිය
    Arrested Development Crying GIF by HULU
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    2,963
    2,954
    113
    මොනවද ඕයි මේ..දන්නේ..මිනිහෙක් වැටිලා ඉන්න වෙලාවේ මගුල් දන්නේ..ඔය ආගම විකුණගෙන කන ලබ්බවල් දැක්කම මල පනිනවා.
    Mama koheda huththo agama wikunagena kana ekak damme? agam walata wiruddwane pons mama katha kare. mama emios dapu ekata reply ekak damme.
    anika dakke nadda admin dala thiyenwa mu fake ekak meka athal ekata dapu ekak kiyala.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    7,182
    6,841
    113
    සල්ලි ටිකක් ඉතුරු කරගෙන ආයේ හිතලා බලපන්.....පොටක් පෑදේවි...... 27 වෙද්දී අරක්කු බෝතල් බීලා. හොඳ සොමි යෙන් හිටියේ මම නම්.
     
    • Like
    Reactions: NextGen

    winter_tt

    Member
    Aug 10, 2021
    13
    16
    3

    මේක බලන්න. ජීවිතේට දෙයක් ගන්න පුළුවන් වෙයි අනිවාර්යයෙන්ම
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    4,987
    1,062
    113
    මන් හිතනවා හැමෝම විනාඩි කීපයක් අරන් මේ කතාව කියවයි කියලා. මන් වෙනුවෙන් නෙවෙයි. මේකෙන් දෙයක් ගන්න තියෙනවා නම් ඔයාගේ ජීවිතේටත් ගන්න. ජිවිතේ වරද්දගන්න නැතුව ජිවත් වෙන්න පොඩ්ඩක් හරි වැදගත් වෙයි.

    ජිවිතේ අවුල් වීගෙන යන්න පටන් ගත්තා තැනේ ඉඳන්ම මම කියන්නම්.

    මම ශිෂ්‍යත්වෙන් පාස් වෙලා රටේ නම ගිය ඉස්කෝලෙකට ගියා. ඇත්තටම කිව්වොත් ඒ දවස් වල පට්ට bright case එකක්. ඉගෙන ගන්නත් මාරම ආසයි. ගෙදර ආපු වෙලේ ඉඳන් පොත අතේ. පොත් කියවන්න එහෙමත් මාරම ආසයි. 6 වසරේ මැදක් වෙනකන් පට්ටටම වැඩ ටික කරන් අවා. මගේ අම්මයි තාත්තයි නම් එහෙමට ඉගෙන ගත්තා අය දෙන්නෙක් නෙවෙයි. එත් මොනවා නැත්තන් කන්නබොන්න දීලා පුළුවන් උපරිමෙන් සැප සම්පත් දීලා මට උගන්නන්න සැහෙන්න try එකක් දුන්න. හැබැයි ඒගොල්ලන්ට අදහසක් තිබ්බේ නැහැ ළමයෙක්ට උගන්නන්නේ කොහොමද කියන එක ගැන.

