ඩී එස් සේනානායක විද්‍යාලය අසල ව්‍යාපෘතිය නවතා දැමේ

dmsupun

Well-known member
  • May 13, 2007
    6,083
    3,216
    113
    Kandy
    DS එකේ පිනයි, OBU එකක් සංවර්ධන කමිටුවයි ඔක්කොම එකතුවෙලා ඉල්ලුව කියල ලියුමක් පෙන්නුව නේද සිරසෙ.
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    12,402
    1,126
    113
    Copied

    අපේ ගම්මන්පිල ඇමතිතුමාගේ නැත්නම් අයියාගේ වීඩියෝ එක මුල සිට අගට සම්පූර්ණයෙන් බැලිමි. අර්කිටෙක්ට් කෙනෙක් නැත්නම් වාස්තු විද්‍යාඥයෙක් විදිහට මට පෙනුනු ප්‍රශ්ණ කිහිපයක් වෙත අවධානය යොමු කිරීමට කැමැත්තෙමි. මට වඩා ප්‍රවීණ මෙන්ම කීර්තිමත් වාස්තු විද්‍යාඥයන් රාශියක් අපගේ පාසැලෙන් බිහිවී ඇත. ඔවුන්ටද මීට සමාන හෝ ප්‍රතිවිරුද්ධ මත තිබිය හැක. මා මේ ඉදිරිපත් කරන්නේ මාගේ මතයක් නිසා කිසිවෙකුත් ටිපර් වීමට අවශ්‍ය නැත.

    1) ගම්මන්පිල අයියේ පාසැලට ඇත්තටම වාසියක් කිරීමට අවශ්‍ය නම් ඉඩම UDA එකට පවරාගත්තේ ඇයි? එසේ පවරාගත් විට එම ඉඩම් කොටසේ භුක්තිය හා අයිතිය යන දෙකම පාසැලට නැති වෙනවා නේද? ඉන් පසු ඔය ව්‍යාපෘතිය කරන ආයෝජකයා අනාගතයේ දිනක ඔහුට පාඩුයි කියා පාසැලේ වාහන ගොඩනැගිල්ලට ඇතුල් කිරීම තහනම් කලහොත් පාසැලට ගතහැකි නීතිමය පියවර කුමක්ද ?

    2) ඉඩමේ වටිනාකම පර්චස් එකක් රු. මිලියන 15 සේ සැලකුවොත් ඉඩම ප.60 ක් ලෙස සැලකුවොත් ඉඩමේ වටිනා කම රු. මි. 900ක් වේ. ඔතන හදන්නේ මධ්‍යම පාන්තික නිවාස නම් එක් නිවසක උපරිම වටිනාකම රු. මිලියන 40ක් වනු ඇත. අපිට ලැබෙන්නේ නිවාස 4ක් නම් උපරිම මුළු වටිනාකම රු. මිලියන 160යි ... එතකොට මිලියන 900ක ඉඩමක් දී මිලියන 160ක ගෙවල් ගැනීම සාධාරනද ?

    3) ඔය ව්‍යාපෘතිය කරන ආයෝජකයා ඔහුගේ වියදම හා ලාභය පියවාගන්නේ ඔය ඉතිරි ගෙවල් 56 විකිනීමෙන් නම් ..ඔහුට උපයාගත හැකි මුළු මුදල රු. මිලියන 2,240කි ... ඔය ගොඩනැගිල්ල මහල් 12 කින් සෑදීමට නම් යන මුළු වියදම ආසන්න වශයෙන් රු. මිලියන 2000ක් පමණ වේ. ප.85ක මුළු ඉඩමේ වටිනාකම රු. මිලියන 1275ක් වේ. එවිට මුළු ව්‍යාපෘති වටිනාකම රු. මිලියන 3275ක් වේ. එවිට ආයෝජකයාට නිවාස ඒකක විකිනීමට පසු පියවාගත යුතු ඉතිරි මුදල මිලියන 1035ක් වේ. එය පියවාගන්නේ කෙසේද? දැරිය නොහැකි අධික මිලකට වාහන නැවතුම් ඒකක කුලියට දීමෙන් නොවේද? එවිට ඒ වාහන නැවතුම් වලට ගෙවන්නේ ලමයිද ? පාසැලද ?

    4) මම දන්න විද්‍යාවට අනුව පාරවල් 5ක් එකට හමුවන මංසන්ධියක වාහන නැවතුම් බහුකාර්‍ය ගොඩනැගිලි ලෝකේ කොහෙවත් ඉදිකරන්නේ නැත. මොකද එය වාහන තදබදය ඉහල දැමීමට ප්‍රභල හේතුවක් වන නිසා. එසේ හට ගන්නා අධික තදබදය නවත්වන්නේ කෙලෙසද?

    තවත් ලිවීමට දේ ඇතත් ලිවීමට කම්මැලි නිසා මෙතනින් නවතිමි. මෙය මාගේ මතය නිසා ඕනෑම කෙනෙකුට මෙය නිවැරදි කල හැක.
    Ape S hitha ridila thiyenne ubalata epa nam apitath epa…pankadaya nikan boru liyanne nathuwa hitu
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    30,372
    5,726
    113
    27
    පිළි-ඇඳි-දොළ
    1622611599158.png
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    17,801
    12,492
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කොච්චර බැනුම් ඇහුවත් රුවන්පුර හයිවේ එක නැවත්තුවෙ නෑනෙ.

    මුන්ට මේක ඇත්තටම කරන්න උවමනාවක් තියෙන්න නැතුව ඇති
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    1,418
    1,262
    113
    කොච්චර බැනුම් ඇහුවත් රුවන්පුර හයිවේ එක නැවත්තුවෙ නෑනෙ.

    මුන්ට මේක ඇත්තටම කරන්න උවමනාවක් තියෙන්න නැතුව ඇති
    matta highway ekak wage da ban meka