හායි මචන්ලා, අදත් වැදගත් දෙයක් අරගෙන ආවා. තෙල් පෝලිමේ ඉන්න ගමන් කරන්න වැඩකුත් නැති එකේ මේක කියවහන්. එතකොට තේරෙනවා නියමෙට. අන්තිමට තියෙන gamestop එකේ කතාවත් අනිවාර්යයෙන්ම කියවහන්. මම මෙච්චර මේ ගැන ලියන්නෙ ඇයි කියලා එතකොට තේරෙනවා.

මුලින්ම කියන්නම් උඹලට පුපෙන් හිනා වෙන්න දෙයක්. දැන් වෙද්දි ඩොලර් එකේ ඇත්ත වටිනාකම (රටේ තියෙන ඩොලර් සහ රුපියල් ප්‍රමාණය අනුව) රුපියල් 280 ක් විතර වෙන්නෙ. ඒකට හොඳට හිනා වෙලා මේ ටික කියවමු.

උඹලා දන්නවානෙ තෙල් පෝලිමේ කතාව. තෙල් නැහැ කියපු ගමන් හැම එකාම වැඩියෙන් තෙල් ගහනවා. එතකොට තියෙන තෙල් ටිකත් ඉවර වෙනවා. බවුසරේ එනකල් පෝලිම දික් වෙනවා. පෝලිමේ ඉන්න අමාරු අයට, තෙල් එන් නැති පැතිවල අයට හොර පාරෙන් කෑන් විකිණෙනවා. රටේ සාමාන්‍ය දෛනික තෙල් demand එක double විතර වෙනවා.
රටේ ඩොලර් තත්ත්වයත් ඔච්චරයි. ඩොලර් නෑ කියපු ගමන් හැමෝම අරන් පොදි ගහනවා. පුළුවන් උන් විවිධ ක්‍රමවලින් රටෙන් පන්නනවා. ඉස්සරහට වැඩි වෙයි කියලා හංග ගන්නවා. ඔය කතාවම කියලා හොර පාරෙන් අනිත් උන්ට විකුණන මාකට් හැදෙනවා. ඩොලර්වල ඉල්ලුමත් double විතර වෙනවා.
හැබැයි දවස් ගාණක් එකදිගට තෙල් එන්න ගත්තාම මොකද වෙන්නෙ? ගහනවා ගහනවා ඉවර කරගන්නත් බැරි නිසා කට්ටිය ටිකක් පෝලිමේ නොයා නිකන් ඉන්නවා. ශෙඩ්වල පෝලිම් අඩු වෙනවා. තෙල් තියෙන නිසා කෑන් විකුණන මාකට් එක නැති වෙනවා. ඒවා ටිකත් එන්න ගත්තාම කෘත්‍රිම demand එක වාශ්ප වෙලා රටේ තෙල් මුලින්ම demand එක තිබුණාටත් වඩා බැහැලා හිමීට සාමාන්‍ය අගයට settle වෙනවා.
ඩොලර් කතාවත් එච්චරයි. වෙනසකට තියෙන්නෙ තෙල් මිල demand එක නිසාම වෙනස් නොවෙන එක තමයි. ඩොලර්වලට demand ආපු ගමන් මිල වෙනස් වෙනවා. හැබැයි තනිකරම ප්‍රෝඩාවක් විතරයි. ඉස්සරහටත් ඩොලර් හිඟ වෙයි කියලා හිතාගෙන එහෙම වුණොත් එන ගණන් නියම කිරීමක් විතරයි.
ඉස්සරහට ටිකෙන් ටික ඩොලර්/යෙන් එන්න ගත්තාම ඔය විදිහටම ඒකටත් තියෙන කෘත්‍රිම demand එක බැහැලා හිමීට සැබෑ අගයට settle වෙනවා. හැබැයි තෙල් කෑන් පුරවා ගත්තු උන්ට, කෑනුත් වැඩි ගාණට අරන් පාවිච්චි නොකර පොදි ගහගෙන ඉස්සරහට විකුණන්න ඉන්න උන්ට ඕක කිව්වාම අරහන්. උන්ගෙ interest එක තියෙන්නෙ මේක කෙළවෙලාම ගිහින් උන්ට කීයක් හරි හම්බෙනකොට. අවුල කියන්නෙ උන් කොච්චර ඩෙඟා නැටුවත් යථාර්ථය නවත්තන්න බැහැ.
