FB එකේ තිබ්බ මේ වීඩියෝ එක මම හදිස්සියේ share කරේ අපේ කට්ටියට දැනගන්නත් එක්ක. මේ කතාව සහතික ඇත්ත. අපේ කොල්ලෝ සෑහෙන්න ප්රමාණයක් ඩුබායි ඇවිල්ලා පට්ට චාටර් එකක් කනවා. ඩුබායි ඇවිල්ලා Satwa පැත්තේ ගියාම ඕන කෙනෙකුට බලාගන්න අපේ කොල්ලෝ කන කට්ට.

උඹලාට හැමෝම ඇවිල්ලා මෙහේ රස්සාවක් හොයාගෙන කීයක් හරි හොයා ගන්නවා නම් සතුටුයි මචන්ලා. හිතේ කිසිම කුහක කමක් නෑ අපේ එකෙක් මෙහේ රස්සාවක් හොයා ගන්නවාට. ඒත් කවිරුත් කියන පලියට Visit ගහගෙන එන්නන් වාලේ ඇවිල්ලා අමාරුවේ වැටෙන්න එපා.


මෙහේ ඇවිල්ලා අපේ කොල්ලෝ විඳින දුක දැක්කාම පට්ට දුකයි බන්. මාස තුනේ Visit එක ගහගෙන ඇවිල්ලා ඒ වෙනකනුත් රස්සා හොයාගන්න බැරුව Visit එක තවත් දික් කරගෙන මාර දුකක් විඳින්නේ ජොබ් එකක් හොයා ගන්න නැතුව. මේ කාලේ රස්සා හොයා ගන්න එක ලේසි නෑ.
අනික් ලොකුම දේ ගොඩක් එව්න් අඩුම තරමේ භාෂාවක් වත් දන්නේ නෑ.

මචන්ලා මේ දවස් වල මෙහේ පට්ට රස්නේයි. 40°C වඩා යනවා, මම මේ මැසේජ් එක දාන වෙලාවේ දැන් රස්නේ බලපන්. 42°C යි.

මෙහේ තියෙන රස්නේ එක්ක වාහනේ AC එකවත් හරියට වැඩ නෑ. එහෙම එකේ හිතපල්ලා මේ අව්වේ රස්සා හොයාගෙන මහ පාරේ ඇවිදින්නේ හිටගෙන ඉන්නේ කොහොමද කියලා. ඒ තරම් ගිණි රස්නයක් තියෙන්නේ.
අනික දැන් මෙහේ හැමදේම ගනන් ගිහින් තියෙන්නේ. තෙල් ගනන් ගිහින් තියෙන්නේ. තෙල් ගනන් ගියා කියන්නේ අනික් ඒවා ගැන කතා කරන්න ඕන නෑනේ.
ගොඩක් එව්න් සුරංගනා කතා පෙන්නලා මෙහේ එන්න කියලා කියනවා. රැවටෙන්න එපා. තමන්ට හරි සුදුසුකමක් නැතුව භාෂාවක් හරියට නොදැන ඇවිල්ලා අමාරුවේ වැටෙන්න එපා. උඹලා බලාගන්න කන්න බොන්න දෙන්න කව්රු හරි ඉන්නවා නම් අව්ලක් නෑ. ඒත් තව කෙනෙක්ට කන්න බොන්න දීලා ඉන්න දෙනවා කියන්නේත් පට්ට අමාරු දෙයක්. සමහරු ගහගෙන ඇවිල්ලා තියෙන හැටි CV දැක්කාමත් පිස්සු හැදෙනවා. නම ගම ලංකාවේ ඇඩ්රස් එක බැඳලද නැද්ද වයස උපන් දිනය O/Lකරපු එක විතරයි. වෙන කිසිම විස්තරයක් සඳහන්වෙන්නේ නෑ

අපේ රටේ එකෙක්ට හරි යනවා නම් අපිටත් සතුටුයි. මෙහේ එන්න එපා කියන්නේ නෑ ඒත් මම අර කියපු කාරනා හොඳට මතක තියා ගන්න. සුදුසුකම් නැතුව, භාෂාවක් නොදැන, මෙහේ කව්රුත් නැතුව එන්න එපා. ඇවිල්ලා බුදු කට්ටක් කන්න වෙන්නේ. එන්න කලින් දෙපාරක් හිතපල්ලා මචන්ලා.



ඩුබායි නෙවෙයි මොන රටකට යන්න හැදුවත් මේ කියපු කාරණා ගැන දැනුවත් වෙලා යන්න
Last edited: