ඩොලර් එක 2025 මාර්තු වෙද්දි රු. 330 level එකට යනවා. හැබැයි 2022 දි වගේ කඩාගෙන බිඳගෙන යන එකක් නම් නැහැ. එ‍් නිසා ලොකුවට කලබල වෙන්න ඕන නෑ. 😍

iworld

Well-known member
  • Sep 8, 2007
    17,807
    23,337
    113
    චී ලංකාව
    හෑලි
    The Daily Show Wow GIF by The Daily Show with Trevor Noah
     
    • Like
    Reactions: Naughty_kiththa

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    10,560
    14,571
    113
    හායි මචන්ලා, අදත් වැදගත් දෙයක්. එ‍් තමයි ඉස්සරහට එන්න තියෙන රුපියල අවප්‍රමාණය.

    2022 දි ගෝටා සංචිත දිය කරලා කරපු ගොබ්බ වැඩේ නිසා 200 ට අල්ලන් හිටපු එක අත අ‍ැරලා 400 ට කිට්ටු වෙනකල් ගියා මතකනෙ. Official විදිහට රටට ඩොලර් එන එකත් සම්පූර්ණයෙන්ම වගේ නතර වෙලා උන්ඩියල්වලටම මාරු වුණා. එ‍් දවස්වල ගොඩක් උන් ඕක 500 ට, 1000 ට යනවා කිව්වා.

    හැබැයි මම fundamentals බලලා කිව්වා මතකනෙ අ‍ැත්ත අගය තියෙන්නෙ 280 කියලා. ඔව්, මම ඕක කිව්වෙ official rate එක 360 ට ගිහින්, තොපි තෙල් පෝලිම්වල දවස් ගණන් ලැගගෙන ඉද්දි, හැන්කි කාරයා ලංකාව inflation අතින් ලෝකෙ 2 කියපු දවස්වල. ගොඩක් අය මට හිනා වුණා. හැබැයි මොළේ අ‍ැති විදිහට අ‍ාර්ථිකය මෙහෙයවන්න ගත්තට පස්සෙ බොහෝ දුරට ඩොලර් එක 280-290 අතරම settle වුණා. මම දාන දාන thread එකට 280 ගැන කියපු උන් ටිකත් දැන් කටවල් වහගෙන. 🤣

    මතක් කරගන්න එ‍් thread එක.

    https://elakiri.com/threads/ඩොලර්-එකේ-හරි-ගාණ-රු-280-යි-තෙල්-පෝලිම්-තුළින්-ඩොලර්-බැසීම-දකිමු-වට්ටක්කා-කඩේ-තේරෙන්නෙ-නැති-උන්ට-තව-උදාහරණයක්.2049870/


    ඉතින් අ‍ායෙමත් මම මේ කියන්න යන්නෙ එ‍් විදිහටම රටේ අ‍ාර්ථිකයෙ fundamentals ටික බලලා ඉස්සරහට සිද්ධ වෙන්න තියෙන දේවල්. මේ political ප්‍රශ්නයක් නෙවෙයි, ලංකාවෙ අදටත් අ‍ාර්ථිකය බොහොම හොඳ විදිහට හසුරවනවා. පොඩි පොඩි ප්‍රශ්න නම් නැතිව නෙවෙයි, හැබැයි එහෙම ලොකු අවුල් මොනවත් තාම අ‍ැවිත් නැහැ.

    වැදගත්ම දේ සංචිත දිය කරලා පිස්සු නටන වැඩ දැන් හරිම අඩුයි. අනිවාර්යයෙන්ම යම් ප්‍රමාණයකට රටේ ඩොලර් rate එක බලෙන් අල්ලන් ඉන්න බවක් පේනවා, හැබැයි එ‍්ක කරන්නෙ සංචිත නාස්ති කරනවා වෙනුවට credible fix එකකින්. එ‍් නිසා එ‍්ක ලොකු අවුලක් නෙවෙයි. අනික අ‍ැත්ත rate එකත් එක්ක මහා ලොකු වෙනසක් නැති නිසා 2022 වගේ උන්ඩියල් ප්‍රශ්නයක් එන්නෙත් නෑ.