    හයවසරේ වාර 2ක් ඉවර උනා. ඉස්කෝලේ එක එක අම්මලාගේ කතා අහලා හොදයි කියන tuition class එකින් එකට මාවත් දාන්න ගත්තා. හැබැයි එකෙන් මගේ ජීවිතේම කණපිට ගැහුවා වගේ දෙයක් උනේ. මන් තාම 6 වසරේ. ඒ කියන්නේ මට අවුරුදු 12. සතියේ දවස් 7න් 5ක් වගේ tuition class. ඉතිරි දවස් 2 නුත් ඉරිදා උදේ වරුවේ දහම් පාසල්. සමහර දවස්වලට class යන්න කලින් බිම පෙරලි පෙරලි අඬනවා. මොකද ඒ තරමටම ඒක මට වදයක් උනා. උදේ 6.30 ට ගෙදරින් එනවා ඉස්කෝලේ යන්න. ආපහු ගෙදර යන්නේ හවස 6, 7 වෙලා. උඹලම හිතපන් මම කොච්චර වදයක් විඳින්න ඇත්තද කියලා. අම්මට තාත්තට මට පුළුවන් විදිහට මේවා කියන්න try කලා. එත් අවුරුදු 12ක මන් කියන දේ පිළිගන්න ඒගොල්ලෝ පොඩි හරි උත්සහයක්වත් ගත්තේ නැහැ. පන්තියේ මුල් පස් හය දෙන අතර හිටපු මම අවුරුද්දක් යනකොට පන්තියේ අනිත්ම හතර පස්දෙනාගේ ගානටම වැටුනා. උදේ යනවා හවස එනවා ගෙදර ඇවිල්ලත් මට රෑ 10 වෙනකන් නිදා ගන්න දුන්නේ නැහැ. ඇවිල්ලා පාඩම් කරන්න ඕන එදා ඉස්කෝලෙයි class එකයි කරපු දේවල්. බැරිවෙලා හරි නින්ද ගියොත් ගුටි. මොන පාඩම්ද උදේ ඉඳන් මැරිච්ච මට. පොත දිහා බොරුවට බලන් හිටපු එක තමා කලේ. නින්ද ගිය ඒවාට සැහෙන්න ගුටි කලා ඇති. අවුරුදු 12ක මම මේවා පුදුම විදිහට ඉවසන් හිටියේ. මොනා උනත් දවසින් දවස පිරිහෙච්ච එක විතරයි උනේ. ලකුණු අඩු වෙනකොට අම්මල ඒ class එකට බනිනවා එකෙන් අයින් කරලා තව එකකට දානවා. ඕක තමා හැමදාම කලේ.

    අනිත් එක මට ලොකු cricket පිස්සුවක් තිබ්බා ඒ කාලේ. ඒක නිසාම ඉස්කෝලේ cricket බාර සිර්ට ගිහිල්ලා කතා කරලා ඔක්කොම කරලා තිබ්බේ join වෙන්න. first day එකේ අම්ම හරි තාත්තා හරි එක්ක එන්න කිව්වා. හැබැයි අපේ අම්ම තාත්තා එකට කැමති උනේ නැහැ. ඒවගේම තමා ඒ කාලේ මම කිසිම ක්‍රීඩාවක් කරනවට අමතර ක්‍රියාකාරකමක් කරනවට ඒ දෙන්නගේ කිසිම කැමැත්තක් තිබ්බේ නැහැ. පස්සේ පස්සේ එක හරි ගියා. එත් එතකොට සැහෙන්න පරක්කුයි.

    ඔහොම ඔහොම මන් 8 වසරට අවා. කිසිම වෙනසක් නැහැ. හැමදාම පන්තියේ අන්තිම තුන් හතර දෙනා අතර. අම්මලත් පුළුවන් තරම් තියෙන හැම විෂයකටම වගේ මාව class වලට යැවුවා. මන් 6 වසරේ ඉඳන්ම ඉස්කෝලේ ගියෙත් තනියම public transport එකේ. ඔය අතරේ තමයි මගේ ජිවිතේ පස්සට ඇදපු ඊලග ලොකුම සිද්දිය උනේ. මම bus එකේ යනකොට වයසක uncle කෙනෙක් මගේ පස්සෙන් එන්න ගත්තා. ඒ දවස් වල ඇත්තටම මට තේරුනේ නැ මොකක්ද කරන්න ඕන කියලා. ඒ වැඩේ දවසින් දවස දුරදිග ගියා. bus වල සෙනඟ නිසා කාටවත් මේ මනුස්සයා මට කරනදේ දැක්කේ නැහැ. මාත් ලජ්ජාවට මේක ගෙදරටවත් කිව්වේ නැහැ. පස්සේ ලැජ්ජාවට වඩා ඒක ලොකු ඇබ්බැහියක් උනා. සතියට දවස් 2ක් 3ක් මේ මනුස්සයා bus එකේදී හැමදාම ඔය වැඩේ මට කලා. මටත් එක අමුතු දෙයක් උනා. මාත් ඒක ඒ මනුස්සයට කරන්න දුන්නා. පස්සේ ඒ මනුස්සයා විතරක් නෙවේ bus එකේ යන එනකොට කීප දෙනෙක්ගෙන්ම මට ඔය වැඩේ සිද්ද උනා. මගෙත් ඇඟ පත පොඩ්ඩක් ලස්සනයි. මම දන්නේ නැහැ. මිනිස්සු තමා කියන්නේ. එක වෙන්න ඇති මට ඔහොම වෙන්න ඇත්තේ. ඔහොම ඔහොම ගිහිල්ලා ඔය වැඩේ ටික ටික නතර උනා. එත් එකෙන් වෙච්ච ඇබ්බැහිය නම් නතර උනේ නැහැ. දැන් තමයි මට තේරෙන්නේ ඒ වෙච්ච දේ මන් ඒ වෙලාවේ ගෙදරට නොකිය කර ගත්ත මෝඩකම. ඇබ්බැහිය කිව්වේ අද වෙනකොට porn වලට addict වෙලා මම.

