කාළකන්නි කම්පැනියක අවුරුදු 2ක් එකම දිගට වැඩ කෙරුව බන්.ඒ කරලා මාසෙකට කලින් අස්වීම දුන්නා බැරිම තැන.ඒත් ඊට පස්සෙ තියන ප්‍රශ්න සේරම විසඳන්නම් කියලා ආයෙ වැඩ කරන්න අවස්ථාව ඉල්ලලා ලියුමක් එවන්න කීවා.මම හා එහෙනම් තියන ප්‍රශ්න විසඳනවනෙ කියලා ඒ ලියුමත් යැව්වා.දැන් සතියකට කලින් HR එකෙන් කතා කරලා කීවා ඔයා වෙනුවට වෙන කෙනෙක් රෙකමන්ඩ් කරලා තියෙන්නෙ.මේ සඳුදා යන්න ලැහැස්තිවෙන්න කියලා.මටත් අවුලක්ම නැති නිසා හා කීවා.ආයෙත් කියනවා 12වෙනිදට යන්නලු ඒ මනුස්සයා ටිකක් ට්‍රේනින් කරන්න ඔනා කියලා.දැන් කෝල් කරලා කියනවා ආයෙත් RESIGNATION LETTER එවන්නලු 12 වෙනකල් විතරයි වැඩ කරන්නෙ කියලා.එහෙම යැව්වොත් මුන්ගෙ ඇග්රිමන්ට් වල තියන විදිහට මාසෙකට කලින් දැනුම් දෙන්න ඔනා කියන එක අවුල් යනවා.උන් ලග කලින් එවපු එක නෑ කියලා කියන්නෙ,ආයෙත් යැව්වොත් මට අවුලක් වෙයිද?එහෙම යවන්න ඔනාද?