~ ඩ්‍රෝන වලින් "තෙල් ගහන" මැදිරිගිරිය සමූපකාරයේ අලුත් අධ්‍යක්ෂකලා..!

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    43,119
    44,850
    113
    මැදිරිගිරිය සමුපකාර සමිතියේ නව අධ්‍යක්ෂ මණ්ඩලය බලය ලබා ගන්නේ 2023 මැයි මාසයේදී ය. ඔවුන් නියෝජනය කරන්නේ ජාතික ජනබලවේගයයි (NPP ). නව අධ්‍යක්ෂ මණ්ඩලය බලයට පත්වී මාස පහක් වැනි කෙටි කාලයක් තුල මැදිරිගිරිය සමුපකාරය විශාල පරිවර්තනයකට ලක් කොට තිබෙන බව මාගේ අධ්‍යනයේදි සොයාගැනීමට හැකි විය.

    සමුපකාරය පිළිබඳ කෙරෙන මාගේ අධ්‍යනය (Research) පදනම් කරගෙන ලියවෙන තෙවන ලිපිය මෙයයි. මෙම අධ්‍යයනයෙන් මා බලාපොරොත්තු වන්නේ කොතෙක් දුරට ග්‍රාමීය ණය ගැති භාවය අඩු කර ගැනීමට සමුපකාරය යොදා ගත හැකිද යන්න පිළිබඳ සොයා බැලීමයි. ලංකාවේ සමුපකාර සමිති රාශියක් මාගේ අධ්‍යයනය සඳහා තෝරා ගෙන තිබෙනවා. එහිදී මා ලබන අත්දැකීම් ඔබ සමග හුවමාරු කරගැනීම මෙම ලිපි මාලාවේ අරමුණ යි.

    "මාෆියා" රැසක ගොදුරක් වූ ගොවියා..​

    ගොවියාගේ එක් ප්‍රධාන ප්‍රශ්නයක් වී ඇත්තේ නිෂ්පාදන පිරිවැය ඉහළ යෑම සහ ඔවුන්ගේ නිෂ්පාදන සඳහා සාධාරණ මිලක් නොළැබීම යි. ඊට අමතරව ශ්‍රමය සොයාගැනීමද මේ වන විට ඔවුන් මුහුණ පාන විශාල ප්‍රශ්නයක්. විවිධ මාදිලියේ "මාෆියා" වල ගොදුරු බවටද ගොවියා හසුවී සිටිනවා. වී මාෆියාව , පොහොර මාෆියාව , කෘමිනාශක මාෆියාව, රාජ්‍ය මාෆියාව ඉන් කිහිපයක්. ගොවියා සදාකාලික ණය ගැතියකු වී තිබෙන අතර වකුගඩු රෝගීයකු බවටද පත් වී තිබෙනවා. මැදිරිගිරිය සමුපකාරය මේ වන විට ආරම්භ කොට ඇති වැඩපිළිවෙළ නිසියාකාරව ක්‍රියාත්මක වීම තුල ගොවියා බොහෝ විලංගු වලින් නිදහස් කරගැනීමට හැකි වනු ඇති බව මාගේ විශ්වාසයයි.

    සාමාන්‍ය තෙල් ගැහීම..​

    ගොවියෙක් අක්කරයක් සඳහා කෘමි නාශක ඉසීමට පැය 4 ක් වැනි කාලයක් වැයකරන බව මැදිරිගිරිය සමුපකාරයේ සභාපති අරුණ ශාන්ත මහතා මා සමග ප්‍රකාශ කළා. ඒ සඳහා ගොවියාට තෙල් ටැංකි 8 ක් පමණ කර මත එල්ලාගෙන යාය පුරා ඇවිදිමින් මඩේ බැසගෙන, ගොයම් පැල පාගමින්, කෘමිනාශක ආඝ්‍රාණය කරමින් දවස පුරා ඒ සඳහා කාලය වැය කිරීමට සිදුවෙනවා . මේ හේතුවෙන් ගොවියාගේ ශරීර සෞඛ්‍ය පිරිහීමට අමතරව ප්‍රමිතියකින් තොරව කෘමිනාශක භාවිතා කිරීම හේතුවෙන් විශාල පාරිසරික හානියක් ද වන බව අමුතුවෙන් කිව යුතු නැහැ. තවද , සාම්ප්‍රදායික ක්‍රම අනුගමනය කිරීම තුල සම්පූර්ණ යායේ කෘමි පාලනයද නිසි පරිදි එකවර සිදුවන්නේ නැහැ.

    ඩ්‍රෝන වලින් තෙල් ගැහීම..​

    මැදිරිගිරිය සමුපකාරය ලංකාවේ කුඹුරු යාය වල කෘමිනාශක ඉසීම සඳහා නියමු ව්‍යාපෘතියක් ලෙස (Pilot Project ) ඩ්‍රෝන යානා හඳුන්වා දී තිබෙනවා. මෙම නව තාක්ෂණය යොදා ගැනීමෙන් විනාඩ් 15 ක් තුල අක්කරයක වපසරියකට කෘමිනාශක ඉසිය හැකියි. 50% කින් රසායනික නාස්තිය වලක්වා ගැනීමටත්, කෘමිනාශක ප්‍රමිතියකට යටත්ව ඒකාකාරී ලෙස යාය පුරා ඉසිය හැකි වීමත් මෙහි ඇති තවත් වාසි කිහිපයක්. වියදම 50% කින් අඩුකර ගැනීමට හැකිවීම තුල එහි වාසිය ගොවියාට ලැබෙන අතර නිෂ්පාදන පිරිවැය අඩුවීම තුල සහල් පාරිභෝගිකයාට යම් සහනයක්ද ලැබෙණු ඇත. සමුකාරය බලාපොරොත්තු වන්නේ මෙම යන්ත්‍ර ගොවි සමිති හරහා සේවයේ යෙදවීමට යි. තාක්ෂණය භාවිතයට ගොවියා ආරම්භයේ බිය වුවද, පෙරහුරු වැඩසටන් (Awareness Programmes) හරහා මුළු පොලොන්නරු දිස්ත්‍රික්කය පුරාම මෙම තාක්ෂණය ප්‍රචලිත කිරීමට මැදිරිගිරිය සමුපකාරය බලාපොරොත්තු වෙනවා.

    One Stop Shop​

    මැදිරිගිරිය සමුපකාරය ලබන වසර ආරම්භයේ පොලොන්නරු දිස්ත්‍රික්කය සඳහා කෘමිනාශක ඉසීමේ ඩ්‍රෝන යන්ත්‍ර, ගොයම් නෙලීමේ යන්ත්‍ර , පැල සිටුවීමේ යන්ත්‍ර , ඇතුළු සියළු කෘෂි උපකරණ, කෘමිනාශක, සියළු වර්ගයේ රසායනික සහ කාබනික පොහොර, තත්වයෙන් උසස් බීජ යනාදිය අලෙවි කිරීම සඳහා සුවිසල් අලෙවි සංකීර්ණයක් ආරම්භ කිරීමට සූදානම් කොට තිබෙනවා. මේ තුලින් ගොවියාගේ සියළු අවශ්‍යතා එක වහලක් යට (One Stop Shop) සපයා ගත හැකි වන අතර එම පරිශ්‍රයේම සමුපකාර ග්‍රාමීය බැංකුවක් පිහිටුවීම මගින් ගොවියාට අවශ්‍ය මූල්‍ය පහසුකම් පහසුවෙන් ලබා ගැනීමට අවස්ථාව සලසන බව අධ්‍යක්ෂ මණ්ඩලය ප්‍රකාශ කළා.

    වෙළෙඳ පොල පාලනය කළා..​

    පසුගිය කන්නයේ රජයේ ගොවිජන සේවා කාර්යාලය රුපියල් 9500/- Kg 50 යූරියා පොහොර උරයක් අලෙවි කරන විට සමුපකාරය රුපියල් 8500/- කට ගොවියාට අවශ්‍ය යූරියා පොහොර උරය ලබා දී තිබෙනවා. අවසානයේ රජයටත් රුපියල් 8500/- දක්වා මිල අඩුකිරීමට සිදුව තිබෙනවා. වෙළෙඳපොළ අනෙකුත් පොහොර වෙළඳුන්ටද සමුපකාරයේ මිලට පොහොර අලෙවි කිරීමට සිදුවූ බව සභාපති වරයා මා සමග පැවසුවා. සමුපකාරය ශක්තිමත් වන්නේ නම් වෙළෙඳපොළ මිල තීරණය කිරීමට ඔවුන්ට හැකියාව තිබෙන බව මෙමගින් පැහැදිලි වෙනවා.

    මධ්‍ය පරිමාණ වී මෝල් 15 ක් නවීකරණයට..​

    වසා දමා ඇති වී ගබඩා 6ක් ලබන වසරේ මුල් කාර්තුවේ නැවත ක්‍රියාත්මක කොට අතරමැදියන් ගෙන් තොරව සෘජුව ගොවි සමිති හරහා වී තොග රැස්කිරීමට මැදිරිගිරිය සමුපකාර අධ්‍යක්ෂ මණ්ඩලය බලාපොරොත්තු වෙනවා. එමෙන්ම, මේ වන විට අක්‍රීය මට්ටමේ තිබෙන පෞද්ගලික අංශයේ හඳුනාගත් මධ්‍ය පරිමාණ වී මෝල් 15 ක් නවීකරණය කිරීමට අවශ්‍ය මූල්‍ය පහසුකම් සපයා සමුපකාර සතු වී තොග ලබා දී ඔවුන් ලවා උසස් තත්වයේ සහල් නිෂ්පාදනය කොට පළාතේ සමුපකාර වෙළෙඳසැල් සහ කෝප් සිටි හරහා මැදිරිගිරිය සමුපකාරයටම අයත් වෙළෙඳ සන්නාමයකින් (Brand) බෙදාහැරීමට බලාපොරොත්තු වන බව සභාපති අරුණ ශාන්ත මහතා මා සමග පැවසුවා.

    ලාබයෙන් කොටසක් සේවක සුබ සාධනයට..​

    සමුපකාර සේවක සුබසාධනය සඳහා විශාල ලෙස කටයුතු කොට ඇති නව අධ්‍යක්ෂ මණ්ඩලය, කාර්ය සාධනය මත දිරි දීමනා ක්‍රමයක් (Performance Based Incentive Scheme ) හඳුන්වා දී තිබෙනවා . ඉන්ධන අලෙවි මධ්‍යස්ථානයේ පැවති සියළු අක්‍රමිකතා වලක්වා එහි ආදායම ලක්ෂ කිහිපයකින් වැඩි කොට ඇති අතර ඒ හරහා ලැබෙන ලාභයෙන් කොටසක් එහි සේවකයන්ගේ සුබසාධනය සඳහා අරමුදලකට බැර කිරීමට කටයුතු කොට තිබෙනවා.

    සමුපකාර ග්‍රාමීය බැංකු 6 ම ලාභයි..​

    සමුපකාර ග්‍රාමීය බැංකු හරහා ඉතා නාමික පොලියකට ගොවියන් සඳහා ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දී ඇති අතර, ඉදිරියේදී සියළු ගොවියන් නිෂ්පාදන සමුපකාර සමිති වටා සංවිධානය කිරීමට බලාපොරොත්තු වන බව සභාපති වරයා ප්‍රකාශ කළා. මැදිරිගිරිය සමුපකාරය සතුව ග්‍රාමීය බැංකු 6ක් ඇති අතර ඒවා සියල්ල මේ වන විට ලාභ ලබන තත්ත්වයට පත්වී තිබෙනවා . පෙර පාලනය සමයේ ලබා දී ඇති අය නොවු ණය එකතු කරගැනීම සඳහා ණය ගැතියන් සමග සාකච්ඡා කොට අවශ්‍ය ක්‍රියාමාර්ග මේ වන විටත් ගෙන තිබෙන බව සභාපති වරයා ප්‍රකාශ කළා.

    ලංකාවේ පළමු වතාවට ඩ්‍රෝන තාක්ෂණය ගොවි බිමට..​

    ජාතික ජනබලවේගයට බලය හිමි මැදිරිගිරිය සමුපකාර සමිතියේ අධ්‍යක්ෂ මණ්ඩලය ලංකාවේ පළමු වතාවට ඩ්‍රෝන තාක්ෂණය ගොවි බිමට ගෙනවිත් තිබෙනවා. ඉදිරියේදී ඔවුන් තවත් නවීන කෘෂි මෙවලම් හඳුන්වා දීමට කටයුතු කිරීමට සූදානම් වෙමින් සිටිනවා . ලංකාවේ සංවර්ධනයේ වගකිව යුතු සහකරුවෙක් බවට සමුපකාරය පත්වෙමින් තිබීම සතුටක්. ජාතික ජනබලවේගය සතුව මේ වන විට ඇත්තේ සමුපකාර සමිති 26 ක් පමණයි. ආණ්ඩුකාර වරුන් පළාත් සමුපකාර කොමසාරිස් වරුන් ලවා බොහෝ පළාත් වල සමුපකාර නිළවරණ දින නියමයක් නොමැතිව කල් දමා තිබෙනවා . හේතුව ඔබට වැටහෙනු ඇති . කෙසේ වෙතත් , දිවයිනේ සමුපකාර සියල්ලේම බලය NPP යට ලැබුණහොත් ඔවුන් රටේ සංවර්ධන විප්ලවයක් කරන බවට සැකයක් නැහැ.

    ලංකාවේ බොහෝ ජනයා සමුපකාරය දැක්කේ හොර ගුහාවක් ලෙසයි . එයට හේතුව සමුපකාරයේ වරදක් නොවන බව දැන් පැහැදිලි යි. හොරුන් පිරිසක් ඒවායේ පාලනය අල්ලා ගෙන සිටීම සමුපකාරය ජනයාගේ අප්‍රසාදයට ලක් වීමට හේතු වී තිබුණා. එය දැන් නිවැරැදි වෙමින් තිබෙනවා. අදූෂිත පිරිසක් අතට සමුපකාරයේ පාලනය ලැබීම තුල සමුපකාරයේ සැබෑ අරමුණ ඉටුවෙමින් තිබෙනවා.

    රටට වී තිබෙන්නේද සමුපකාරයට වූ දෙයමයි...​

    අපගේ රටට වී තිබෙන්නේද සමුපකාරයට වූ දෙයමයි. ආසියාවේ ඉහළම සාක්ෂරතාවයක් හිමි ලාංකිකයන් වන අපි වසර 75 ක්ම රටේ බලය මාරුවෙන් මාරුවට හොරු රැලක් අතට ලබා දීම නිසා අද අපිට හිඟා කන්නට වී තිබෙනවා . අපි තවදුරටත් එම වැරැද්ද නොකළ යුතයි. හොරුන්ට නිසි දඬුවම් ලබා දී අපෙන් සොරාගෙන ඇති දේ නැවත නීති මගින් යලි අත් පත් කරගත යුතුයි . ඒ සඳහා අවශ්‍ය කටයුතු කිරීම අපගේ වගකීමයි.