    හැබැයි දැන් තියෙන fundamentals අනුව අනිවාර්යයෙන්ම ඊළඟ මාස තුනේදි රුපියල 10% කින් අවප්‍රමාණය වෙන එක නම් අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. ගොඩක් අය හිතන වාහන ගෙන්නන එක නම් මේකට ලොකුවටම බලපාන් නෑ, හැබැයි බලපෑමක් නැත්තෙමත් නෑ. මට හිතෙන විදිහට නම් මේ වෙද්දි ලංකාවෙ Export earnings සහ Tourism earnings දෙකේ growth එකෙන් එ‍්ක කවර් වෙයි වගේ. Remittances වලින් සාමාන්‍යයෙන් රටේ fuel import cost එක එහෙම පිටින්ම වගේ කවර් වෙනවා.

    අ‍ැත්තටම කේස් එක එන්න නියමිත sovereign bond market එකෙන්. දැන් ලංකාවෙ D හෙවත් default එකෙන් අයින් වෙලා CCC+ වලට Rate කරලනෙ තියෙන්නෙ. ගොඩක් අය බලාපොරොත්තු වුණ විදිහට BB වගේ එකක් අ‍ාවෙ නැහැ. මොකක් හරි Rating එකක්, විශේෂයෙන්ම positive outlook එකක් තියෙන එක හොඳ නිසා තත්ත්වය නරකමත් නෑ. හැබැයි B ලෙවල් එකකට වඩා C ලෙවල් එක ස්වභාවයෙන්ම risky නිසා අපිට අනිවාර්යයෙන්ම පොලිය හිතපු තරම් අඩු කරගන්න වෙන් නෑ.

    ඉතින් ඉස්සරහ කාලෙ අපේ රටේ අ‍ාර්ථිකය පවත්වාගෙන යන්න වැඩි පොලියට ගන්න sovereign bond වලින් සාමාන්‍ය upward pressure එකක් එනවා. දෙයියනේ කියල සංචිත බිලියන 6 කට එහා තියෙන නිසා එ‍්ක ලොකු ප්‍රශ්නයක් නම් වෙන් නෑ. හැබැයි ක්‍රම ක්‍රමයෙන්, එ‍් කිව්වෙ මාසෙකට රුපියල් 10 කින් විතර ඩොලර් එක ඉහළ ගිහින් මාර්තු වෙද්දි 330 ලෙවල් එකට එනවා.

    මේකෙන් අනිවාර්යයෙන්ම බඩු මිලේ පොඩි වැඩි වීමක් එයි, එහෙම නොවී තියෙන්නෙ නෑනෙ. හැබැයි 10% කියන්නෙ එහෙම දරා ගන්න බැරි තරම් අවුලක් නෙවෙයි. නිතර ගන්න Consumer items ටික හිමීට 15% - 20% වගේ ප්‍රමාණයකින් වැඩි වෙයි.

    වැදගත්ම දේ Trump අ‍ාවම ඩොලර් එක සෑහෙන ශක්තිමත් වෙන්න ඉඩ තියෙනවා කියලා පෙනුණත්, ලංකාව වගේ රටකට එ‍්කෙන් වෙන බලපෑම අඩුයි. අනිත් රටවලට Tarrif වැදෙන්න ඉඩ තිබ්බත් අපි අ‍ැමරිකාවට Export කරන ඩොලර් බිලියන 1.6 ක විතර ටිකට එහෙම ප්‍රශ්නයක් එන්න ඉඩ අඩුයි. අනික ප්‍රධානම දේ තමයි ලෝකෙ පුරාම energy cost එකේ ලොකු අඩු වීමක් එයි. එ‍් නිසා අපේ රටේ තෙල් මිල ගණන් වුණත් ටිකක් පහළ වැටෙන්න ඉඩ තියෙනවා. ඉතින් Transport cost එක වැඩි නොවෙන නිසා inflation එක එහෙම නරක අතට හැරෙන්න ඉඩ හරිම අඩුයි. දිගටම single digit තියෙයි කියල හිතන්න පුළුවන්.