දැන් ඕක මතක තියාගෙන අපි රුපියල් 280 ට පුපෙන් හිනා වුණ තැනට යමු. නිකමට හිතහන් කබ්‍රාල් මේක 200 අල්ලගෙන ඉඳලා black market 260 ට විතර ගියාම අත අරින්නෙ නැතිව, ස්වාභාවික විදිහට වැඩි වෙද්දි වැඩි වෙන්න දුන්නා කියලා. කොරෝනායි, සංචාරක කර්මාන්තයයි ඔය සේරම ප්‍රශ්න නිසා ඩොලර් එක වැඩි වුණා තමයි. එහෙම වෙද්දි පුකෙන් rates අදින්නෙ නැතිව හැබෑ මට්ටමේ තියලා fix එක ටික ටික උඩට ගෙනිච්චා කියලා හිතමු.
රුපියල් 280 කියන්නෙ මම ගණනය කරාම දැන් එන්න ඕන අන්න ඒ සැබෑ ඩොලර් තිබිය යුතු අගය. මේක අපේ තෙල් උදාහරණය ගත්තොත් සාමාන්‍ය විදිහට රටේ තියෙන තෙල් demand එක කියලා ගන්න පුළුවන්. කොරෝනා සීන් එක ගලපන්න උදාහරණයක් විදිහට අලුතින් සද්ධන්ත ඩීසල් power plant එකක් ගැහුවා වගේ කියලා හිතමු. එතකොට රටේ ඩීසල් demand එක වැඩි වෙලා තෙල් demand එක සැබෑවටම වැඩි වෙනවා. දවසට ටොන් ලක්ෂයක් තිබ්බ සැබෑ තෙල් demand එක 140,000 වුණා වගේ. කොරෝනා නිසා ඩොලර් එකේ සැබෑ වැඩි වීමත් ඔහොම 200 ඉඳලා 280 වගේ වුණා. ඒක නැහැ කියන්න බැහැ. කැමති නම් අපිට ඕකට පුළුවන් organic demand කියලා.
හැබැයි දැන් ඩොලර් එක 355 හරි, සමහරු හිතාගෙන ඉන්න රු. 400, 500 හරි යන කතා තනිකරම තෙල් බෙදන්නෙ නැති කාලෙ තියෙන ප්‍රශ්නය වගේ. තෙල් නෑ කියපු ගමන් demand double වෙලා ඒ ගාණට තෙල් බෙදීමක් බලාපොරොත්තු වෙනවා. ඩොලර්වලටත් අවශ්‍ය ප්‍රමාණය වෙනුවට එක එකාට පොදි ගහන්නත් එක්ක dollar supply එකක් තියෙයි කියලා බලාපොරොත්තු වෙනවා. එහෙම නොවුණාම හිඟයි කියලා පේනවා. ඩොලර් නිසා ඒවායෙ මිලත් එහෙමම වැඩි වෙනවා.
හැබැයි මේකත් ඉතින් තෙල් බෙදන්න ගත්තාම හිමීට ඉබේම විසඳෙනවා වගේ අනිවාර්යයෙන්ම විසඳෙනවා. මොකද දැනටමත් ඔය ගන්න ඩොලර්වලින් කරන්න පුළුවන් වැඩි දෙයක් නෑ. තියාගෙන ඉන්න පුළුවන්, නැත්නම් විකුණන්න පුළුවන්. මොනවත් import කරන්නත් බෑ. කෙලින්ම දීලා යමක් ගන්න ගියත් ප්‍රශ්න එන්න පුළුවන්. හොඳම දේ මාරු කරන එක.
රටේ ඩොලර් supply එකක් නැති කතාව බයිලාවක්. (මේ කියන්නෙ සංචිත නෙවෙයි, supply එක) organic demand එක වැඩි නිසා පොඩි හිඟයක් තියෙනවා. හැබැයි වෙලා තියෙන ප්‍රධාන ප්‍රශ්නය එක එකාට ගොඩ ගහගන්නත් එක්ක ඩොලර් සපයන්න බැරි එක. ගොඩ ගැහිල්ලට (එක එකාට වගේම පුළුවන් ප්‍රමාණයක් සංචිතවලට) මුල් තැන දුන්නාම අත්‍යාවශ්‍ය දේට ඩොලර් හිඟ වෙනවා. ඔන්න ඕකයි ප්‍රශ්නය. එහෙමයි 280 තියෙන්න ඕන එක දැන් 355 වෙලා තියෙන්නෙ.