    ඔහොම ගිහිල්ලා O/L යන්තම් pass උනා. ඒක ගොඩ දාගෙන පන්තියේ හිටපු උන් ගොඩක් වෙන ඉස්කෝල වලට ගිය. මට වෙන එකකට යන්න තරම් pass marks තිබ්බේ නැහැ. A/L වලටත් ඒ වගේම තමා. හැමදාම ලකුණු 10 යි 15 යි. කලේ maths stream එකෙන්. එකත් ගෙදර බලකිරිල්ලට. මට කැමති දේ කවදාවත් කරන්න දුන්නේ නැහැ. A/L කලේ එක සැරයයි. F 2යි S 1යි. දෙවෙනේ සැරේ කරන්න හදද්දී මට private institute එකකින් scholarship එකක් ලැබුණා. A/L නැති නිසා foundation එකේ ඉඳන්ම කලා. 1 year diploma complete කලා. කරලා උන්ගේම company එකේ වැඩට ගියා. ජොබ් එකට තිබ්බ ආසාවට කන්න ඕන හැම කට්ටම කෑවා. අවුරුදු 3.5 ක් එතන වැඩ කලා. පස්සේ එතනින් අයින් වෙලා ලංකාවේ ධනවත්ම කියපු dial එකෙක්ගේ company එකක අවුරුදු 2ක් වැඩ කලා. ඒ ජොබ් එකනම් මම කරපු පවකට ලැබිච්ච එකක් වෙන්න ඕන. කන්න බොන්න වෙලාවක් නැ. නිවාඩුවක් නැ. දවසේ පැය 24න් 18ක් විතර වැඩ. පස්සේ එපා වෙලා කොරෝනා දවස් වල එකෙනුත් අයින් උනා.

    අයින් වෙලා පොඩි business එකක් කරන්න පටන් ගත්තා. පටන් ගත්ත දවස් වල වැඩේ නැගලම ගියා. දැන් එකෙත් business නම් සෑහෙන්න අඩුයි. දැන් මට අවුරුදු 27. එක එක දේවල් try කරන්නම ගිහිල්ලා අතේ තිබ්බ සොච්චමත් නැති කර ගත්තා. දැන් 0 ටම වැටිලා ඉන්නේ. ඒ මදිවට loan එකකුත් ගෙවනවා.

    ගෙදරින් කෑ ගහනවා කෙල්ලෙක් හොයා ගනින් කියලා. එක පැත්තකින් අම්මලට මොකුත් කියන්න බැ. ඒගොල්ලෝ ටිකක් වයසයි. ඒගොල්ලෝ ආස ඇති මැරෙන්න කලින් අපේ මොකක්ම හරි දියුණුවක් දකින්න. ලස්සනට පවුලක් වෙලා ජිවත් වෙනවා දකින්න ආස ඇති. එත් බන් හරිහමන් රස්සාවක් නැතුව අතේ සතේ නැතුව ඔය දේවල් කරන්නේ කොහොමද? ගොඩක් දවස් වලට නිදාගන්න ඇඳට ගිහිල්ලා කරන්නේ අඩ අඩ ඕක ගැන හිත එක. ඇයි මට මෙහෙම උනේ. සිරාවට කියන්නේ. මන් කිසි එකෙක්ට වචනෙකින්වත් කරදරයක් කරන එකෙක් නෙවේ. මගේ පාඩුවේ පැත්තකට වෙලා වැඩක් කරන් ඉන්න dial එකක්. පුළුවන් හැම වෙලාවෙම පුළුවන් හැම එකාටම උදවු කරනවා.

    එහෙම කරලත් ජිවිතේ සතුටක් විඳපු දවසක් නැති තරම්. ඉපදිච්ච දවසේ ඉඳන් තාමත් දුක් විඳින එකම තමා කරන්නේ. මාරම විදිහට ජීවිතේ විඳවනවා බන්. මේ ටික type කරන්නෙත් ඇස්වල කඳුළු පුරෝගෙන. එච්චරටම මන් අතරමන් වෙලා ඉන්නේ. එච්චරටම ජිවිතේ එපා වෙලා. ජිවත් වෙන්න ඕන නිසා ජිවත් වෙනවා. මෙතනින් එහාට මට කිසිම දෙයක් පෙන්නේ නැහැ. කරන්න දෙයක් හිතෙන්නේ නැ.

    ඔයා මේක කිවලා ගන්න දෙයක් තියෙනවා නම් ගන්න. මොකක් හරි අදහසක් තියෙනවා නම් පහලින් කොටාගෙන යන්න.

    ඕක තමා මගේ කතාව. වචනෙකින් හරි උදවු කරන ඔයාට බොහෝම පිං.


    උඹේ ඔය යටම කියපු කසාදේ ප්‍රශ්නෙනම් මටත් තියෙනවා. මට ඒ ප්‍රශ්නේ අමුතු විදිහකට තියෙන්නේ. හරියට ගිරේකට අහු වෙච්ච පුවක් ගෙඩියක් වගේ . එක පැත්තනික් කසාදයක් බඳින්න ඕනේ අම්මාගේ හිත නිදහස් කරන්න. එයා වයසට යද්දි තව තවත් මාව අසරණ වෙනවා වගේ දැනෙනවා. අනිත් පැත්තෙන් ගෑනු ළමයෙක් සම්බන්ධයෙන් කසාදෙට බාධාවක් වෙන ලොකු මානසිකව වධ දෙන ප්‍රශ්නයක් තියෙනවා කාටවත් නොකියපු. කිව්වත් දාර්ශනික පිළිතුරක් මිසක් විසඳුමක් හම්බෙන්නේ නැති. උඹට විතරක් නෙමේ බන්. අපි වගේ අසරණ වෙච්ච ගොඩක් අය ඇති. හැමදාම අපි මිරිඟුවක් පස්සේ යන්නේ.
     
    • Like
    Reactions: ElaBaba

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    1,653
    512
    113
    මන් හිතනවා හැමෝම විනාඩි කීපයක් අරන් මේ කතාව කියවයි කියලා. මන් වෙනුවෙන් නෙවෙයි. මේකෙන් දෙයක් ගන්න තියෙනවා නම් ඔයාගේ ජීවිතේටත් ගන්න. ජිවිතේ වරද්දගන්න නැතුව ජිවත් වෙන්න පොඩ්ඩක් හරි වැදගත් වෙයි.

    ජිවිතේ අවුල් වීගෙන යන්න පටන් ගත්තා තැනේ ඉඳන්ම මම කියන්නම්.

    මම ශිෂ්‍යත්වෙන් පාස් වෙලා රටේ නම ගිය ඉස්කෝලෙකට ගියා. ඇත්තටම කිව්වොත් ඒ දවස් වල පට්ට bright case එකක්. ඉගෙන ගන්නත් මාරම ආසයි. ගෙදර ආපු වෙලේ ඉඳන් පොත අතේ. පොත් කියවන්න එහෙමත් මාරම ආසයි. 6 වසරේ මැදක් වෙනකන් පට්ටටම වැඩ ටික කරන් අවා. මගේ අම්මයි තාත්තයි නම් එහෙමට ඉගෙන ගත්තා අය දෙන්නෙක් නෙවෙයි. එත් මොනවා නැත්තන් කන්නබොන්න දීලා පුළුවන් උපරිමෙන් සැප සම්පත් දීලා මට උගන්නන්න සැහෙන්න try එකක් දුන්න. හැබැයි ඒගොල්ලන්ට අදහසක් තිබ්බේ නැහැ ළමයෙක්ට උගන්නන්නේ කොහොමද කියන එක ගැන.

    හයවසරේ වාර 2ක් ඉවර උනා. ඉස්කෝලේ එක එක අම්මලාගේ කතා අහලා හොදයි කියන tuition class එකින් එකට මාවත් දාන්න ගත්තා. හැබැයි එකෙන් මගේ ජීවිතේම කණපිට ගැහුවා වගේ දෙයක් උනේ. මන් තාම 6 වසරේ. ඒ කියන්නේ මට අවුරුදු 12. සතියේ දවස් 7න් 5ක් වගේ tuition class. ඉතිරි දවස් 2 නුත් ඉරිදා උදේ වරුවේ දහම් පාසල්. සමහර දවස්වලට class යන්න කලින් බිම පෙරලි පෙරලි අඬනවා. මොකද ඒ තරමටම ඒක මට වදයක් උනා. උදේ 6.30 ට ගෙදරින් එනවා ඉස්කෝලේ යන්න. ආපහු ගෙදර යන්නේ හවස 6, 7 වෙලා. උඹලම හිතපන් මම කොච්චර වදයක් විඳින්න ඇත්තද කියලා. අම්මට තාත්තට මට පුළුවන් විදිහට මේවා කියන්න try කලා. එත් අවුරුදු 12ක මන් කියන දේ පිළිගන්න ඒගොල්ලෝ පොඩි හරි උත්සහයක්වත් ගත්තේ නැහැ. පන්තියේ මුල් පස් හය දෙන අතර හිටපු මම අවුරුද්දක් යනකොට පන්තියේ අනිත්ම හතර පස්දෙනාගේ ගානටම වැටුනා. උදේ යනවා හවස එනවා ගෙදර ඇවිල්ලත් මට රෑ 10 වෙනකන් නිදා ගන්න දුන්නේ නැහැ. ඇවිල්ලා පාඩම් කරන්න ඕන එදා ඉස්කෝලෙයි class එකයි කරපු දේවල්. බැරිවෙලා හරි නින්ද ගියොත් ගුටි. මොන පාඩම්ද උදේ ඉඳන් මැරිච්ච මට. පොත දිහා බොරුවට බලන් හිටපු එක තමා කලේ. නින්ද ගිය ඒවාට සැහෙන්න ගුටි කලා ඇති. අවුරුදු 12ක මම මේවා පුදුම විදිහට ඉවසන් හිටියේ. මොනා උනත් දවසින් දවස පිරිහෙච්ච එක විතරයි උනේ. ලකුණු අඩු වෙනකොට අම්මල ඒ class එකට බනිනවා එකෙන් අයින් කරලා තව එකකට දානවා. ඕක තමා හැමදාම කලේ.

    අනිත් එක මට ලොකු cricket පිස්සුවක් තිබ්බා ඒ කාලේ. ඒක නිසාම ඉස්කෝලේ cricket බාර සිර්ට ගිහිල්ලා කතා කරලා ඔක්කොම කරලා තිබ්බේ join වෙන්න. first day එකේ අම්ම හරි තාත්තා හරි එක්ක එන්න කිව්වා. හැබැයි අපේ අම්ම තාත්තා එකට කැමති උනේ නැහැ. ඒවගේම තමා ඒ කාලේ මම කිසිම ක්‍රීඩාවක් කරනවට අමතර ක්‍රියාකාරකමක් කරනවට ඒ දෙන්නගේ කිසිම කැමැත්තක් තිබ්බේ නැහැ. පස්සේ පස්සේ එක හරි ගියා. එත් එතකොට සැහෙන්න පරක්කුයි.

    ඔහොම ඔහොම මන් 8 වසරට අවා. කිසිම වෙනසක් නැහැ. හැමදාම පන්තියේ අන්තිම තුන් හතර දෙනා අතර. අම්මලත් පුළුවන් තරම් තියෙන හැම විෂයකටම වගේ මාව class වලට යැවුවා. මන් 6 වසරේ ඉඳන්ම ඉස්කෝලේ ගියෙත් තනියම public transport එකේ. ඔය අතරේ තමයි මගේ ජිවිතේ පස්සට ඇදපු ඊලග ලොකුම සිද්දිය උනේ. මම bus එකේ යනකොට වයසක uncle කෙනෙක් මගේ පස්සෙන් එන්න ගත්තා. ඒ දවස් වල ඇත්තටම මට තේරුනේ නැ මොකක්ද කරන්න ඕන කියලා. ඒ වැඩේ දවසින් දවස දුරදිග ගියා. bus වල සෙනඟ නිසා කාටවත් මේ මනුස්සයා මට කරනදේ දැක්කේ නැහැ. මාත් ලජ්ජාවට මේක ගෙදරටවත් කිව්වේ නැහැ. පස්සේ ලැජ්ජාවට වඩා ඒක ලොකු ඇබ්බැහියක් උනා. සතියට දවස් 2ක් 3ක් මේ මනුස්සයා bus එකේදී හැමදාම ඔය වැඩේ මට කලා. මටත් එක අමුතු දෙයක් උනා. මාත් ඒක ඒ මනුස්සයට කරන්න දුන්නා. පස්සේ ඒ මනුස්සයා විතරක් නෙවේ bus එකේ යන එනකොට කීප දෙනෙක්ගෙන්ම මට ඔය වැඩේ සිද්ද උනා. මගෙත් ඇඟ පත පොඩ්ඩක් ලස්සනයි. මම දන්නේ නැහැ. මිනිස්සු තමා කියන්නේ. එක වෙන්න ඇති මට ඔහොම වෙන්න ඇත්තේ. ඔහොම ඔහොම ගිහිල්ලා ඔය වැඩේ ටික ටික නතර උනා. එත් එකෙන් වෙච්ච ඇබ්බැහිය නම් නතර උනේ නැහැ. දැන් තමයි මට තේරෙන්නේ ඒ වෙච්ච දේ මන් ඒ වෙලාවේ ගෙදරට නොකිය කර ගත්ත මෝඩකම. ඇබ්බැහිය කිව්වේ අද වෙනකොට porn වලට addict වෙලා මම.

    ඔහොම ගිහිල්ලා O/L යන්තම් pass උනා. ඒක ගොඩ දාගෙන පන්තියේ හිටපු උන් ගොඩක් වෙන ඉස්කෝල වලට ගිය. මට වෙන එකකට යන්න තරම් pass marks තිබ්බේ නැහැ. A/L වලටත් ඒ වගේම තමා. හැමදාම ලකුණු 10 යි 15 යි. කලේ maths stream එකෙන්. එකත් ගෙදර බලකිරිල්ලට. මට කැමති දේ කවදාවත් කරන්න දුන්නේ නැහැ. A/L කලේ එක සැරයයි. F 2යි S 1යි. දෙවෙනේ සැරේ කරන්න හදද්දී මට private institute එකකින් scholarship එකක් ලැබුණා. A/L නැති නිසා foundation එකේ ඉඳන්ම කලා. 1 year diploma complete කලා. කරලා උන්ගේම company එකේ වැඩට ගියා. ජොබ් එකට තිබ්බ ආසාවට කන්න ඕන හැම කට්ටම කෑවා. අවුරුදු 3.5 ක් එතන වැඩ කලා. පස්සේ එතනින් අයින් වෙලා ලංකාවේ ධනවත්ම කියපු dial එකෙක්ගේ company එකක අවුරුදු 2ක් වැඩ කලා. ඒ ජොබ් එකනම් මම කරපු පවකට ලැබිච්ච එකක් වෙන්න ඕන. කන්න බොන්න වෙලාවක් නැ. නිවාඩුවක් නැ. දවසේ පැය 24න් 18ක් විතර වැඩ. පස්සේ එපා වෙලා කොරෝනා දවස් වල එකෙනුත් අයින් උනා.