    වගකිව යුතු පුරවැසියන් හැටියට මෙවර අපි රටේ ජාතික සම්පත් සුරකින , අපේ දරු මුණුබුරන්ට සුන්දර රටක් ගොඩනැගීමට වඩාත්ම හැකියාව තිබෙන, අදූෂිත පිරිසක් තෝරා රටේ පාලන බලය ලබා දෙමු. ඒ සඳහා ලැබෙන පළමු අවස්ථාව හොඳින් ප්‍රයෝජනයට ගනිමු.

    -ශාන්ත ජයරත්න​


    @2osama pohottu ballige puthalata mewa balala igena ganna kiyapan
     

    Mard

    Well-known member
  • Nov 9, 2023
    378
    403
    63
    Oaka thama mulin kiwwe aanduwen kuliyata aran karana kumburu tika company walata deela gaviyanwa padiyata wedata daanna kiyala. eka eka huttawal samuupakaaren karanna oane na. business eka companiya karaganii. gootha gaviyanta aadara dena eke iwarayak na.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    43,119
    44,850
    113
    Oaka thama mulin kiwwe aanduwen kuliyata aran karana kumburu tika company walata deela gaviyanwa padiyata wedata daanna kiyala. eka eka huttawal samuupakaaren karanna oane na. business eka companiya karaganii. gootha gaviyanta aadara dena eke iwarayak na.
    ehema dunnhama hal 1kg ganna wenne Rs.800 withra dila
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    30,164
    1
    138,838
    113
    96
    හෝමාගම
    ussr GIF
     

    Mard

    Well-known member
  • Nov 9, 2023
    378
    403
    63
    ehema dunnhama hal 1kg ganna wenne Rs.800 withra dila
    umba kohomada ehema kiyanne??? 800 kiyana gaana gatthe kohomada? ehema bari nam import karanna thiyennne.🤷‍♂️
    drone, pohora, fuel, pesticides, machinery imports walata wada eaka laaba weyi.
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    3,602
    4,743
    113
    Nugegoda, Sri Lanka
    umba kohomada ehema kiyanne??? 800 kiyana gaana gatthe kohomada? ehema bari nam import karanna thiyennne.🤷‍♂️
    drone, pohora, fuel, pesticides, machinery imports walata wada eaka laaba weyi.
    Aniwa, sahanadarai okkoma labbawal denawata wada laaba wey gennna eka. Eggas scene eka dakkane. Eetapasse oya idam tika wena profitable dekata pawichchi karanna puluwan. Peradiga danyagaraya wage boru baila gahanne nathuwa.
     
    • Like
    Reactions: Mard

    2osama

    Well-known member
  • Oct 25, 2010
    52,121
    39,925
    113
    මාලඹේ
    LRT එක පැත්තකට විතරක් යනවා කියපු JVP මෝඩයො ටික ෆෝම් වෙලා🤣
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    28,001
    34,760
    113
    සේදවත්ත
    LRT එක පැත්තකට විතරක් යනවා කියපු JVP මෝඩයො ටික ෆෝම් වෙලා🤣
    මයින්ද මාතියට හොයාගත්ත මන්නාරම් තෙල් ලිදවදත් ගොඩ දාගන්න බැරි උන එකේ මේම හරි කුඹුරට තෙල් ගහල ගොඩයමු දැන් . ඒවා තිබ්බනම් සමුපකාරවලට මේවා කරන්න ඉතිරිවෙන් නෑනේ. ලයිට් එයාක්‍රාෆ්ට් වලින් , ගොවියගේ පෞද්ගලික ඩ්‍රෝන් වලින් ඉහාගන්නවනේ
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    43,119
    44,850
    113
    umba kohomada ehema kiyanne??? 800 kiyana gaana gatthe kohomada? ehema bari nam import karanna thiyennne.🤷‍♂️
    drone, pohora, fuel, pesticides, machinery imports walata wada eaka laaba weyi.

    800 kiuwe owa pitata dunnoth yana ganan,
    import karana salli mehe wiyadna karoth echchar yanne neha, methana wela thiyenne, hema athinma hora kana eka,
     
    • Like
    Reactions: Mard