"මගේ පවුලේ කිසිම කෙනෙක් ක්‍රිකට් පාලක මණ්ඩලයේ හෝ මගේ අමාත්‍යාංශයේ කිසිම තනතුරකට සම්බනධ වෙන්නේ නෑ. ඔය කතා කරන්නේ ජෙරම් මහත්මයා ගැන නම් එතුමා ක්‍රිකට් පාලක මණ්ඩලයට සම්බන්ධ වෙලා තියෙන්නේ මගේ මල්ලි එයාගේ දුවව කසාද බඳීන්නත් කලින්. එතින් ඒ හින්දා ඒ පිළිබඳව ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණයක් ගන්න ඕනේ. ක්‍රිකට් පාලක මණ්ඩලයට ඇඟිලි ගහන්න අපිට අයිතියක් නෑ. හැබැයි ක්‍රිකට් පාලක මණ්ඩලය හෝ වෙනත් ක්‍රිඩා සංගමයක් තමන්ගේ කාර්යභාර්ය හරියට කරන්නේ නැති තැනකදී එය නියාමනය කරන්න අමාත්‍යාංශය මැදිහත් වෙනවා. ඒ පිළිබඳව ක්‍රිකට් පාලක මණ්ඩලය සමඟ සාකච්ඡාවක් දාලා තියෙනවා. මම එදා කිව්වා වගේ ක්‍රිකට් ක්‍රීඩකයා සහ ක්‍රිකට් ක්‍රීඩාවේ අභිවෘද්ධිය වෙනුවෙන් ගත යුතු හැම ක්‍රියාමාර්ගයක්ම අපි ගන්නවා. ඒ තීන්දු තීරණවලට සමහරු කැමති වෙන්න සමහරු අකමැති වෙන්න පුලුවන්. හැබැයි මගේ තියෙන එකම බලාපොරෝත්තුව ක්‍රීඩාව නංවන එක. ක්‍රීඩාව නැංවීමේ දී පෞද්ගලික කාරණා බලපාන්නේ නෑ. අවශ්‍ය සියලුම තීන්දු අපි මේ සතිය ඇතුළ ත ගන්නවා" යනුවෙනි.

