ඩෙංගු ලොවපුරා අසාමාන්‍ය පැතිරීමක් ගැන WHO බිය පලකරයි.

kingcapton

Well-known member
  • Sep 28, 2012
    4,194
    5,322
    113
    දුර්ලභ රෝගයක් ලෙස මේ දක්වා ලෝක සෞඛ්‍ය සංවිදානය සැලකූ ඩෙංගු වැළඳීම ඉහළ යාමත් සමඟ ලෝක සෞඛ්‍ය සංවිධානය හදිසි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ .

    ඩෙංගු උණ ප්‍රථම වරට 1779 දී හඳුනා ගන්නා ලද අතර, එයින් පෙළෙන පිරිස ලේ සමග මල පිට කරන බව දන්නා කරුණකි. එය උණ, හිසරදය, මුඛයෙන් සහ නාසයෙන් ලේ ගැලීම, වමනය සහ බරපතල හෘද හා මාංශ පේශි ආබාධ ඇති කරයි.

    කනස්සල්ලට කරුණක් නම්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රවීණයන් දැන් තහවුරු කර ඇත්තේ මෙම රෝගය වැළදුණු “අනපේක්ෂිත” රෝගීන්ගේ වැඩිවීමක් ඇති බවයි. එහි ප්‍රතිඵලයක් ලෙස 2023 දී රෝගීන් මිලියන පහක එනම් “ඉතිහාසගත ඉහළ” ප්‍රමාණයක් වාර්ථා වී ඇති අතර,
    ඩෙංගු ආශ්‍රිත මරණ 5,000 ක් වි සිදුවී ඇත. රෝගීන් මිලියන 4.1 ක් පමණ ඇමරිකාවෙන් සොයාගෙන ඇති අතර ඉතිරිය අප්‍රිකාව, අග්නිදිග ආසියාව, බටහිර පැසිෆික් සහ නැගෙනහිර මධ්‍යධරණී ප්‍රදේශවලින් වාර්ථා වී ඇත.

    ප්‍රවීණයන් දැන් ගෝලීය මට්ටමේ අවදානම “ඉහළ” ලෙස සදහන් කර ඇත. එක්සත් රාජධානියේ අවසන් වරට සිදු වූ ඩෙංගු ආශ්‍රිත සිද්ධීන් 2018 දී සිදු වූ නමුත්, එම වසරෙන් පසු තවත් “විස්තීරණ දත්ත” නොමැති බව WHO තහවුරු කරයි.

    “විශේෂයෙන් ඩෙංගු රෝගය අවම සංවර්ධිත රටවල පැතිරීමේ වැඩි අවදානමක් තිබේ. විශේෂයෙන් 2023 දී එල් නිනෝ සංසිද්ධිවල ප්‍රතිවිපාක ,දේශගුණික විපර්යාස, වැඩිවන උෂ්ණත්වය සහ අධික වර්ෂාපතනය, අනෙකුත් ආර්ද්‍රතාවය නැවතත් රෝගය ව්‍යාප්ත වීමට හේතු වී ඇත. " යනුවෙන් WHO හී ප්‍රකාශකයෙක් පැවසීය.

    “මෙම සාධක වසංගතයට ප්‍රතිචාර දැක්වීමට සහ වෙනත් රටවලට ද රෝගය පැතිරීමේ අවදානමට අභියෝග කරයි. බලපෑමට ලක් වූ බොහෝ රටවල නිරීක්ෂණ පද්ධතිවල දුර්වලතා වාර්තා වීම , ප්‍රතිචාර දැක්වීම ප්‍රමාද වීම, රෝග ලක්ෂණ හඳුනා ගැනීම මඟ හැරීම වැනි දෑ ඩෙංගු රෝගයේ ප්‍රතිඵල වැඩි කිරීමට දායක වන්නට ඇති බවද WHO වැඩිදුරටත් පවසයි.
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    4,194
    5,322
    113
    ඔය හීතලට සතෙක්ට වත් ඉන්න පුලුවනෑ. කොහොම ඉන්නවද මන්ද මේ කලු මිට්ටො 🫢
    මදුරුවො ඉන්නවා රෝග බෝකරන එවුන් නෑ
     
    • Like
    Reactions: shenat