අපේ කොල්ලන්ගේ ටැක්සි ෆීල්ඩ් එක පිලිබදව තියෙන දැනුම අඩු නිසා දන්න අයගේ අත්දැකීම් ශෙයා කරොත් හොදයි කියලා හිතුවා. .
ටැක්සි දුවන්න හිතන් ඉන්න කෙනෙකුට මේ ත්‍රේඩ් එක වැදගත් වෙයි කියලා හිතනවා. .
තමන්ගේ වාහනය වඩාත් වාසිම සේවාවට දාන්න ඔබලාගේ අත්දැකීමුත් බෙදාගන්න කියලා ඉල්ලා සිටිනවා. .
මාතෘකාවට අදාල දේ පමනක් කතාකරමු. .
....................................................................................................
මම කියන්න හදන්නේ වැගන් ආර් එකක් ඌබර් ටැක්සි දැම්මොත් මොකද වෙන්නේ කියලා. . ලාබද පාඩුද කියන එක ඔබ තීරනය කරන්න. . මම මෙතන මූලිකම වියදම් සහ අදායම පමනයි කියන්නේ. .
කිලෝමීටර් 8000කට වතාවක් සර්විස් කරන්න රු 10000යි = කිලෝමීටරයකට රු 1.25
ටයර් 4ට 60000යි බාවිතය කිලෝමීටර් 40000යි = කිලෝමීටරයට රු 1.50
පෙට්‍රල් වලට කිලෝමීටරයකට ලීටර් 15 155/15 = කිලෝමීටරයට රු 10.33
ඌබර් කමිශන් 25%. . 40-25% = කිලෝමීටරයට රු 10
ඉන්ශුවරන්ස් වසරකට 100000යි
මාසික ආදායම, වියදම සහ ලාබය හදාගමු. .
දිනකට කිලෝමීටර 150ක් මාසෙකට දින 25ක් දුවනවා නම්. . දිනකට හයර්ස් 10ක් ලෙස ගමු. . දිනකට හයර් නොමැතිව දුවන දුර කිලෝමීටර් 20ක් ලෙස ගමු. . දිනකට සේවාවේ නිරතවෙන කාලය පැය 10-12 ලෙස. . කිලෝමීටරයක් 40 ලෙස. .
ආදායම
මාසික ආදායම 150 X 25 = 3750 X 40 = රු 150000
වියදම
ආදායම් උපයන කිලෝමීටර් 3750 සදහා පිරිවැය 3750 X 23.08 = රු 86550
ආදායම් උපයන් නැති කිලෝමීටර් 500 සදහා පිරිවැය 500 X 13.08 = රු 6540
ඉන්ශුවරන්ස් වසරකට 100000යි මසකට = රු 8333
ලාබය
150000-101423 = 48577
ඔබම දුවනවනම් දල වශයෙන් මසකට රු 50000ක ලාබයක් ලබාගත හැකි බව තමයි අවසානෙදි කියන්න තියෙන්නේ. .
ඔතනට වාහනේ වටිනාකම බාල වීම හා සර්ජ් බුස්ට් ඇතුලත්කර නැත. . සර්ජ් බුස්ට් වලින් ලැබෙන අමතර මුදල වාහනයේ ක්ශයවන අනෙකුත් කොටස්, ඉන්ටර්නෙට් බිල්, ෆෝන්බිල් වැනි දැ, නෙට්වර්ක් අව්ල් නිසා නොලැබෙන මුදල් සදහා සමකර ඇත. .
තව පොඩි දෙයක් කියන්නම්. . කාර් රෙන්ට් කරන හොද තැනක් හෝ පුද්ගලික පාවිච්චියට ගන්න කෙනෙක්ට මසකට 50000ක මුදලකට දුන්නොත් කිලෝමීටර් 3000 ගෙවීමට රු 8250 ඉන්ශුවරන්ස් 8333 මසකට පිරිවැය වෙනවා. .
එතකොට ලාබේ 50000-16583 = රු 33417
අනෙකුත් සේවවන් ගැනත්, වාහන ගැනත් ඔබගේ අත්දැකීම් බෙදාගන්නා ලෙස ඉල්ලනවා. .