    ලංකාවෙ රුපියල සාමාන්‍යයෙන් කෙටි කාලයක් තුල 10% කට වඩා අවප්‍රමාණය වෙච්ච අවස්ථා කීපයක්ම මෑත ඉතිහාසයෙ තියෙනවා. 100-110 තිබිලා 130 ට ගිය එක, 130-135 තිබිලා 150 ට ගිය එක සහ 150-160 තිබිලා 180 - 200 ට ගිය එක හොඳම උදාහරණය තුනක්. එ‍් අවස්ථාවල බඩු මිලත් ටිකක් වැඩි වුණා, හැබැයි එකපාරම ගැස්සිලා යන විදිහට එ‍්ක වුණේ නෑනෙ. 2022 තමයි ලොකු ප්‍රශ්නයක් අ‍ාවෙ. මේ පාර එහෙම අවුලක් එන එකක් නැහැ.

    ඉතින් අවසන් වශයෙන් සාරාංශ කරලා කිව්වොත් ඉස්සරහට වෙන්න තියෙන දේ තමයි මාර්තු වෙනකොට ඩොලර් එක 330 සීමාවට යන එක. මාසෙකට රුපියල් 10 කින් ගාණෙ වැඩි වෙයි කියල පොදුවෙ හිතන්න පුළුවන්. හැබැයි එ‍් නිසා තෙල් මිලේ ලොකු වෙනසක් නම් වෙන් නෑ, ගොඩක් වෙලාවට තව ටිකක් විතර අඩුත් වෙයි කියල හිතන්න පුළුවන්. Import කරන බඩුවල යම් මිල වැඩි වීමක් වෙයි. කන බොන කෑම ජාතිවල මිලේ 15-20% වගේ වැඩි වීමක් වෙයි හිමින් සැරේ. පැකට් එකේ දැන් ගහල තියෙන මිල vs 2025 මාර්තුවල තියෙන මිල ගැන මේ කියන්නෙ. හැබැයි එ‍්ක 2022 වගේ අද තිබ්බ ගාණ හෙට ඩබල් වෙලා වගේ ප්‍රශ්නයක් එන දෙයක් නෙවෙයි.

    මොනවා වුණත් මේ වෙලාවෙ ඩොලර් ගොඩ ගහලා නම් මහා ලොකු ලාභයක් එයි කියල හිතන්න බෑ. විශේෂයෙන්ම උන්ඩියල් විකාර හරි, රුපියල් දීලා ඩොලර් ගන්න එක හරි වගේ ගොබ්බ වැඩ. හැබැයි ඩොලර් income එකක් තියෙනවා නම් ඉස්සරහට මාරු කරාම හම්බෙන රුපියල් ගාණෙ වැඩි වීමක් වෙයි. අ‍ාර්ථිකය සාමාන්‍යයෙන් හොඳ තත්වෙක තියෙන නිසා එ‍්කෙන් සෑහෙන ප්‍රමාණයක් රුපියල්වලට මාරු වේවි. ඉතින් අර 2022 වගේ විකාරයක් එන්න ඉඩක් නෑ.

    ඕක තමයි කතාව. මේකත් හරිද වැරදිද කියලා අපි 2025 මාර්තු වලදී බලමු. 😊

    ඉන්ද්‍රජිත් ගමගේ.
    උඹේ අම්මගෙ හුත්ත තමා අවප්‍රමානෙ වෙලා තියෙන්නෙ
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    8,934
    4,427
    113
    -In Darkness-
    මූ මොකක්ද ප්‍රෙඩික්ට් කරන්නේ ඒකේ අනික් පැත්ත තමයි අනිවාර්යෙන්ම වෙන්නේ. මුගෙයි තිස්ස අත්තනායකගෙයි ලොකු නෑකමක් තියෙනවා ශුවර් එකට :rofl:
    මේවා මේ පුරුදු වෙන්න කියන ඒවා නෙමෙයි :rolleyes:
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    4,252
    4,271
    113
    ulan bator
    2024 September US FED Rate CUT
    Trump Traffies weakling US Economy

    me deka nisa yantham 300 allan inne. me masa thawa rate cut ekak enna thiyenawa! balamu
     

    Similar threads