    අයින් වෙලා පොඩි business එකක් කරන්න පටන් ගත්තා. පටන් ගත්ත දවස් වල වැඩේ නැගලම ගියා. දැන් එකෙත් business නම් සෑහෙන්න අඩුයි. දැන් මට අවුරුදු 27. එක එක දේවල් try කරන්නම ගිහිල්ලා අතේ තිබ්බ සොච්චමත් නැති කර ගත්තා. දැන් 0 ටම වැටිලා ඉන්නේ. ඒ මදිවට loan එකකුත් ගෙවනවා.

    ගෙදරින් කෑ ගහනවා කෙල්ලෙක් හොයා ගනින් කියලා. එක පැත්තකින් අම්මලට මොකුත් කියන්න බැ. ඒගොල්ලෝ ටිකක් වයසයි. ඒගොල්ලෝ ආස ඇති මැරෙන්න කලින් අපේ මොකක්ම හරි දියුණුවක් දකින්න. ලස්සනට පවුලක් වෙලා ජිවත් වෙනවා දකින්න ආස ඇති. එත් බන් හරිහමන් රස්සාවක් නැතුව අතේ සතේ නැතුව ඔය දේවල් කරන්නේ කොහොමද? ගොඩක් දවස් වලට නිදාගන්න ඇඳට ගිහිල්ලා කරන්නේ අඩ අඩ ඕක ගැන හිත එක. ඇයි මට මෙහෙම උනේ. සිරාවට කියන්නේ. මන් කිසි එකෙක්ට වචනෙකින්වත් කරදරයක් කරන එකෙක් නෙවේ. මගේ පාඩුවේ පැත්තකට වෙලා වැඩක් කරන් ඉන්න dial එකක්. පුළුවන් හැම වෙලාවෙම පුළුවන් හැම එකාටම උදවු කරනවා.

    එහෙම කරලත් ජිවිතේ සතුටක් විඳපු දවසක් නැති තරම්. ඉපදිච්ච දවසේ ඉඳන් තාමත් දුක් විඳින එකම තමා කරන්නේ. මාරම විදිහට ජීවිතේ විඳවනවා බන්. මේ ටික type කරන්නෙත් ඇස්වල කඳුළු පුරෝගෙන. එච්චරටම මන් අතරමන් වෙලා ඉන්නේ. එච්චරටම ජිවිතේ එපා වෙලා. ජිවත් වෙන්න ඕන නිසා ජිවත් වෙනවා. මෙතනින් එහාට මට කිසිම දෙයක් පෙන්නේ නැහැ. කරන්න දෙයක් හිතෙන්නේ නැ.

    ඔයා මේක කිවලා ගන්න දෙයක් තියෙනවා නම් ගන්න. මොකක් හරි අදහසක් තියෙනවා නම් පහලින් කොටාගෙන යන්න.

    ඕක තමා මගේ කතාව. වචනෙකින් හරි උදවු කරන ඔයාට බොහෝම පිං.
    This is a typical parent dominated story that is prevalent in Sri Lanka. You could not do what you wanted to do due to parental dominance. Now think afresh and think of a way to improve the business and you are still young to start a fresh.