හැබැයි ඔය මාකට් එක හරි විදිහට function වෙන්න ගත්තාම ඉබේම ඕක හරි යනවා. දැන් තියෙන 280 ටම settle වෙනවා කියලා මම කියන්නෙ නැහැ. හැබැයි මම නිතරම කියපු විදිහට සැප්තැම්බර් විතර වෙද්දි ඉබේටම ඒ කාලෙ තියෙන organic demand එකේ වටිනාකම හෙවත් රු. 290-300 වගේ ප්‍රමාණයක settle වෙනවා.
ඊට පස්සෙ ඉතින් තියෙන්නෙ කබ්‍රාල් වගේ විගඩම් ප්‍රතිපත්ති ගේන්නෙ නැති බුද්ධිමත් මිනිස්සු පත් කරලා දිගටම පවත්වාගෙන යන එක තමයි.
ඉතින් එහෙම නම් මොකක්ද gamestop කතාව සහ මට මොකක්ද මෙච්චර මේක ගැන ලියන්න තියෙන පුපේ අමාරුව? උඹලා සමහරු අහලත් ඇති gamestop කියන සමාගමේ කොටස්වලට වෙච්ච දේ. කැමති නම් හොයලා බලහන්. මම මෙතන සාරාංශය කියන්නම්.
ගොඩක් broker කරන ආයතන මේ gamestop එක බංකොලොත් වෙයි කියලා ඇස්තමේන්තු කරලා ඒක කුණු ගොඩටම දාලා තිබුණෙ. පස්සෙ අඩුවට ගන්න හිතාගෙන තදබල විදිහට short sell කිරීම සිදු වුණා. ඉතින් ඒකෙ කොටස් මිල හරිම අඩු මට්ටමක පැවතිලා ඇත්තටම බංකොලොත් වෙන්න ගියා. හැමෝම කුණු ගොඩට දාපු නිසා කවුරුත් ඒ ගැන වැඩිය හොයලා බැලුවෙ නැහැ.
හැබැයි එක්තරා පුපේ අමාරුව තියෙන මනුස්සයෙක් එක එකාගෙ ඇස්තමේන්තු වෙනුවට gamestop එකේ සැබෑම financial දත්ත ටික අරගෙන research එකක් කරා. මිනිහට තේරුණේ මේක මේ කියන තරම් සවුත්තු සමාගමක් නෙවෙයි කියන එක. පොර ඕක සවිස්තරව reddit එකේ දැම්මා.
මුලින් වැඩි අවධානයක් නොලැබුණත් ටිකෙන් ටික මිනිස්සු මේ ගැන හොයලා බැලුවා. Broker ලගෙ ඇස්තමේන්තුවලට බම්බු ගහගන්න කියලා gamestop එකේ කොටස් ගත්තා. මේක මහා විප්ලවයක් බවට පත් වෙලා Wallstreet එකේ මහා පරිමාණ broker සමාගම් පවා දණ ගස්වන්න සමත් වුණා. අද gamestop එක නැවතත් ශක්තිමත්ව ඉන්න සමාගමක්.
මම මේ කියන්නෙත් නිකන්ම ඩොලර් එක තව අවප්‍රමාණය වෙනවා, රටට හෙණ ගහනවා, කෙළවෙනවා, නැතිබංගස්තාන වෙනවා කියලා කියන කතා අහන එක පොඩ්ඩක් නවත්තලා මේ ගැන හරියට හිතලා බලන්න. මේ තත්ත්වයෙන් වාසි අරගෙන ලාබ ගන්න හදන උන්ගෙ කතාවලට රැවටෙන්නෙ නැතිව රට ගැන සුබවාදීව දකින්න පටන් ගන්න.
අපි එකතු වුණොත් මේක ආපහු හරවන්න බැරි නෑ gamestop එක වගේම. මොනවා වුණත් මේක අපේ රටනෙ බං. එක්තරා පිරිසකට නිකන්ම සමාගමක් ගැන ආපු කැක්කුම අපිට අපේම රට ගැන ඇති කරගන්න පුළුවන් නේද මචං? මේ උත්සාහය උඹලා යම් පිරිසකට එහෙම හිතෙනවා දකින්නයි.
ජය වේවා එහෙනම්. කැමති නම් මේක share කරලා, copy paste කරලා වැඩි පිරිසක් අතරට ගෙනියන්න උදව් වෙයන්.

Last edited: